ප්‍රධානීන්ගේ සිත් වසඟ කොට, රැකියාවේ දියුණුව සහ උසස්වීම් ළං කර දෙන කොත්මලේ ඉපැරණි රාජ වශී යන්ත්‍රය

රටේ පවතිනා ආර්ථික අර්බුදයන් හා වෙනත් සමාජීය හා පාරිසරිකමය හේතූන් නිසාවෙන් බොහෝ දෙනකුට රැකියා දුෂ්කරතාව බොහෝ සෙයින් මතුවෙලා ඇතැම් ආයතන පවත්වා ගැනීමේ අපහසුතාවන් නිසාවෙන් සේවක සංඛ්‍යාවේ සීමා කිරීම්, සම්පත් නාස්තිය අවම කිරීම් හා බොහෝ විට සම්පත් භාවිතයන් සීමා කරන්න පටන් අරන් මේ නිසා ඕනෑම ආයතනයක අතිරික්ත සේවක සංඛ්‍යාවක් පවත්වා ගැනීම නතර කරලා මෙය රටේ පවතිත්නා යම් බලාත්මක හේතුවක් ලෙසින් දක්වාලීම සිදු වුවත් මෙයින් ඇතැමුන් බොහෝ පීඩාවට පත්ව ඇති ආකාරය ප්‍රායෝගිකව අපට පෙනෙන්නට දකින්නට ලැබෙනවා කෙසේ වෙනත් තමා රැකියාව සිදු කරන ස්ථානය පෞද්ගලික හෝ රාජ්‍ය වේවා, මේ කවර අංශයක සේවයේ නියැළුණත්, එහි නිසි පැවැත්මත් වගේම ඉහළ නිලධාරීන්ගේ නිසි අවධානයත් ලබා ගනිමින් රැකියාවේ උසස් භාවයත් උදා කර ගත හැකි බලවත් ශාස්ත්‍රීය කටයුත්තක් මෙසේ ඔබ වෙත ගෙන එමි.
කන්ද උඩරට කොත්මලය වූ කලී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්රයේ නිඹිරි ගෙයයි මෙම ශාස්ත්‍රීය ක්‍රමවේදයන් සමාජ ගත කරන්නට පැවැතගෙන ආ ප්‍රබලයන්ද බොහෝමයක් කොත්මලේ ප්‍රදේශයෙන් බිහිවීම අප කවුරුත් දන්නා කරුණකි. කොත්මලේ ගණිතයා, ඕතලාවේ ගුරු හාමුදුරුවෝ ආදීන් ඉන් ප්රමුඛ වෙති. මොවුන් සිදු කර ඇති ප්‍රබල කටයුතු ද සුළුපටු නොවේ. අද මේ පෙන්වා දෙන යන්ත්‍රයද ඒ ප්‍රදේශයේ බොහෝ භාවිතයට ගත් එකකි. බලවතුන්ගේ පිහිට ළිං කර ගනිමින් රැකියාවේ මතු දියුණුව, අභිවෘද්ධිය සලසා ගන්නට නම් බලවත් මෙන්ම කියාපු යන්ත්‍රයකි.
මේ යන්ත්‍රය සැකසීම සඳහා ශාස්ත්‍රානුකූලව මල් බුලත් නටුවක් සාදා ගැනීම සිදු කර පහත ද්‍රව්‍යයන් යහනේ තබන්න. 01. සුගන්ධ ද්‍රව්‍ය - මල් කපුරු හඳුන්කූරු,
02. දීප - පොල්තෙල්, අබ තෙල්, තල තෙල් පහන්,
03. ධූප - සාම්බාණ දුම් ඇල්ලීම,
04 භෝජන - වර්ණ 5 කින් යුතු කැවිලි වර්ග,
05 බුලත්,
මෙසේ දෙනු ලබන බලවත් යන්ත්‍රය ප්‍රස්ථාර කර ගැනීමෙන් අනතුරුව, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක් මත තබා ජීවමට සැරසෙන්න යන්ත්‍රය ඇඳීමේදී ජන්ම නැකැතට සිහෙන, පක්ෂියා රජ කෙරෙන වේලාවක්ද යොදා ගන්නට සිතට ගන්න.
මෙන්න මන්ත්‍රය -
“ඕo එතෙ ගන්ධ පුෂ්ප නම - ජය ජය රාජ වශමානය ස්වාහා…”
(මන්ත්‍රය දහස්වරට ප්රාණයි. දහස්වරට මන්ත්‍ර සිද්ධියයි )
මෙම යන්ත්‍රය නිසි ලෙසින් ජීවම් කොට ගෙල පලඳින්නේ නම් රැකියාවේ දියුණුව අභිවෘද්ධිය සලසා ගන්නටත් රැකියාව සම්බන්ධව පවත්නා තරග විභාග ආදිය ජය ගන්නටත් ඉහළ නිලධාරීන්ගේ අවධානය හා ආකර්ෂණය ළං කර ගන්නටත් සුවිශේෂී හැකියාව පවතිනු ඇත. මේ වනවිට රැකියා සම්බන්ධ විමසීමෙන් පසුවන කාටත් සම්මුඛ පරීක්ෂණ ආදියට මුහුණ දෙන්නට සූදානම් වන අයටත් ශුභ පල ළං කර ගන්නටත් හැකියාව පවත්නා යන්ත්‍රයකි. මෙවන් ගැටලු සහිත ඔබත් ගුරුහරුකම් මධ්‍යයේ මෙම ශාස්ත්‍රීය අත්දැකීම ලබා ගනිමින් පවතිනා ගැටලු වලින් මිදීමට අවස්ථාව සලසා ගන්න.
ඔබට උතුම් තෙරුවන්ගේ ආශීර්වාදයෙන් සෙත සැලසේවා!
Advertisements


