Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මුළුතැන්ගෙය තැනිය යුතු නිවැරදිම දිශාව හඳුනා ගනිමු

1 year ago 7 Min read
Subha.lk
නිවෙසට සිරිදුව කැන්දන මුළුතැන්ගෙයක් - මුළුතැන්ගේ පිහිටු වීමට නොගැළපෙන්නේ ඊශාන දිශාවයි. එවිට අන්තරීක්ෂ ශක්තිය ඇතුළු වන ස්ථානයේදීම ශක්ති හානියක් සිදු වන අතර එහි නිසැක ප්රතිඵලයක් වශයෙන් නිවෙසේ අභ්යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්රතාව වේගයෙන් අඩු වන බව පැහැදිලිය. ළිප හා සේදුම් බේසම එකිනෙකට ආසන්නව පිහිටීමෙන් ගෘහිණියට මානසික ආතතිය ඇති වීමේ ඉඩක් මුළුතැන්ගෙය යනු නිවෙසක අත්යවශ්ය අංගයකි. එහි ඇතුළත් වන භාණ්ඩ අතර ළිප ප්රධාන අංගයකි. මීට අමතරව සේදුම් බේසම ද නිවෙසක මුළුතැන්ගෙය සඳහා අත්යවශ්ය අංගයක් බව කිව යුතුය. මෙවැනි මෙවලම් නිසි තැන පිහිටු වීම අවශ්ය වන්නේ මුළුතැන්ගෙට ඇතුළු වන අන්තරීක්ෂ ශක්තිය නිසා ඇති කරන ශක්ති සංචරණය මැනවින් පිහිටුවා ගැනීම සඳහාය. යම් නිවෙසක සේදුම් බේසම හා ළිප ආසන්නයෙන් පිහිටුවීම් නොකළ යුතු බව බොහෝ ශිල්පීන් හොඳින් දනී. එහෙත් එහිදීත් සිදු වන්නේ කවර දෙයක් දැයි විග්රහ කර ගැනීමට නොහැකි වීමෙන් නූතන පරම්පරාවට මෙවැනි කරුණු විශ්වාස කිරීමට ශිල්පීන්ගෙන් එතරම් සහායක් නොලැබී යයි. එසේ නම් ළිප හා සේදුම් බේසම ආසන්නයෙන් පිහිටු වූ විට ශක්ති සංචරණය සිදු වන්නේ කෙසේ දැයි දැන් විමසා බලමු. ළිප ආසන්නයේ ඇති වන තාපය නිසා අන්තරීක්ෂ ධාරාව ඉහළට නැමෙන්නට පටන් ගනියි. යම් වේලාවකින් පසු මේ ශක්තිය වේගයෙන් ඉහළ නඟිමින් සහ පහළින් ළිප වෙත ශක්තිය ඇද ගනිමින් ක්රියාත්මක වන බව පැහැදිලිය. සේදුම් බේසමේ නිරන්තරයෙන් ජලය රැඳෙන බැවින් අන්තරීක්ෂ ශක්තිය ඒ වෙත පහත් වන බව පෙනෙන්නට තිබේ. එහිදී සේදුම් බේසම අසල ඉහළ අන්තරීක්ෂ රැඳෙන අතර ශක්තිය පහළට රැඳී නැති බවත් පැහැදිලිය. මේ හේතුව නිසා ළිප ආසන්නයේ අන්තරීක්ෂ ශක්තිය ඉහළ සංකේන්ද්රණය වන අතර, සේදුම් බේසම අසලදී ශක්තිය කේන්ද්රණය වන්නේ පහළිනි. එසේම ශක්ති ගොනුවක් හට ගන්නේ ළිප ආසන්නයේ ඉහළින් වන අතර, සේදුම් බේසමේ පහළින් වන බව පෙනේ. මේ අනුව ළිපට ඉහළින් සංකේන්ද්රණය වූ අන්තරීක්ෂ ශක්තිය ඉතා පහසුවෙන් සේදුම් බේසමේ ඉහළ වෙත තිරස්ව තල්ලු වෙයි. එසේම බේසම පහළ සංකේන්ද්රණය වී ඇති ශක්තිය තිරස්ව ළිප දෙසට පහළින් ගමන් කරයි. මෙසේ චක්රීයව අන්තරීක්ෂ ශක්ති සංචරණය වීමේ ප්රතිඵලයක් වශයෙන් ශක්ති සුළියක් හට ගැනීම සිදුවේ. මෙය සිදු වන්නේ ළිප හා සේදුම් බේසම ආසන්නයෙන් පිහිටි විට පමණි. දුරින් පිහිටන්නේ නම් පෙරකී තිරස් ශක්ති සංචරණය සිදු වීම පහසු නොවේ. යම් අවස්ථාවක් මෙම භාණ්ඩ ආසන්නයෙන් පිහිටු වීමට අවශ්ය නම් අප විසින් කළ යුතු කාරණය වන්නේ සේදුම් බේසමටත් ළිපටත් මැදින් පිටතට යන දොර පිහිටු වීමයි. එවිට පෙරකී ශක්ති සුළිය නිරන්තරයෙන් එහා මෙහා යෑම හේතු කොටගෙන බිඳ වැටේ. ඒ අනුව ශක්ති සුළිය සම්පූර්ණ නොවනු ඇත. මෙසේ ශක්ති සුළියක් හට ගැනීමේ ප්රශ්නය කුමක්ද? මෙවැනි අවස්ථාවකදී සුළියක් විසින් ඇති කරන බලපෑම් ඉතා තදින් මුළුතැන්ගෙයි හැසිරෙන භවතුනට බලපාන අතර ඔවුන්ගේ ශක්ති ශරීරය බරපතළ හානි ඇති කරයි. මේ නිසා මානසික ආතතීන් සුලභ වන ගෘහිණියන් දැක ගැනීමට අපට අවස්ථාව සැලසෙනු ඇත. දැන් අපි මුළුතැන්ගෙය නිවෙසේ පිහිටුවිය යුතු ස්ථාන පිළිබඳව සලකා බලමු. මුළුතැන්ගෙය පිහිටු වීමට සම්ප්රදායිකව නිර්දේශය වන්නේ ගිනිකොන දිශාවයි. එයට හේතුව තේජෝ ධාතුවට අයත් දිශාවෙන් එය වන බැවිනි. නූතන බටහිර විද්යාවට අනුව ද මෙය වෙනත් අයුරකින් පැහැදිලි කරගත හැකි වේ. එය නම් අන්තරීක්ෂ ශක්තිය ගලා එන්නේ ඊශානයේ සිට නිරිත දිශාවට වන අතර ගිනිකොන පිහිටා ඇත්තේ එම රේඛාවට වඩාත් දුරින් බව කිය යුතුය. මේ නිසා ශක්ති ධාරාවට හානි නොකිරීමට නම් අපට සිදු වන්නේ ළිප ගිනිකොනට දැමීම බව පැහැදිලිය. මෙහිදී මතු වන අනෙක් කරුණු නම් ඊසාන නිරිත රේඛාවට දුරින් පිහිටන අනෙක් දිශාව වන්නේ වයඹ බවයි. වයඹ දිශාව ද ඒ අනුව මුළුතැන්ගෙයක් පිහිටු වීම සඳහා විකල්ප දිශාවක් ලෙස නිර්දේශ කිරීමේ කිසිදු වරදක් නැත. සමහර වස්තු ශිල්පයන්හිදී නූතන බටහිර විද්යාත්මක සංකල්ප ගැන අනවබෝධයෙන් වයඹ නොගත යුතු බව කියා ඇතත් භාරතීය හා දේශීය වාස්තු ශිල්පයේදී ගිනිකොන මුළුතැන්ගෙය පිහිටු විය නොහැකි අවස්ථාවන්හිදී වයඹ දිශාව තෝරා ගැනීමේ කිසිදු වරදක් නැති බව පෙනේ. මුළුතැන්ගේ පිහිටු වීමට නොගැළපෙන ස්ථානය වන්නේ ඊශාන දිශාවයි. එසේ පිහිටු වූ විට අන්තරීක්ෂ ශක්තිය ඇතුළු වන ස්ථානයේදීම ශක්ති හානියක් සිදු වන අතර එහි නිසැක ප්රතිඵලයක් වශයෙන් නිවෙසේ අභ්යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්රතාව වේගයෙන් අඩු වන බව පැහැදිලිය. මේ තත්ත්වයම යම් පමණකින් නැඟෙනහිර හා උතුරු දිශාවේ මුළුතැන්ගෙය පිහිටු වීමේදී ද සිදු වන බව කිව යුතුය. නිරිත දිශාවෙන් මුළුතැන්ගේ පිහිටු වීම ද නොකළ යුත්තකි. එහිදී සිදු වන්නේ ස්ථානයෙන් ඇතුළු වන අන්තරීක්ෂ ගබඩා වී ඇති නිරිත දිශාවෙන් අන්තරීක්ෂ ශක්තිය වේගයෙන් විසිරී යෑම කෙරෙහි මුළුතැන්ගෙයි උපදනා තාපය ඉවහල් වන බවයි. මෙසේ අන්තරීක්ෂ ශක්තිය විසිර යෑම නිසා ද සිදු වන්නේ පෙර කී අභ්යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්රතාව අඩු වීමයි. මෙසේ ශක්ති තීව්රතාව අඩු වීම නිවසියන්ගේ ශක්ති ශරීරයේ ඌනතාවන් සඳහා බරපතළ ලෙස බලපාන බව ද මෙහිදී අවධාරණය කළ යුතු වේ. නිවෙසක මුළුතැන්ගේ පිහිටු වීම ඉතා වගකීමෙන් සිදු කළ යුතු කටයුත්තක් වන්නේ මේ හේතු නිසාය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk