Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දැමුණු ඉඳුරන් ඇත්තකු වන්නට බෝ ගසක් යටට යන්න

1 year ago 7 Min read
Subha.lk
ක්රි පූ: 2800ට පමණ අයත් වන මොහෙන්ජෝදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය පැවැති යුගයේදී පවා ඇසතු ගස පූජාවට පත්වූ බව එහි තිබී හමු වූ පුරාවස්තූන්ගෙන් අනාවරණය වේ. පසුව වෛදික යුගයේ සිට උපනිෂද් යුගය දක්වා වූ කාලයේදීද ඇසතු ගස දාර්ශනික ජීවිතයේ ප්රධාන තැනක් ගත් බව පෙනේ.බුදුන්ට පෙර වෛදික යුගයේදී බමුණන් විසින් කරන ලද යාග හෝමවලදී හා අග්නි පූජාවලදී ඇසතු ගස උපයෝගී කර ගන්නා ලද බව සඳහන් වේ. මහාභාරත යුද්ධයේදී ක්රිෂ්ණ විසින් අර්ජුනට උපදෙස් දෙනු ලැබූ අවස්ථාවේදී ගස් අතරින් ඇසතු ගස් ප්රධාන තැන් ගන්නේ යැයි කියන බව භගවත් ගීතාවේ සඳහන් වේ. මේ අතර බ්රහ්ම, විෂ්ණු සහ රුද්ර යන ලෝක පාලක ශක්තීන් ඇසතු ගසේ අන්තර්ගතව පවත්නා බව හින්දු පුරාණයේ සඳහන් වේ. හින්දු යෝග දර්ශනයට අයත් ඉගැන්වීම් අනුව හිරුගෙන් නිකුත් වන වායු කොටසක් බෝපත් මඟින් උරාගෙන එය නැවතත් පිට කරන අතර එම වායුව මිනිස් සිරුරේ මනිපුරක චක්ර නමින් හැඳින්වෙන නාභි ප්රදේශයට උරා ගන්නා බව පැවැසේ. බෝපත් මලින් පළල්ව අගින් සිහින්ව පොළෙ බවට බරව පිහිටයි. මෙම බෝපත්රවලින් නිකුත්වන කිරණ මොළයට බෙහෙවින් බලපාන බව සොයාගෙන ඇත. ඒ අනුව සිතුවිලිද වෙනස් වෙයි. මේ ශක්තියට නිතර හසුවෙන පුද්ගලයා නිරායාසයෙන්ම ආධ්යාත්මික ජීවිතයට නැඹුරු වෙයි. බෝ ගසින් පමණක් නොව සෙසු ගස්වලින්ද නොයෙක් ආකාරයේ කිරණ අපේ සිරුරට විවිධාකාරයෙන් බලපාන බව සොයාගෙන ඇත. කිරණ ඡායාරූපගත කිරීමට පවා සමහර විද්යාඥයන්ට හැකි වී තිබේ. සෑම සජීවී වස්තුවකින්ම රශ්මියක් පිටවන බව මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ගුර්විච් නම් සෝවියට් විද්යාඥයා කියයි. මේ කිරණ විද්යුත් ක්රම මඟින් ඡායාරූපගත කිරීමට තවත් සෝවියට් විද්යාඥයකු වන සෙමියොන් ඩෙප් ඩොවිව් කීර්ලියාන්ට හැකි විය. ක්රි:පූ: හයවැනි සියවස දඹදිව ආගමික චින්තනයෙහි පෙරැළියක් ඇති කළ යුගයකි. වෛදික මත ඉගෙනීමෙන් හෝ යාගහෝම මඟින් හෝ සත්ය ගවේෂණයට පිහිටක් ලැබිය නොහැකි බව දුටු සමහර ශාස්තෘවරුන් නොයෙකුත් ව්රත සමාදම් වෙමින් දඹදිව ගම් නියම් ගම් සැරිසරනු දැකීම මේ යුගයේ සුලබ දර්ශනයක් විය. දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්රයේ සඳහන් වන පූර්ණ කස්සප, මක්කලි, ගෝසාල අජිතකේෂකම්බල, පකුධ කච්චායන, සංජය, බෙල්ලට්ඨ පුත්ත හා නිගණ්ඨනාථ පුත්ත ආදී ශාස්තෘන්ට අමතරව ජඨිල, ආඛේලක, පරිබ්රාජික හා ආජීවක ආදී නොයෙකුත් දෘෂ්ටිකයන් සිටි බව බෞද්ධ සාහිත්යයේ සඳහන් වේ. බුද්ධත්වයෙන් පසු තම මංගල ධර්ම දේශනය පැවැත්වීම සඳහා උරුවෙල් ජනපදයේ සිට බරණැස ඉසිපතනය බලා වැඩි බුදුරජාණන් වහන්සේට අතරමඟදී හමු වූ උපක ආජීවකයා මෙවැනි තවුසෙකි. මේ සාධුවරයන් තැනින් තැන ඇවිද තම තමන්ගේ දර්ශන දේශනා කළ අතර මේ කාර්යය සඳහා ඔවුන්ට මහමඟ අද්දර වූ ඇසතු, නුග ආදී ගස් සෙවණ ආධාර වූ බව විශ්වාස කෙරේ. එකුන් තිස් වියේදී ගිහිගෙය හැර තවුස් වෙස් ගෙන දඹදිව නේරංජනා ගඟ අසබඩ උරුවෙල නම් ජනපදයේ නොයෙකුත් වෘත සමාදම් වෙමින් හය අවුරුද්දක් ගත කළ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අන්තිමට මධ්යම ප්රතිපදාව අනුව ගොස් බවුන් වඩා සත්යය අවබෝධ කරගැනීම සඳහා උපකාර කර ගත්තේ ඇසතු වෘක්ෂයකි. සිද්ධාර්ථ තවුසාණන් වහන්සේ ඇසතු ගසක් යටදී බුද්ධත්වය ලැබූ බව දීඝ නිකායේ මහාපදාන සූත්රයේ සඳහන් වන අතර විපස්සි බුදුන් පටන් කස්සප බුදුන් දක්වා පෙර බුදුවරුන් පලොල්, ඇටඹ, දිඹුල්, නුග ආදී ගස්වල සෙවණේ වැඩ හිඳ බුද්ධත්වය ලැබූ බව එහිම සඳහන් වේ. ගස්වැල්වලට විඥානයක් හෝ සිතක් හෝ නොමැති වුණත් කපා දමන හෝ විනාශ කරන අදහසින් ගසකට කෙනකු ළං වූ විට ගසින් නිකුත් වන කිරණ වෙනස් වී කොළ අතු මලානික බවට පත් වන බව විද්යා ගවේෂණවලදී තවදුරටත් අනාවරණය විය. ජලය සහ පොහොර ලබාදී ගස රැක ගැනීමේ වුවමනාවෙන් ගසකට ළං වූ විට ගසේ පැහැය දීප්තිමත් වන බවද ගවේෂණවලින් හෙළි විය. ගසත් මිනිසාත් අතර සම්බන්ධයක් ඇතිවන අයුරු මෙයින් මනාව පැහැදිලි වේ. බෝධි පූජා පැවැත්වීම්වලදී වතාවත්වලින් යහපත් ප්රතිඵල ලබාගත හැකි බව මේ අනුව අපට සිතාගත හැකිය. එසේ වුවත් බෝ ගස වටා ගිනි වැටවල් මෙන් පහන් දැල්වීමෙන් ප්රතිඵලයක් ලද හැකිදැයි සැක සහිතය. එයින් බෝ ගසට සිදුවන්නේ හානියකි. හඳ එළිය අපේ ගතටත්, සිතටත් එකසේ බලපාන බව විද්යාඥයෝ කියති. හඳ එළිය නිසා පෘථිවියේ චුම්භක කේෂ්ත්රය චලනය වී අපේ සිරුරෙන් විහිදෙන ශක්තිය වෙනස් වී ස්නායු පද්ධතියත් ඒ අනුව සිතිවිලිත් වෙනස් වන බව නිව්යෝක් වෙටරන්ස් ඇඩ්මිනිස්ට්රේෂන් හොස්පිටල් නම් රෝහලේ වෛද්ය විද්යාඥයකු වන මහාචාර්ය රෙබට් බේකර් කියයි. පසළොස්වක පෝය දිනවලදී මිනිස් සිතේ සැඟවුණු හැකියාවන් මතුවන බව තවත් විද්යා වාර්තාවක සඳහන් වේ. මඳ හිරු එළිය සහ සඳ එළිය නිසා ගස්වලින් විහිදෙන ශක්තීන් හා කිරණ දැඩිවන බව තවත් විද්යාඥයෙක් කියයි. සම්බන්ධය ආදි මෙසපොතේමියන්වරුන්ද මායා සහ බැබිලෝනියන්වරුන්ද දැන සිටි බව පුරාවිද්යා ගවේෂණවලින් ඔප්පු වී ඇත. සඳ එළිය අපේ සිරුරෙන් විහිදෙන රැස් වළල්ල පාලනය කරන අතර එය අපේ සිතිවිලි අනුව ඒ ඒ පැහැය ගන්නා බව සෝවියට් විද්යාඥයන් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණ මාලාවකින් ඔප්පු විය. අපේ ආධ්යාත්මික වර්ධනය හා ඒ අනුව හැඩ ගැසෙන චරිතය අනුව සිරුරෙන් නිකුත් වන රශ්මියෙන් වර්ණයද වෙනස් වේ. සඳ එළිය වැටුණු රැයක බෝපත්වලින් නිකුත් වන කිරණ අපේ සිරුර මත වැටීමෙන් අපේ සිතුවිලි පරම්පරාවත් ඒ අනුව චරිතයත් වෙනස් වී හැඩ ගැසී දැමුණු ඉඳුරන් ඇති පුද්ගලයන් බවට පත්වේ. අද විද්යාඥයන් විසින් අනෙකුත් තාක්ෂණික ඥානයන් උපයෝගි කර ගනිමින් සොයාගනු ලැබ ඇති මේ සත්යයත් මීට අවුරුදු දෙදහස් පන්සිය අසූවකට පමණ පෙර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දැන සිටි බව බුදු බව ලබා ගැනීම සඳහා බෝගස තෝරා ගැනීමෙන්ම පැහැදිලි වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk