Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නව වසර සරු කරගන්න ඉපැරැණි බලවත් ආශීර්වාද මාලා දාම ශාන්තිය

1 year ago 7 Min read
Subha.lk
2022 වසර ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදා වෙන්න තව තිබෙන්නේ දින කිහිපයක් පමණයි. මේ වසරේ සිදු කර ගත්තා වූ ප්රධාන කාරණාවන් වගේම ඉදිරි වසරේදී සිදු කර ගන්නට බලාපොරොත්තු වන්නා වූ මහත් වූ කටයුතු සමූහයක් මේ වන විටත් ඔබේ සිත් තුළ පවතිනවා ඇති. සමස්තයක් වශයෙන් ගත් කල 2022 වසරේදී, වසර ආරම්භයේදී නොසිතූ බොහෝ දේට වසර පුරා මුහුණදෙන්නට වගේම අත්විඳින්නට සිදු වුණා. සත්ය ලෙසින්ම කිවහොත් මේ වසර ගෙවී යන මොහොතේදී පවා ඒවායේ අශුභ බලපෑම තුරන් වී ගොස් නැහැ. ඇතැමුන් මහා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වුණා. තවත් සමහරුන්ගේ අහස උසට නැඟි ව්යාපාර බුන්වත් වුණා. ණය නැති අය පවා ණයකාරයන් බවට පත්වුණා. ගොවිතැන් බත පාළු වුණා. ඇතැමුන් එදා වේල පවා සරි කර ගත්තේ බොහෝම අමාරුවෙන්. එපමණක් නොව ඇතැම් බලවතුන්ගේ නම්බු නාම – තානාන්තර පවා නැති වී, ගිලිහී ගියා. ලැබීම නොලැබීම මෙසේ කවරාකාර වුවත් බොහෝ දෙනෙක් තම ස්වෝත්සාහයෙන් දිවිය සවි කර ගත් ආකාරයන්ද නැත්තේ නොවේ. ගතින් සිතින් සවිමත් ඔවුන් මොන ආකාරයෙන් හෝ නොවැටී උසස් දිවියකට හිමිකම් පානා අයුරින් අන් සියලු දෙනාද බලවත් වී ශක්තිමත් විය යුතුමය. නව වසරක් උදා වන මොහොතේ අපද තරුපති තුළින් ප්රාර්ථනා කරන්නේ මෙයයි. ඉතිං මෙවන් ආකාරයෙන් නව වසරකට එළැඹෙන මොහොතේ කාගේත් අභිප්‍රාය වන්නේ ලබන්නා වූ නව වසර ගැටලුවකින් තොරව යහපත්ව, නිරෝගීමත්ව සහ සුවසේ ගත කිරීමට ඉඩ සලසා ගැනීමටයි. මෙම කාරණාව මුදුන්පමණුවා ගැනීමේ අරමුණින් මේ වන විටත් පෙළගැසී සිටින ඔබව මෙවරද තරුපති අමතක කළේ නැත. මෙතෙක් දිවියේ පැවැති බොහෝ දුක්ඛ-ෙදා්මනස්සයන් තුරන් කොට දියුණුව, යහපත ළංවී, නව වසරේ ශ්‍රියාව ළං කරගෙන ඔබටත් වගේම නිවෙසටත්, රටටත් සෙත සැලසෙන ආකාරයේ ඉපැරණි කෙම් ක්‍රමයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නේ සතුටිනි. මේ කටයුත්ත සඳහා කල්තියා පහත දේ පවිත්රව සූදානම් කර ගන්න. සූදානම් කළ යුතු දේ – 01.වරුවකට පෙර නෙළා ගත් පිරිසුදු පුවක් මලක්, 02. තුන්පට කපු නූල්, 03.අබතෙල් පහනක්, 04. සුවඳ දුම් / හඳුන්කූරු, 05. හොඳින් මේරූ අඹ කොළ 7ක්, 06. සමන් පිච්ච මල් , 07. කෙසෙල් දල්ලක්, හරියටම ජනවාරි පළමු දින ඉරිදා හිරු උදාව සිදු වන පෙරවරු 06.22 මොහොතට පැය භාගයකට පෙරාතුව නිවෙසේ පවිත්‍රභාවය උසස් ලෙස ආරක්ෂා කර ගනිමින්, නිවෙස තුළ හොඳින් වාතාශ්රය ලැබෙන තැනක නැඟෙනහිර හෝ ඊශාන දිශාවට යොමු වන ලෙසින් අඩි තුනක් පමණ උස අසුනක් මත පිරිසුදු කෙසෙල් දල්ලක් එළා ඒ මත අබ තෙල් පහනක් දල්වා සමන් පිච්ච මල් අසුරන්න. පසුව සුවඳ දුම් හා හඳුන්කූරු දල්වා තෙරුවන් වැඳ ආශීර්වාද ගන්න. දැන් පිරිසුදු පුවක් මල් කොපුවෙන් පිටතට ගෙන, තරමක කිනිති වන ආකාරයෙන් ප්‍රවේශමෙන් ගලවා ගන්න. පසුව තුන් පට නූලද එක් අතකට ගෙන පුවක් මලේ කිනිති එක බැගින් ගෙන එක් කොණක සිට අනෙක් කොන දක්වා ප්‍රවේශමෙන් වෙළන්න. වෙළුම අවසන් වන තැනේදී නැවතත් තවත් පුවක් මල් කිනිත්තක් සම්බන්ධ කොට නැවතත් දිගින් දිගටම වැලක් මෙන් සම්බන්ධ කොට ගන්න. මෙසේ අඩි හතක් දිග වන ආකාරයෙන් මෙම දාමය සකස් කර ගනිමින්, අවසානයේ අඹ කොළ හතද ගෙන සකසන ලද මාල දාමයේ සමාන්තරව බෙදී යන ආකාරයෙන් පහළට සිටින ලෙසින් හා නොවැටෙන ලෙසින් තුන්පට නූල් ආධාරයෙන්ම අඹ පත්ර පෙර කී පරිදි, සකසන මාලා දාමයට සම්බන්ධ කර ගන්න. මෙය ඉර උදාව සිදු වන මොහොකට පෙරාතුව මිනිත්තු 30ක් අතරතුර කාලයේදී අනිවාර්යයෙන්ම සකසා ගත යුතුය. දැන් නියමිත වේලාවේදී එනම් සූර්ය උදාවේදී මෙම සකසා ගත් බලවත් මාලාදාමය අටවිසි පිරිත සජ්ජායනා කරමින් නිවෙසට ප්‍රවේශ වන ප්‍රධාන ද්වාරයේ ඇතුළු පැත්තෙන් ඉහළින් රැඳවීම සිදු කරන්න. (දෙකෙළවරින් ගැටගසන්න) මෙය ඉතා පැරණි බලවත් කෙම් ප්‍රතිකර්ම යටතටද ගැනෙන ශාන්ති කර්මයකි. නිවෙස්වල අශුභ ෙදා්ෂ, අමනුෂ්ය බලපෑම, රෝග ෙදා්ෂ, ඇස්වහ – කටවහ වගේම දියුණුවට පවතිනා බාධා දුරුව යෑමටත් මඟ සැලසෙන්නකි. ජනවාරි පළමු වන දිනෙන් පසුව උදා වන සත් වැනි දිනේදී උදේ හිරු නැඟෙන්නට පෙරාතුව මෙම මාලා දාමය ගලවා ගසාගෙන යන ජල පහරකට දමා ෙදා්ෂ භංග කරන්න. ඹබටත් – නිවෙසටත් මෙතුළින් බලවත් ආශීර්වාදයක් නිතැතින්ම සැලසෙනවා සත්‍යයි. 2023 නව වසර ඔබටත් රටටත් සියලු සෞභාග්ය සපිරි ශුභ වසරක්ම වේවා! තෙරුවන් සරණයි!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk