Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රවීගේ උදාවන ප්‍රබල යෝග තුනක්!

1 year ago 7 Min read
Subha.lk
පුරුෂ ග්රහයින් අතර පළමු වැන්නා වන රවි ග්රහයා ගැන සැලකිලිමත් වූ විට මොහු ග්රහ පවුලේ මූලිකයා හෙවත් පියා ලෙස ගණන් ගැනේ. වරුණ, දිනකර, සූර්යා, භානු වැනි පර්යාය පදවලින් හඳුන්වනුයේ ද ග්රහ පවුලේ රජු ලෙස සලකන රවිටමය. මෙම රවි සෞරග්රහ මණ්ඩලයේ සිටින ග්රහයන් අතර වක්ර නොවන ග්රහයෙකි. ග්රහ ගමනේදී වක්ර නොවන ග්රහයන් දෙදෙනා ලෙස ජ්යොතිෂයේ සඳහන් වනුයේ රවි හා සඳු යන ග්රහයන්ය. සදා වක්ර ග්රහයන් ලෙස රාහු හා කේතු පෙන්වාදී ඇත. උෂ්ණය, ආලෝකය හා ජීවය ගෙන දෙන සූර්යා ක්ෂිතිජයෙන් මතුවී ඒමට මිනිත්තු 6ක් ගත වීම තුළින් සූර්යා හෙවත් රවිගේ විශාලත්වය කොපමණ දැයි වටහා ගත හැක. එවැනි විශාලත්වයක් හිමි රවි පුද්ගලයන්ගේ ජීවිතයට ද විශාල බලපෑම් කරන ග්රහයෙකි. කේන්දරයක රවි ග්රහයාගේ පිහිටීම මගින් එම ජන්මියාගේ නිර්භීතකමේ ස්වභාවය, ආයුෂ තත්ත්වය, ප්රසිද්ධිය, බලය, ගෞරවය, චිත්ත වේගයේ ස්වභාවය හා උඩඟුකම වැනි දෑ අවබෝධ කරගත හැක. එමෙන්ම රවි ග්රහයා ශරීරයේ උගුර, මුඛය, ඇස්, මොළය රක්තානු හා හෘදය වස්තුව යන මේවාට අධිපතිකම් දරයි. රවිගේ දුර්වල පිහිටීමක් වේ නම් එවන් පුද්ගලයන්ට ඉහත අවයව වල යම් අක්රමිකතා ඇතිවිය හැක. ඇස් සම්බන්ධව ගත හොත් රවිගේ පීඩාව ස්ත්රියකට නම් වම් ඇසටද, පුරුෂයකුට නම් දකුණු ඇසට ද බලපායි. එපමණක් ද නොව යම් ජන්මියකුගේ රවි දුර්වලව පිහිටා පාප පීඩිතව වේ නම් ඔහු හෝ ඇය වංචාවෙන්, සොරකමෙන් මුදල් උපයන, අධිමාන්නයෙන් යුත් කටමැතකම් දොඩවන අයෙකි. සෑම දවසකටම රවි හෝරාවක් උදාවන අතර එම හෝරාව රවිගේ බලය පවතින ස්ථාන වලට යෑමෙන් ජය හිමිකර ගත හැක. රජුන් බැහැදැකීමට, රජයේ නිලධාරීන් හමුවීමට, උසාවියට යෑමට අවි ආයුධ මිලදී ගැනීමට ආදී වැඩ සඳහා රවි හෝරාව යොදා ගැනීම යෝග්ය වේ. රවි හෝරාවට අමතරව එදින තත්කාල කේන්දරයේ රවි බලවත් දවසක් වීමද වඩා පලදායී වේ. රවි සම්බන්ධව තව දුරටත් හැදෑරීමේදී නැකත් පංතියේ නැකත් තුනක් රවිට වෙන් වේ. කැති, උත්රපල් හා උත්රසල යන නැකැත් ත්රිත්වය එය වේ. අනෙක් සියලුම ග්රහයන්ට ස්වක්ෂේත්ර රාශියක් පමණි. මීට අමතරව රවිට උච්ච රාශියක් හා නීච රාශියක්ද වේ. රවිට මේෂ රාශිය උච්ච වන අතර සිංහ රාශිය එකම ස්වක්ෂේත්ර රාශිය වේ. මේෂ රාශියට සප්තම රාශිය තුලාවේදී රවි නීච වී යයි. රවි ග්රහයාගේ බලය වැඩිකර ගැනීමට පද්මරාග මැණිකක්, පිත්තල ලෝහයෙන් සාදාගත් මුද්දකට දමා පැළඳිය යුතුයි. රවිගෙන් අපලයක් ඇති විට පද්මරාග මැණික නොපැළඳිය යුතු අතර රතු නෙළුම්, රත් මල් හෝ මූනමල් පූජා කිරීමද, රතු වස්ත්ර, තිරිඟු වලින් සාදන ලද ආහාර, පරිප්පු, හා රත්හඳුන් ආදී ද්රව්ය දන් දීමෙන් ද අපල දුරුකර ගත හැක. රවි ග්රහයාට අයිති වෘක්ෂය වන්නේ ඉඹුල් වෘක්ෂයයි. එයට ආවතේව කිරීම එම ඉඹුල් වෘක්ෂය ස්පර්ශ කිරීම, එම ඉඹුල් වෘක්ෂය යටට වී සිටීම ආදී කරුණුවලින් ද රවි අපලය දුරුවී යනු ඇත. ඉඹුල් වෘක්ෂයට අමතරව කහට ගස්, කොට්ටම්බා ගස්, දොඩම් ගස් වැනි ශාකවලට ද උපස්ථාන කිරීමෙන් මෙම රවි අපල දුරුවන බව පුර්වාචාරීන්ගේ මතයයි. මන්ද මෙම ගස් රවිට අධිපති ශාක නිසාවෙනි. තවද ශිව දෙවියන් හෝ ඊශ්වර දෙවියන් කෙරෙහි පැහැදීමෙන් අබ තෙල් පහන් පූජා කිරීම ද රවි අපල දුරුකරගත හැකි තවත් ක්රමයකි. කේන්දරයේ 10 වැන්න හෙවත් රැකියා ස්ථානය රවි ග්රහයාට දිග්බල ස්ථානය වේ. ඊට අමතරව රවි තමා සිටින ස්ථානයේ සිට 3 වැන්න, 7 වැන්න හා 10 වැන්නට දෘෂ්ටි දේ. එය ‘තී දස රවි ශනි චන්ද්රෝ ලෙස දෘෂ්ඨි ශ්ලෝකයේ දැක්වේ. රවි ග්රහයා මේෂ රාශියේ 100 දී පරම උච්ච තත්ත්වයට පත් වන අතර තුලා රාශියේ 100 දී පරම නීච තත්ත්වයට පත් වේ. රවි නෛසර්ගික බලයෙන් වැඩිම ග්රහයා වන අතර ලග්නයට හා 10 වැන්නට කාරකයාද වේ. නැගෙනහිර දිශාව රවිගේ දිශාව ලෙස තෝරා ගැනේ. ජන්ම පත්රයේ විංශෝත්තරී දශා කාලය අනුව රවිට අවුරුදු 6ක් හිමිවේ. තවද රවි ග්රහයා දිනකදී 10ක් දුර ගමන් කරන අතර ගෝචරයේදී රවි රාශියක් තුළ මාසයක කාලයක් ගත කරයි. රවි ගැන තව දුරටත් කතා කිරීමේදී රවිගෙන් උදාවන ප්රබල යෝග තුනක්ද පවතී, ඒවා නම් වෙෂී. වොෂී හා උබයචාරී යෝගයයි. ජන්ම පත්රයක් තුළ මෙම යෝග එකක් හෝ තුනම මිස යෝග දෙකක් කිසිවිට නොපිහිටයි. මෙම යෝග ඉතා ප්රබල වාසනාවන්ත යෝග වේ. ග්රහයින්ට හිමි සම්මත ලකුණු සම්බන්ධව සැලකීමේදී රවි ග්රහයාගේ සම්මත ලක්ෂණ මේ ආකාර වේ. මෙම ලකුණ ජන්මියකු තුළින් බලාගත හැකි වන්නේ හස්තයෙනි. කේන්දරයේ රවි ප්රබල බලයකින් ඇති පුද්ගලයන්ගේ හස්තයේ රවි මණ්ඩලය ප්රබලව උත්තලාතරව පිහිටා එම රවි මණ්ඩලය තුළ අදාළ ලකුණ වැටී තිබේ. රවි ග්රහයා වෘශ්චික හා ධනු යන රාශිවලට යෝග කාරකයා වන අතර මේෂ රාශියට අර්ධ යෝගකාරක බලයක් පෙන්වයි. තුලා රාශියට රවි ග්රහයා බාධක ග්රහයා වන අතර මිථුනයට හා තුලාවට පාපී ග්රහයාද වේ. රවි ග්රහයා කුජ, සඳු, කේතු හා ගුරු යන ග්රහයන්ට මිතුරු වන අතර ශුක්රට හා ශනිට සතුරු ග්රහයන් වේ. රවි ග්රහයා රාජ යෝග උදාකරන රාශි ලෙස කන්යා, මකර, මීන යන රාශි හැඳින්විය හැකි අතර වෘෂභ, සිංහ වෘශ්චික යන රාශිවලට රවි ග්රහයා වාහන ලබා දෙන යෝගකාරක ග්රහයාද වේ. තවද රවි ග්රහයා 22 වන දෙර්කානාධිපතියා විය හැක්කේ වෘෂභ, කන්යා, මකර යන ලග්නවලට පමණි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk