Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විභාග ජය ගන්න ඇණවුම් පිරිතෙන් පිහිට ලැබෙන හැටි

1 year ago 7 Min read
Subha.lk
ඉදිරියේදී එළැඹෙන්නේ දරුවන්ගේ විභාග පැවැත්වෙන මාස කිහිපයකි. විශේෂයෙන් 5 වැනි ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය, අ.පො.ස. සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාග මෙන්ම විවිධ තරග විභාගවලින් ජය ගැනීම සඳහා ප්රයෝජනවත් විය හැකි පුද පූජා වත් පිළිවෙත් ලබා දීමට ගරු ස්වාමීන්වහන්සේ මෙවර අදහස් කරති. "වාරියපොල කොළඹගම ශ්රී මියුගුණාරාම රාජමහා විහාරීය ශ්රී විෂ්ණු දිව්ය රාජයා ජීවමානව වැඩසිටින ඓතිහාසික ටැම්පිට විහාරයේ පවත්වන පුද පූජාවලදී අපේ සංඝ පරම්පරාවෙන් පැවත එන පුද පූජා විධි පවත්වා ශ්රී විෂ්ණු දේව පිහිට පතා දෙවියන්ට පින් දෙද්දී භාවිතා කරන ප්රධාන පිරිත් සූත්ර දේශනා අතර තිබෙන ඇණවුම් පිරිත සඡ්ඣායනා කරලා තම ශක්තීන් ගොඩනඟා ගන්නා ආකාරය මා අද ඔබට කියා දෙනවා. *ඇණවුම් පිරිත - ”යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා එත්ථ ලෝකන්තරේ වා භුම්මා භුම්මා ච දේවා ගුණගණගහණඛ්යාවටා සබ්බකාලං ඒතේ ආයන්තු දේවා වරකනකමයේ මෙරුරාජේ වසෙන්තා සන්තෝ සන්තෝස හේතුං මුනිවර වචනං සෝතුමග්ගං සමග්ගා සබ්බේසු චක්කවාලේසු යක්ඛා දේවා ච බ්රහ්මුණෝ යං අම්හෙහි කතං පුඤ්ඤං සබ්බසම්පත්ති සාධකං සබ්බේ තං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාදරහිතා හොන්තු නී ආරක්ඛාසු විසේසතෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහී උද්ඝෝසයුං දේව ගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං “ (වෙනත් කෙනෙකු වෙනුවෙන් කියද්දී මයිහං වෙනු තුයිහං යනුවෙන් භාවිත කරන්න ) *සරස්වතී ස්තෝත්රය - ”සරස්වතී මහා දේවී වීනා පුස්තක ධාරාණී හංස වාහිණී සමායුත්තං විද්යාධානී කුරූමමං “ මෙම පූජාව දිනපතා කළයුතු නැහැ. ඔබට පහසු ආකාරයට ඉඩ ලැබෙන අවස්ථාවලදී කිරීම ප්රමාණවත්. පුරුදු ලෙස පළමුව බුද්ධ පූජා පවත්වා දෙවියන්ට ආරාධනය කර පහත පළවන ඇණවුම් පිරිත සඡ්ඣායනා කරන්න. ඉන් අනතුරුව ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ යන ගාථාව කියන්න ඉන්පසු විෂ්ණු, කතරගම, ගණ , සරස්වතී ගම්භාර සිද්ධ සූනියම්, පත්තිනි දෙවියන් ඇතුළු සමස්ත දේව සමූහයාට පින් දෙන්න. හොඳින් මතක තබා ගන්න. ඇණවුම් පිරිත කියන්නේ මහා බලගතු ප්රතිඵලදායක පිරිතක්. මේ පිරිතේ විශේෂත්වය වන්නේ එහි ඉතා බලවත් දේවාරාධනයක් ගැබ්ව තිබීමයි. ඇණවුම් පිරිතේ මුල් කොටසින් එම දේවාරාධනාවයි සිදු වන්නේ. සම්බුදු බලය තුළ එම දේවාරාධනය ප්රතික්ෂේප කළ හැකි කිසිදු සම්යක් දෘෂ්ටික දෙවියෙකු දේවතාවියක් නැහැ. ඒ නිසා මේ පිරිත සඡ්ඣායනා කරද්දි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඇල්ම බැල්ම ආකර්ෂණය නොඅඩුවම ලැබෙනවා. මෙම පිරිත සඡ්ඣායනා කර ජයෝ මුනින්දස්ස ගාථාව කීමෙන් පසු පහත සඳහන් සරස්වතී දැහැන තුන් වරක් කියා පූජාව හමාර කරන්න. විභාගයට පිටත්ව යන දින හෝ ඊට පෙර දින මෙම පිරිත සඡ්ඣායනා කිරීමෙන් ගාථාව සහ ස්තෝත්රය සඡ්ඣායනා කිරීමෙන් අපමණ පිහිට ලබා ගන්න

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk