Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නමින් හෙළි වන ඔබේ චරිතය

1 year ago 7 Min read
Subha.lk
ඔබගේ නමට අදාළ පලාපල දැන ගැනීම සඳහා පළමුවෙන් ඔබගේ නමට අයත් ප්රකාශන අංකය සොයා ගැනීම අවශ්ය වේ. ඒ සඳහා මුලින්ම ඔබ භාවිත කරන නම ඉංග්රීසියෙන් ලියාගන්න. ඉන්පසු පහත සටහනේ ඇති ආකාරයට ඔබගේ නමට අදාළ ඉංග්රීසි අකුරුවලට අයත් ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් වන ලෙස එකතු කරගත යුතුය. ඉහත නමේ ප්රකාශන අංකය ලෙස අංක 1 ලැබී ඇත. මේ ආකාරයට ඔබට අවශ්ය ඕනෑම නමක ප්රකාශන අංකය පහසුවෙන් සොයා ගැනීමට පුළුවන. භාවිත කරන නමට අදාළව ඔබට ලැබී ඇත්තේ ප්රකාශන අංක 1 නම් ඔබ ඉතා අධිෂ්ඨානශීලී උත්සාහවන්ත පුද්ගලයෙකි. ස්වාධීනත්වය අගය කරන ඔබ නිදහසේ ජීවත් වීමට ප්රිය කරයි. උප්පත්තියෙන්ම ඔබට නායකත්ව ලක්ෂණ පිහිටා ඇත. ඕනෑම තැනක පෙරමුණ ගෙන ක්රියා කිරීමට ඉදිරිපත් වෙයි. එමෙන්ම ඕනෑම පිරිසක් අතර කැපී පෙනෙන ස්වභාවයක් පවතී. රැකියා සහ ව්යාපාරවල ඉතා දක්ෂ ලෙස කටයුතු කර සාර්ථකත්වය ලැබීමේ වාසනාව පවතී. පරිපාලනයට ද විශේෂ දක්ෂතා පවතී. ඕනෑම වගකීමක් නොපැකිළව බාර ගනී. සියලු අභියෝග ජයගෙන ඉදිරියට ගමන් කිරීම මූලික අපේක්ෂාව වෙයි. ප්රකාශන අංක 1 හිමි පුද්ගලයන්ට කලා ක්ෂේත්රය තුළ මෙන්ම දේශපාලනික වශයෙන් ද සාර්ථකත්වය ලැබීමේ හැකියාවක් පවතී. ප්රබල ව්යාපාරිකයන් මෙන්ම ආගමික නායකයන් ද ප්රකාශන අංක එකට හිමිකම් කියයි. ඔබට හොඳ දරා ගැනීමේ හැකියාවක් පවතී. මානසික ශක්තිය මෙන්ම කායික ශක්තිය අතින් ද ඔබ පොහොසත් වෙයි. ආත්ම ගරුත්වය ගැන තදින් හිතන ඔබ අන් අයට අවවාද අනුශාසනා දීමෙහි ද සමත් වෙයි. කළ යුතු දේ හා නොකළ යුතු දේ ඉතා නිවැරදිව තෝරා බේරා ගැනීමේ හැකියාවක් ඔබට ඇත. නිශ්චිත අරමුණක් වෙනුවෙන් කැපවී ක්රියා කරයි. තම හිතුමතයට ක්රියා කළත් අන් අයගේ අදහස් වලට ද ගරු කරයි. නමුත් කිසිවකුට යටහත් පහත් වීමට කැමැති නැත. සෑම දෙයක් ගැනම ටිකක් ලොකුවට හිතා සැලසුම් කරයි. හොඳ සවන් දෙන්නෙක් ලෙස ද හැඳින් විය හැකිය. සමාජයේ කොතැනත් කැපී පෙනෙන ස්වභාවයක් ඔබට ඇත. තරමක් ආත්මාර්ථකාමී ගති ද ඔබ තුළ නැතුවා නොවේ. ප්රකාශන අංක 1 හිමි ඔබ සැබැවින්ම වාසනාව උරුම කරගනී. එමෙන්ම ඔබට සතුරන් මෙන්ම ඊර්ෂ්යා කරන්නන් ද ඇති විය හැකි බැවින් පරෙස්සම් වීම වැදගත් වෙයි. ඉවසීම මඳකම හා කලබලකාරී ගතිය ඔබේ දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk