Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අවුරුද්ද අන්තිමට ලග්නයට අනුව ලැබෙන සුබ අසුබ පල මෙන්න

1 year ago 7 Min read
Subha.lk
මේ වසර අවසන් වීමට ඉතිරිව ඇත්තේ මාස දෙකකට නොඅඩු කාලයක් වුවද වසරේ අවසාන දින කිහිපය වඩාත් ඵලදායක ලෙස ගත කිරීමට එක් එක් ලග්න හිමියන් දැනුම්වත් කිරීම සිදු කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඉදිරි කාල සීමාව සැලකීමේදී සමස්ත ග්රහ ගෝචරවලට අනුව මේෂ ලග්න හිමියන්ට යම් යම් අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද ඒවායෙන් ජය ලැබීමට භාග්යය උදා වනු ඇත. කෙසේ වෙතත් ලබන වසරේ ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින සති කිහිපය තුළ ඔවුන්ට රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් සෙමින් සහ ස්ථාවරව ඇති වන බාධා පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ මඳක් සැලකිලිමත් විය යුතුය. වෘෂභ ලග්න හිමියන්ට ඉදිරි සති කිහිපය තුළ සැලකිය යුතු ගැටලු කිසිවක් පෙන්නුම් නොකළද වෘෂභ ලග්නය හිමි ව්යාපාරිකයන් තම ව්යාපාරික කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කිරීමෙන් ඵලදායක ප්රතිඵල ලබා ගත හැකිය. මිථුන ලග්න හිමියන්ට සහ මකර ලග්න හිමියන්ට 2023 වසරේ ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින සති කිහිපය බෙහෙවින් තීරණාත්මක වෙයි. විශේෂයෙන් ඔවුන්ට 2023 වසරේ ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින සති කිහිපය තුළ අභියෝග සහ බාධා වලට ඉඩකඩ ඇතද යම් ජයග්රහණයකට ද ඉඩකඩ ඇත. එහෙත් එම ජයග්රහණය ලැබෙන්නේ සුළු හෝ අඩු පාඩුවක් සහිතව විය හැකි අතර, ඔවුන් 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින සති කිහිපය තුළ අසනීප, අනතුරු සහ රැවටිලිවලට හසු වීම පිළිබඳ ද බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. එමෙන්ම විශේෂයෙන් මිථුන ලග්න හිමියන් සහ මකර ලග්න හිමියන් 2023 වසරෙහි ජනවාරි 17 ආශ්රිත දින කිහිපය තුළ වෙනදාට වඩා පරීක්ෂාකාරීව කාලය ගත කිරීම නුවණට හුරුය. කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් ද 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා ආශ්රිත දිනවල වෙනදාට වඩා බෙහෙවින් පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය. තවද සමස්ත ග්රහචාරවලට අනුව කටක ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට 2023 වසරෙහි ජනවාරි 17 වැනිදායින් පසු බෙහෙවින් ආන්දෝලනාත්මක කාලයක් උදා වන බව පෙනේ. එනම්, 2023 වසරෙහි ජනවාරි 17 වැනිදායින් පසු කටක ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට විශාල අභියෝග සහ විශාල බාධා පෙන්නුම් කළද විශාල ජයග්රහණයකට ද ඉඩකඩ ඇත. එහෙත් එම ජයග්රහණ ලැබෙන්නේ සුළු හෝ අඩුපාඩුවක් සහිතව විය හැකිය. කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් 2023 වසරේ ජනවාරි 17 වැනිදායින් පසු අසනීප, අනතුරු, රැවටිලිවලට හසු වීම පිළිබඳ ද වෙනදාට වඩා බෙහෙවින් පරික්ෂාකාරීව කාලය ගත කළ යුතුය. එමෙන්ම සමස්ත ග්රහ ගෝචරවලට අනුව ධනු ලග්න හිමියන් ද 2023 වසරේ ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින සති කිහිපය තුළ තරමක් දුරකට හෝ පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතු අතර විශේෂයෙන් ජනවාරි 17 වැනිදා ආශ්රිත දිනවල වඩාත් පරීක්ෂාකාරී ලෙස කාලය ගත කළ යුතුය. සිංහ ලග්න හිමියන්ට ඉදිරි සති කිහිපය තුළ යම් යම් ජයග්රහණ පෙන්නුම් කළද 2022 වසරේ නොවැම්බර් 13 වැනිදාත් 2023 වසරෙහි මාර්තු 13 වැනිදාත් අතර කාල සීමාව තුළ රැකියාවට සුළු වශයෙන් හෝ බාධා ඇති විය හැකි බැවින් ප්රධානීන් සමඟ වාද විවාදවලට නොයා යුතුය. ඉදිරි මාස කිහිපය තුළ විවාහය ප්රමාද කන්යා ලග්න හිමියන් තම විවාහ අපේක්ෂා ඉටු කර ගැනීම පිළිබඳ උනන්දු වීම සුදුසුය. සමස්ත ග්රහ ගෝචරයන්ට අනුව තුලා ලග්න හිමියන්ට 2022 වසරෙහි නොවැම්බර් 13 වැනිදාත් 2023 වසරේ මාර්තු 13 වැනිදාත් අතර කාල සීමාව තුළ ජීවන ක්රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කරන අතර ඔවුන් එම කාල සීමාව තුළ අනතුරු සහ අසනීප පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ඉදිරි මාස කිහිපය තුළ දරුපල ප්රමාද වෘශ්චික ලග්න කාන්තාවන්ගේ පැතුම් ඉටු වීමට විශේෂ ඉඩකඩක් ඇති නිසා ඔවුන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මීන ලග්න හිමියන්ට ඉදිරි මාස කිහිපය තුළ යම් යම් ජයග්රහණ පෙන්නුම් කරන අතර 2023 වසරෙහි ජනවාරි 17 වැනිදායින් පසු අලුත් වැඩ කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට ද, අවිවේකී වීමට ද සිදු වනු ඇත. ඉහත කී ග්රහචාරයන්ට සහ අංක විද්යාත්මක සිද්ධාන්තවලට අනුව 2022 වසරේ දෙසැම්බර් මාසය විශේෂ මාසයක් වීමටත් දෙසැම්බර් මාසය තුළ සෑම පුද්ගලයකුගේම දෛව අංකයට අනුව විශේෂිත සිදුවීම් ඇති වීමටත් ඉඩ ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk