Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජන්ම දිනයෙන් කියැවෙන ඔබේ ගතිගුණ

1 year ago 7 Min read
Subha.lk

✒ දෙසැම්බර් 19

දෙසැම්බර් දහනමවැනි දින උපත ලැබූ අයගේ චෛතසික අංකය අංක එක ලෙස හැඳින්වේ. මෙම අංකය රවිගේ පාලනයට අයත් අංක එක සහ කුජගේ පාලනයට අයත් අංක නවය එක්වීමෙන් සකස් වී තිබේ. මේ අනුව දෙසැම්බර් දහනව වැනි දින උපත ලැබූ අයට හිමි අංක එක ඉතා වාසනාවන්ත අංකයක් ලෙස සැලකේ. රවි සහ කුජගේ මිත්‍රශීලිත්ව මත මෙදින උපත ලැබූ අයගේ රවි හෝ කුජ බලවත් ලෙස සිටී නම්, එම ජන්මීන්ට සතුටින් යුතුව තම ඉලක්ක සපුරාගත හැකි අවස්ථා උදාවේ. 

එහෙත් කුජ ග්‍රහයාගේ බලපෑම බලවත් ලෙස පවතී නම්, එවැන්නෝ ක්‍ෂණිකව කෝපවීමෙන් පවුල් ජීවිතයේ ගැටලු නිර්මාණය කරගනී. ඥාතීන් සමඟද මිත්‍රශීලී නොවන අතර, මොවුන්ට හවුලේ කටයුතු කිරීම අපහසුවේ. රවි ග්‍රහයාගේ බලවත්වීම මත උසස් තනතුරුවලට පත්වීමත්, රාජකාරි කටයුතු අවංකව ඉටු කිරීමත් නිසා සිය උත්සාහය තුළින් දියුණුවීමට හැකිවේ. ලෞකික වශයෙන් භෞතික සම්පත් උපයා ගැනීමට දක්ෂවන අතරම, සුඛෝපභෝගී ලෙස ජීවත්වීමේ වාසනාව උදාකර ගනී

 

✒ දෙසැම්බර් 20

අංක දෙක සහ බිංදුව යෝගවීමෙන් නිර්මාණය වූ දෙසැම්බර් විසිවැනි දින උපත ලැබූ අයගේ බලවත් අංකය වන්නේ ස¾දු ග්‍රහයා නියෝජනය කරන අංක දෙකවේ. ස¾දුට හිමි චංචලත්වය මෙම ජන්මීන් තුළින්ද විද්‍යමානවේ. එනිසා මෙදින උපත ලැබූවන් ඉවසීමෙන් තොරවූ, අන් අය කෙරෙහි සැක උපදවන, ක්‍ෂණික වෙනස්වීමේ ගති පැවතුම් වලින් යුක්ත අය වෙති. හැඟීම්බර, සංවේදී අය වෙති. ඕනෑම කටයුත්තකදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වෙන අතර, අනුකම්පා සහගත, කාරුණික බව මොවුන් තුළ විද්‍යමානවේ.

ස¾දුගේ චංචලත්වය අනුව යමක් පිළිවෙළට කිරීමේ පුරුද්දක් නොමැති නිසා ඕනෑම කාර්යයක් නියමිත වෙලාවට ඉටු කිරීමට නොහැකිවීම මොවුන් තුළ පවතින දුර්වලකමකි. මෙම හේතුව මත සෑම මොහොතකම පාහේ කලකිරීමෙන්, සාංකාවෙන් සිටීම මොවුන් තුළ පවතින දුර්වල ලක්‍ෂණයකි. පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් පිළිබඳ වැඩිසැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් පවුල් ජීවිතය එතරම් සාර්ථකත්වයට පත් නොවේ. යහපත් මානසිකත්වයක් ගොඩනඟා ගැනීම සඳහා මෙදින උපත ලැබූවන් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු විය යුතුය. 

 

 

✒ දෙසැම්බර් 21

දෙසැම්බර් විසිඑක්වැනි දින උපත ලැබූ අයගේ චෛතසික අංකය වූ අංක තුන වඩා බලවත් ලෙස පවතී. ගුරු ග්‍රහයාගේ නියෝජනය අංක තුනට හිමිවන අතර, රවි සහ ස¾දු යන ග්‍රහයන්ට වඩා ගුරු ග්‍රහයාගේ බලපෑම මෙදින උපත ලැබූ ජන්මීන් වෙත හිමිවේ. මෙවැන්නෝ උනන්දුවෙන් කටයුතු කරන ක්‍රියාශීලී අය වෙති. ස්වාධීන වූත්, වෙහෙස වී කැපවීමෙන් වැඩ කරන, ආත්ම විශ්වාසයෙන් යුක්ත, විනයගරුක පුද්ගලයන් වෙති. ඒ නිසාම මොවුන් අන් අයගේ ප්‍රසාදයට පත්වේ.

අපේක්‍ෂා සහගතවීම නිසා තම ඉලක්ක සපුරා ගැනීමේදී අභියෝගවලට නොබියව මුහුණ දෙති. සහයෝගයෙන්  වැඩ කරනවාට වඩා තනිවම වැඩ කිරීම නිසා තමාට වඩා පහළ සේවකයන් සමඟ සුහදශීලී නොවේ. ආගමික කටයුතුවලදී පවතින නම්‍යශීලී ගුණය මත ආධ්‍යාත්මය දියුණු කිරීමේ වාසනාව හිමිවේ. පවුලේ සහ ඥාති හිත මිත්‍රාදීන් සමඟ සුහදශීලි ලෙස කටයුතු කිරීමටත් දුක්බර අවස්ථාවලදී උදවු කිරීමටත් පෙලඹීම මොවුන් සතු යහපත් ගුණාංගයකි.

 

✒ දෙසැම්බර් 22

අංක දෙක ස¾දු ග්‍රහයාගේ නියෝජනයට අයත්වන නිසා දෙසැම්බර් විසිදෙවැනි දින උපත ලැබූ ජන්මීන්ගේ චෛතසික අංකය හතරවැනි අංකයට හිමිවේ. අංක හතරේ අධිපති ග්‍රහයා රාහු ග්‍රහයාවේ. ඒ අනුව ස¾දු ග්‍රහයාගේ සහ රාහු ග්‍රහයාගේ ගති පැවතුම් මෙදින උපත ලැබූ ජන්මීන් කෙරෙහි බල පවත්වයි. මොවුන්ගේ උත්පත්ති කේන්දරයේ රාහු ග්‍රහයා සමඟ ස¾දු යෝගවී සිටී නම් එවැන්නෝ දුර්වල මානසිකත්වයකින් යුක්ත අයවේ. නිර්භීත ගතිගුණ නොපවතින අතර, හැඟීම්බර වීම හේතුවෙන් බුද්ධිමත් තීරණ ගැනීමට පෙලඹවීමක් ඇති නොවේ.

අයහපත් කර්ම විපාක දීමේ ප්‍රවණතාව තුළ මහන්සිවෙන ප්‍රමාණයට ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවේ. ප්‍රශ්න නිරාකරණයේදී බුද්ධියට වඩා හැඟීමට අනුව කටයුතු කිරීමට ඉදිරිපත් වීමෙන් විප්ලවවාදී ක්‍රියාවන්ට යොමුවීමත්, ක්‍ෂණික තීරණ ගැනීමත්, කලබලකාරී අවස්ථා නිර්මාණය කර ගැනීමටත් එළඹේ. මෙවැනි හේතු මත අනුන්ගේ රැවටීම්වලට හසුවීමෙන් නීති විරෝධී 

කටයුතුවලට පවා හසුවීමට ඉඩ තිබේ.

 

✒ දෙසැම්බර් 23

ස¾දු ග්‍රහයාට හිමි අංක දෙක සහ ගුරු ග්‍රහයාට හිමි අංක තුන යෝගවීමෙන් උත්පාදනය වූ විසිතුන්වැනි දින උපත ලැබූ ජන්ම ලාභීන්ගේ වඩා බලවත් ග්‍රහයා ලෙස ගුරු ග්‍රහයා හැඳින්වේ. දෙසැම්බර් මාසයට අදාළ අංක වූ එක සහ දෙකෙහි එකතුවත් අංක තුනවීම මීට හේතුවේ. මොවුන්ගේ චෛතසික අංකය අංක පහ වන අතර, එම අංකය බුධ ග්‍රහයාගේ පාලනයට අයත්වේ. මෙවැනි සංයෝග සහිතව මෙදින උපත ලැබූ ජන්මීන් හොඳ බුද්ධිමතුන්වේ. 

ඔවුන් සතු බුද්ධිමත් භාවය මත තම වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමේ උපාය මාර්ග හොඳින් අවබෝධ කර ගනිති. ක්‍ෂණික කෝපයෙන් නොසන්සුන් බවට පත් වුවත් එම තත්ත්වයන් තමාගේ ඉදිරි ගමනට බාධා නොවන අයුරින් හැසිරවීමේ හැකියාව මොවුන් තුළ පවතී. උපක්‍රමශීලි ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව විශේෂ ගුණාංගයකි. තම ගෞරවය සහ කීර්තිනාමය ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කිරීම මොවුන් තුළ පවතින විශේෂත්වයකි. ප්‍රජාව වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ඇති කැමැත්ත හේතුවෙන් මහජනතාව අතර ප්‍රසිද්ධියට පත්වේ.

 

✒ දෙසැම්බර් 24

සිකුරු ග්‍රහයාගේ පාලනයට අයත් අංක හය මෙදින උපත ලැබූවන්ගේ චෛතසික අංකය වන අතර, මොවුන්ගේ උපන් දිනය අංක දෙක සහ අංක හතර යෝග වීමෙන් නිර්මාණයවේ. සිකුරු ග්‍රහයා නැඟෙනහිර අහසේ උදා කාලයේ බබළන තාරකාවක් ලෙස සැලකෙන අතර, මෙදින උපන් ජන්මීන් වාසනාවන්තයන් ලෙස හැඳින්වේ. මුදු, මොළොක් සිතුවිලිවලින් යුක්ත, ආදරය, දයාව, කරුණාව හිමි මනුෂ්‍යත්වය මොවුන් තුළ පවතින විශේෂ ලක්ෂණයකි. 

මෙදින උපත ලැබූ ජන්මීන්ගේ ජන්ම පත්‍රයෙහි සිකුරු ග්‍රහයා දුර්වල වී රාහු ග්‍රහයා බලවත්වී සිටියහොත් එම ජන්මීන් ක්‍රියාශීලී බවින් යුක්ත අය වෙති. එසේ වුවද ඉලක්ක ගත අරමුණු කරා ළඟාවීමට වඩා දැඩි වෙහෙසක් විඳිමින් කටයුතු කිරීමට පෙලඹේ. වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට මෙම චරිත ලක්ෂණ බාධාවක් වන හෙයින් ජීවිතය පුරාවටම මානසික පීඩාවන්ට ගොදුරුවේ.

 

✒ දෙසැම්බර් 25

අංක දෙක හිමි ස¾දු ග්‍රහයාට සතුරු ග්‍රහයෙක් වූ බුධ අංක පහ නියෝජනය කරයි. මෙදින උත්පත්තිය ලැබූවන්ගේ ජන්ම දිනය අංක දෙක සහ අංක පහ සංයෝගයෙන් නිර්මාණයවේ. ඥානකාරක ග්‍රහයෙක් ලෙස හ¾දුන්වන බුධ ග්‍රහයා මෙදින උපන් ජන්මීන්ගේ ජන්ම පත්‍රයෙහි බලවත් වී සිටියහොත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සමත්වේ. අංක දෙක සහ අංක පහ සංයෝග වීමෙන් උත්පාදනය වන අංක හත කේතු ග්‍රහයාට අයත් වන අතර, එම ග්‍රහයාගේ බලපෑමට අනුව ආගමික සහ ආධ්‍යාත්මික වශයෙන් දියුණුවීමේ හැකියාවක් මෙම ජන්මීන්ට තිබේ. 

ස¾දු ග්‍රහයාටත් බුධ ග්‍රහයාටත් වඩා කේතු ග්‍රහයා බලවත්වී සිටියහොත් මොවුන්ගේ චෛතසික අංකයෙහි බලය ක්‍රියාත්මක වීමට පටන්ගනී. එවැනි ජන්මීන් චිත්‍ර ශිල්පීන්, කවියන්, කලාකරුවන් මෙන්ම හොඳ චින්තකයන් වීමට හේතුවේ. වාද විවාදවලදී ජයග්‍රහණය කළ හැකි දක්‍ෂ කථිකයන්ට චෛතසික අංකයේ බලපෑම වාසිදායක තත්ත්වයන් ළඟාකර දීමට සමත්වේ.

 

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ (19/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk