Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙයක් හදනකොට සුබ නැකතත් පරද්දන පෙර භවයේ පාපකර්ම

1 year ago 7 Min read
Subha.lk
කුඩා දරුවකු වශයෙන් මනුෂ්ය ජීවිතයට පා තැබූ අප සියලු දෙනාගේ අවශ්යතාවන් සාර්ථකව සපුරා ගැනීමට මෙම විශ්වය තුළ ග්රහ තාරකාවල පිරිසිදු නිරවුල් ආලෝකය අප සැමට ළඟා වන මොහොත සුබ නැකත වශයෙන් හඳුන්වමු. මෙම සුබ නැකත අප සියලු දෙනාගේම ඉදිරි ජීවිතයේ යහපත් කාර්යයන් සඳහා අවශ්යම කරුණකි. විශේෂයෙන් අප කුඩා අවධියේ අධ්යාපන කටයුතු ආරම්භ කිරීමට අකුරු කියවීමේ චාරිත්රයේ සිට ජීවිතයේ අවසන් මොහොත දක්වා අවශ්ය කටයුතු සඳහා සුබ නැකත උපයෝගි කර ගැනීම ජ්යොතිෂයට ලැදියාවක් ඇති නුවණ ඇති බොහෝ දෙනාගේ සිරිත විය. මා එසේ සඳහන් කළේ වර්තමාන සමාජය තුළ ඉපදීමටත්, මරණයට පත්වීමටත් නැකැත් සෑදිය යුතුද? යන්න මගෙන් ප්රශ්න කරන ලද අය සිටින බැවිනි. කෙසේ නමුත් අප සියලු දෙනාගේම ප්රධාන අවශ්යතාවක් වන හිසට ගතට සෙවන ගෙන දෙන නිවස ඉදිකර ගැනීමට එහි ආරම්භයේ පටන්ම ගෙවදීම දක්වාම සුබ නැකත අවශ්ය වන්නේය. එම සුබ නැකත මල්පල ගැනීමට නැකත හිමියාගේ පෙර භවය වාසනාවන්ත පිරිසිදු එකක් වී තිබිය යුතුය. එය දැනගත හැකි වන්නේ ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්රයේ සිව්වැන්න පරීක්ෂා කිරීමෙනි. සිව්වැන්න අධිපතියා සිව්වැන්නේම හෝ නැති නම් ලග්නයේ හෝ එකොළොස් වැන්නේ ද, ලග්නයේ සිව්වැන්න අධිපතියා සමග එකොළොස්වැන්න අධිපතියා සංයෝග වෙමින් බලවත් වීම, දෙවැන්න අධිපතියා සමග සිව්වැන්න අධිපතියා සංයෝග වී ලග්නයේ බලවත් වී සිටීම, මේ ආදී පෙර පින මතු කරන ග්රහ පිහිටීම් වාසනාවන්ත ලෙස කේන්ද්රයේ සිව්වැන්න ආශ්රිතව යෙදී තිබේ නම් ඔහුට හෝ ඇයට වාසනාවන්ත නිවසක් ඉදිකර ගත හැකි වේ. පෙර භවයේ පින ක්රියාත්මක වන්නේ එම ග්රහ තත්ත්වය අනුවය. මෙවැනි අය පෙර භවයේ දුගී මගී යාචකාදීන්ට, නැති බැරි අයට ඉදුම් හිටුම් කෑම බීම ආදියෙන් සංග්රහ කර ඇත. තමන් සතු ඉඩකඩම් නිවාස නැති බැරි අයට පරිත්යාග කර ඇත. තැන තැන අතරමං කර දමා ගිය බලු බළල් ආදී සතුන් තම ගෙදරට ගෙනැවිත් කවා පොවා සාත්තු කර ඇති දැඩි කරන ලද අය වේ. මෙය විශාල පුණ්යකර්මයකි. නිවසක් හදන්ට මෙවැනි අයට සුබ නැකත ඉතා හොඳින් පිහිට වේ. පෙර භවයේ කුසල් ඊට මුල් වේ. එය එසේ වුවත් පෙර භවයේ බලවත් පාපකර්ම කර තිබේ නම් නැකත අති විශිෂ්ට වුවත් නිවසක් ඉදි කළ නොහැකි වේ. අන් අයගේ ඉඩම් බොරු අයිතිවාසිකම් පෙන්වා බලෙන් නඩු කියා තමන් සන්තක කර ගැනීම නිවසක පදිංචි වී සිටින අසරණ නැති බැරි පවුලක් එයින් පන්නා දැමීම, යම් අයෙකුට හිමි පදිංචි නිවසක් ගිනි තැබීම, වයසක දෙමාපියන්ගෙන් තම දේපළ අයිති කර ගැනීමට කපටිකමෙන් ඉඩම් ඔප්පුවලට අත්සන් ගැනීම, පදිංචි ඉඩම්වලට හා නිවාසවලට හදි හූනියම් කර නීච කිරීම. මේ අනුව එම ඉඩමේ හා නිවසේ වාසය කළ නොහැක. මේ ආදී පාපකර්ම පෙර භවයක කර ඇත්නම් ඔහුට හෝ ඇයට ඉඩමක් නිවසක් හිමි නොවේ. නව නිවසක් ඉදිකිරීමට නොලැබේ. තැන තැන ජීවත් වීමට සිදු වේ. මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති අයෙකුගේ කේන්ද්රයක් පරීක්ෂා කරවා ගැනීමට මා ළඟට පැමිණියේය. උපත 1994 අප්රි. 27 බදාදා, ප.ව. 2.10 ට කළුතර, ශනි හිමි අනුර නැකත ප්රථම පාදය, ශනි දශා ශේෂය 16.11.24, සිංහ ලග්නය හිමි මෙම අයගේ කේන්ද්රයේ සිව්වැන්න තුළ 12 වැන්නාධිපති චන්ද්රයා නීච වී සිටින්නේ එම රාශියටම නීචවන රාහු සමගය. සිව්වැන්න අධිපති කුජ 8 වැන්නේ සිටී. පෙර භවයේ නිවාස ඉඩකඩම් සම්බන්ධව බලවත් අකුසල කර්මයක් සිදු කර ඇති බව ස්ථිර වශයෙන් කිව හැකිය. මේ වනවිට මොහු තැනින් තැන කුලී නිවාසවල ජීවත් වන්නේ එකම දරුවා හා භාර්යාව සමගය. ණය මුදලකට ගත් කුඩා ඉඩම් කොටසක විශිෂ්ට නැකතකට අත්තිවාරම දමා වසරකට වැඩිය. නිවසක් සෑදීමේ වාසනාව ඔහුට නැත. තුන් වතාවක් උත්සාහ ගත් නමුත් කුමක් හෝ බාධාවකින් එය මඟ හැරේ. නිවස ඉදිකිරීමට සකස් කරන තත්කාල නැකත කොපමණ සුබ වුවත් පෙර භවයේ කරන ලද දරුණු පාප කර්මයේ විපාක පෙන්වන සිව්වැන්නේ නීච චන්ද්රයා හා රාහු එයට හරස් වී බාධා කරනු ඇත. මෙවැනි අවස්ථාවලදී නැකත සකස් කරන දෛවඥ මහතා මේ ගැන විමසිලිමත් වී දරුවාගේ හෝ භාර්යාවගේ කේන්ද්ර දෙක පරීක්ෂා කළා නම් යම් විසඳුමකට මඟ පෑදේ. එහි සිව්වැන්න සම්බන්ධ සුබ යෝගයක් තිබුණේ නම් ඊට නැකත යොමු කළ හැකි වේ. කෙසේ නමුත් පෙර භවයේ පාප අකුසල් කර්මය වඩා බලවත් බැවින් එය හරස්වීම නතර කළ නොහැක. මේෂ ලග්නය වී සිව්වැන්නේ කුජ, ශනි, සිකුරු උපතින්ම යෙදුන අයෙකුගේ කේන්ද්රයක් අනුව ඉතා විශිෂ්ට මැයි මාසයේ යෙදුන නැකතකට අත්තිවාරු දමා වසරකට වැඩි කාලයක් ගත වුවත් එය පොළොවේ මට්ටමට සීමා වී තිබෙන ආකාරය මා හට හමුවිය. පෙර භවයේ අකුසල්වල විපාකවල බලවත්කම ඒ අනුව සිතා ගත හැකිය. නිවසේ ඉදිකිරීම ආරම්භයේදීම තම රැකියාව නැතිවීම හා නඩුවකට පැටලීම ඊට හේතුව වී තිබුණේය. වෘෂභ ලග්නය වී 10 අධිපති ශනි සමග රාහු, ලග්නාධිපති සිකුරු සමග සිව්වැන්නේ උපතින් යෙදීම ද නිවසක් සෑදීමට බලවත් බාධා අවහිරතා නැකත කෙතරම් සුබ වුවත් බලපවත්වන බව පෙනේ. පෙර භවයකදී තමන්ගේ ආදරණීය පියාට බී මතින් නිතර වධ දෙමින් නිවස හා ඉඩම ලියා ගෙන නිවසින් පිටමං කිරීමේ පාපකර්ම එලෙස පල දෙනවා ඇත. වෘශ්චික ලග්නය වී ලග්නයෙහි චන්ද්රයා හා රාහු උපතින් යෙදී දසවැන්නේ සෙනසුරු පිහිටීම සිව්වැන්නේ රවි යෙදීම පෙර භවයේ බලවත් පාපකර්ම කර ඇති බවට ග්රහ යෙදුමකි. පෙර භවයක මිථ්යා දෘෂ්ටිකව අදහස් ප්රකාශ කරමින් තම පියා හා සහෝදරයකු සමග උරණ වී බලහත්කාරයෙන් පියා සතු නිවස හා ඉඩම තමන් සතු කර ගැනීම වේ. මෙවැනි පාපකර්මවල යෙදුන අයට මෙම මනුෂ්ය ආත්මයේදී තමන්ට කියා ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට නොලැබෙන අතර උසස් පුද්ගලයන්ගේ මෙහෙකාර වැඩ කරමින් ඒ අය යටතේ ජීවත් වීමට සිදු වේ. මා මේ දක්වා විස්තර කළ බොහෝ කරුණු විශේෂයෙන් ග්රහ පිහිටීම් නැකැත් සාදා ගැනීමට පැමිණෙන බොහෝ දෙනකුගේ කේන්ද්රවල පිහිටා තිබුණ ඒවා. එම අය අසා සිටින්නේ නිවසේ වැඩ ආරම්භ කළේ හොඳම නැකතකින්. නමුත් වැඩේ එතැනමයි. ගත්ත ණය මුදලක් නිකරුනේ වියදම් වුණා පමණයි. මොකද මහත්තයෝ මෙහෙම වෙන්නෙ. උගන් දෛවඥ මහත්මයෙක් තමයි නැකැත් හැදුවෙ. මේ එක්තරා අයෙක් මගෙන් අහපු හැටි. එම අයගේ කේන්ද්රය මම පරීක්ෂා කළෙමි. වෘශ්චික ලග්නයේ කුජ නවවැන්නේ නීච වී ඇත. ලග්නයේ ශනි චන්ද්ර, රාහු නීච සතුරු වී ඇත. සිව්වැන්න අධිපති ශනි ලග්නයේ අති දුර්වල වී ඇත. මෙම අසුබ ග්රහ තත්ත්වය ඔහු පෙර භවයේ කරන ලද බලවත් පාපකර්ම අනුව පිහිටා ඇත. මේ අනුව නිවාස නැකත කොපමණ ප්රබල වුවත් නිවස ඉදිකිරීමට අපහසු වන්නේය. ඊට නොයෙකුත් බාධා පැමිණේ. මා මේ දක්වා විස්තර කළ ඉහත කරුණු අනුව නැකත කොපමණ සුබ වුවත් පෙර භවයේ සිව්වැන්නට සම්බන්ධ බලවත් පාපකර්ම යම් කටයුත්තකදී ඉතා තදින් හරස් වන බව ඔබට පැහැදිලි විය යුතුය. විශේෂයෙන් නිවාසයක් සෑදීමට බාධා සිදුවන්නේ ඉහත විස්තර කළ පාපකර්ම හේතුවෙනි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk