Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ළඟ ළඟම එන 2023 රටට කොහොමද?

1 year ago 7 Min read
Subha.lk
2022 වසර ජනතාවට සියලු අතින් පීඩාකාරී, වසරක් වෙමින් විවිධ තාඩන පීඩන, ලෙඩ රෝග, වසංගත රෝග, ආර්ථික ප්රශ්න, ජීවන වියදම් ප්රශ්න මෙකී නොකී මහත් කරදරකාරී, වේදනාකාරී පෝලිම්වල නිදි මරමින් ගෙවූ වසරක් ලෙසින් මහජනතාවගේ අරගල, ප්රකෝපකාරී දුක් කඳුළු පිරුණු වසරක් ලෙසට ගෙවී යයි. පසුගිය වසර දෙස ආපසු හැරී බැලීමට තරම්වත් සිත් නොයෙදෙන වසරක් ලෙසට මෙය කොටින්ම හඳුන්වා දිය හැකිය. මහත් බලාපොරොත්තු ඇතිව තම තමන්ගේ සුඛවිහරණය පිණිස ජනතාව බලා සිටින්නේ අනාගතය දෙස දෙඇස් දල්වාගෙනයි. ඉතින් එම සියලු අපේක්ෂා ඉටු විම පිණිස ප්‍රාර්ථනා පෙරදැරිව නව වසරට පිවිසෙන ඔබට 2023 වසර පිළිබඳ ජේ‍යාතිෂය තුළින් සහනයක් වේදැයි බලමු. 2022 වසර ගෙවී යන්නේ සෙනසුරාදා දිනකිනි. 2023 වසර ඉරිදා දිනය ලෙසින් රාත්‍රි 12.00ට පෙර එන රවි හෝරාවේ බුධ පංචමද ශනි සූක්ෂ්මද යෙදී මෙම අවස්ථාවේ කන්‍යා ලග්නයද වෘෂභ නවාංශකයද තත්කාල ලග්නය ලෙසට පවතී. දුරුතු පුර දසවක තිථියද විස යෝගයක් ලෙසින් සැලකෙන පරිග යෝගයද යෙදේ. සදු අස්විද නැකැතේ දෙවැනි පාදය විය. සදු රාහුගෙන් පීඩා විය. සදු කේන්දරයේ 8 වැන්නේ විය. ලග්නාධිපති වක්ර ගමනේ යෙදෙමින් ෙදාළොස්වැන්න අධිපති රවි සමඟ සංයෝගව සිවුවැන්නේය. රවි 22 වැනි දෙර්කාණාධිපති බව පෙනේ. ශනි, සිකුරු මකර රාශියේ සංයෝගව කේන්දරයේ පස් වැන්නේය. බාධක ගුරු මීන රාශිගතව ලග්නයට දෘෂ්ටි හෙළමින් ගමන් කෙරේ. කුජ වෘෂභ රාශිගතව නව වැන්නේය. තත්කාල කේන්දරයේ රාජ්‍යකාරක රවිද කුජගෙන් පීඩා විඳී. සදුද රාහුගෙන් පීඩා විඳී. මේ අනුව රජය සහ ජනතාවද ඉදිරියටත් පීඩා විඳින බවට එය හේතු වනු ඇත. කුම්භ ලග්න ලංකා කේන්දර සටහනට අනුව දැනට පවතින රාහු මහ දශාව 2035 වන තුරු පවතින බව පෙනේ. මේ අනුව දැනට රාහුගේ ශනි අතුරු දශාව පවතී. රාහු සහ ශනි පාප ග්‍රහයන් නිසා මිනිස් සිත් සතන් තුළ රජය කෙරෙහි පවතින පාපකාරී සිතිවිලි තවදුරටත් පැවැතිය හැකි වේ. මේ නිසා ජනතාව බලාපොරොත්තු වන සහනයන් වෙනුවට අසමඟි තත්ත්වයන්ද පෙන්නුම් කෙරේ. කුම්භ ලග්න ලංකා කේන්දරයේ ශනි ෙදාළොස්වැන්නේ යමින් බාධක සිකුරුගෙන් සංයෝගය එයට හේතුවනු ඇත. 2023 වසර තුළ පූර්ණ සූර්යග්‍රහණයක්ද වලයාකාර සූර්යග්‍රහණයක්ද චන්ද්‍රග්‍රහණයක්ද අර්ධ සූර්යග්‍රහණයක්ද සිදුවීමට නියමිතය. ඒ අතරම වලයාකාර සූර්යග්රහණය අප රටට සෘජුවම බල නොපෑවද අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවට තදබල ලෙසම බලපෑම් ඇති කරන රටවල් වේ. රවි සහ සදු යන ග්‍රහයන් දෙපළගේ පීඩා වීම තුළ රටේ විදුලි අර්බුද පැවැතීමට හේතුවක් වේ. 2023 වසර වර්ෂාපතනය අඩු වසරකි. 2023 මාර්තු 17 සිට 2023 මැයි 15 අතර කාලය තුළ බුධ වක්රව ගමන් කරන බැවින් උගතුන්, බුද්ධිමතුන්, බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට පීඩාකාරී බවක් පෙනෙන්නට තිබෙන අතර පාසල් ශිෂ්‍යයන්, කුඩා දරුවන්ට වයිරස් රෝගද හමේ රෝගී තත්ත්වයන්ද ව්‍යාප්ත වන බව පෙනේ. මාධ්ය ආයතනවල පවතින සමඟිය නිසා ජනතාවට ඒවා කෙරෙහි පවතින විශ්වාසය වැඩි වේ. මාධ්ය ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇතිවෙයි. කෘෂිකර්මාන්තයට අවැසි සහනාධාරය වරින් වර අඩු වැඩි විය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පිල් මාරු ආදියටද ඉදිරියේදී ඉඩ තිබේ. සෞඛ්ය ක්ෂේත්රයටද එතරම් යහපතක් නොවේ. ඒ අතරම ඔෟෂධ හිඟ වීම, ඒ වගේම ඔෟෂධ මිල ගණන් අධික වීම නිසා ජනතාව විශාල වශයෙන් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ. ජනතාව විදෙස්ගත වන ප්‍රවණතාව වැඩිවේ. රටේ පවතින මෙම ප්‍රශ්න, අර්බුද තවදුරටත් මේ අයුරින් ඉදිරියට යනවා මිස මේවා අඩුවන බවක් නොපෙනෙන නිසා ඉදිරි වසර පුරාම ජනතාව උත්සාහයෙන් යුතුව අධිෂ්ඨානයෙන් යුතුව තම තම නැණ පමණින් කටයුතු කරමින් ජීවන සටනට මුහුණ දිය යුතුව ඇත. 2023 අප්‍රේල් 20 සූර්යග්‍රහණයෙන් පසු පවතින රජයට අසුබ බවක් මෙන්ම පවතින රජය බිඳ වැටීම්වලට පවා ඉඩ ඇත. නීතිය ස්වාධීන වෙයි. ප්‍රබලයන්ට නීතියෙන් දඬුවම් ලැබෙන කාලයක්ද වෙයි. ලෝකායන ජේ‍යාතිෂය දෙස බැලීමේදී ලොව ප්‍රබලයන්ට තනතුරු අහිමිවන වසරක්ද වේ. කෙසේ වෙතත් අපි ප්‍රාර්ථනා කරන්නේ පොදුවේ සියලු ජනතාවට 2023 වසර සෞභාග්‍යවත් වාසනාවන්ත නිරෝගීසම්පන්න වසරක් බවට පත්වේවායි යන්නයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk