Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2023 නව වසරට කිරි ඉතිරෙන සුබ නැකැත්

1 year ago 7 Min read
Subha.lk
කිරි ඉතිරවීම සඳහා සුබ නැකැත - දෙසැම්බර් 31 වැනි සෙනසුරාදා මධ්යම රාත්‍රිය ගෙවී 2023 නව වසර උදාවන නිමේෂය ලෝකවාසී ජනතාව ඉමහත් උදේ‍යාගයෙන් සමරති. රාත්‍රි 12ට දවස උදාවූයේ බටහිර ක්රමයටය. ජේ‍යාතිෂයට අනුව දවස උදාවන්නේ හිරු උදාවීමත් සමඟය. මේ අනුව 2023 ජනවාරි 1 වැනිදා ඉරිදා උදෑසන 6.22ට සිදුවන හිරු උදාවත් සමග නව වසර උදාවෙයි. එදින දුරුතු මස පුර දසවක නම් තිථිය ලත් ඉරු දිනයි. අස්විද නැකැතත් ශිව යෝගයත් උදාව පවතින එදින පෙරවරු 6.35ට නැඟෙනහිර දිසාව බලා ළිප් බැඳ කිරි ඉතිරවීම මැනවි. එදින තත්කාල ලග්නය ගුරුට හිමි ධනු රාශියයි. ඒ අනුව මුහුර්ත පංචකය 3 බලවෘද්ධි යෝගයයි. අරඹන කටයුතු සාර්ථක කරයි. රවි හෝරාවේ චන්ද්ර පංචම කාලයයි. එදින තත්කාලය පරිදි සිකුරු හා සෙනසුරු දෙදෙනාගෙන් සුපිරි ධන යෝගයක් උදාව පවතී. මෙම නැකැතට උපදින දරුවකු ධන කුවේරයකු බවට පත්වනු ඇත. ගුරුගෙන් ගුරු හංස යෝගය නම් පංච මහා පුරුෂ යෝගයද උදාව පවතී. ආධ්‍යාත්මික ගුණ දෙන තමුන් හා සිටින්නන්ට පවා යහපත සදන යෝගයකි. රැකියා සඳහා පිටත්ව යෑමට සුබ නැකැතක් - නව වසර උදාවනදා ඉරිදා දිනයක් බැවින් රැකියා සඳහා නිවෙසින් පිටත්ව යෑමට ජනවාරි 02දා යොදාගැනීම යහපත් වෙයි. ජනවාරි දෙවැනිදා සඳුදා පෙරවරු 7.22ට නැඟෙනහිර දිසාව බලා පිටත්වීම මැනවි. චන්ද්ර හෝරාවේ සිකුරු පංචම කාලයත් සිකුරු හිමි බෙරණ නැකැතත් උදාව ඇති එදින දුරුතු පුර එකොළොස්වැනි තිථිය නන්දා තිථිය බැවින් ඉතා සුබයි. එදින රාහු කාලය 7.53න් ආරම්භව 9.23ට අවසන් වේ. එදින චක්‍රවාක මුහුර්තය උදාව ඇති බැවින් කීර්තිය, ප්‍රසිද්ධිය බලාපොරොත්තු සපලවීම ආදී යහපත උදාවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk