Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසක වර්ගඵලය ගැනීමේදී මතුවන ගැටලු මොනවාද?

1 year ago 7 Min read
Subha.lk
නිවෙසක වර්ගඵලය ගැනීමේදී සම්පූර්ණ දිග හා පළල එකට වැඩි කර ගැනීම වාස්තු න්යාය වන්නේය. ඉඩමක ඉඩ ප්රමාණය අනුව දිගින් හා පළලින් යම් ප්රදේශයක් සීමා කිරීමත් ඒ අනුව එකට වැඩි කර වර්ගඵලය ගැනීමත් එම කොටස නිවෙසේ වර්ගඵලය ලෙස හැඳින්විය හැකි වේ. මෙවැනි අත්තිවාරමක දිග හා පළල එකට වැඩි කිරීමෙන් නිවැරදි වර්ගඵලය ලැබෙන බව පෙනේ. නමුත් වර්ගඵලය නිවැරදි වීමට අප මෙහිදී දිග පළල ගත යුත්තේ කිනම් කොටසකටද? යන්න සිතා බැලිය යුතුය. බොහෝ දෙනා ගන්නේ පොළොව මතුපිට බාසුන්නැහැලා බඳින කොටසය. එය වැරදි සහගත බව මාගේ අදහසයි. එය මෙම සටහනෙන් පැහැදිලි වේ. අනුමත දිග පළල අනුව බාසුන්නැහැ මුලින්ම ලුණු අදින්නේ මෙහි සඳහන් පොළොව යට කොටස වන අඟල් 14ට ගන්නා අංක 3 කොටසය. නිවැරදි වර්ග ඵලය හිමි වන්නේ එම කොටසටය. නමුත් වාස්තු උපදේශක බොහෝ දෙනා අඟල් 12ක්වූ අංක 2 කොටස මැන වර්ගඵලය සාදන අවස්ථා මා දැක ඇත්තෙමි. මෙය සම්පූර්ණ වැරදි සහගත බව මාගේ අදහසයි. තවත් සමහරු කපරාරු වාසිය කියමින් අඟලක් අඩු කර දිග පළල ගෙන මේ කොටසේ වර්ගඵලය සකස් කරනු ඇත. මේසන් බාසුන්නැහැලා දිග පළලින් අඟලක් අඩු කර ලණු අදින අවස්ථාද ඇත. ඒ අය කියන්නේ කපරාරුවට අඩු කරනවා කියාය. කෙසේ නමුත් දක්ෂ පෙදරේරු මහතුන් පොළොවේ ස්වභාවය එනම් තද හෝ බුරුල් නම් පොළොවේ යට මට්ටම අත්තිවාරම පළල අඩු වැඩි කරනු ඇත. එනම් තද පොළොව අඟල් 12 වන සේද බුරුල් පොළොව නම් 14, 15 වනසේද ගනී. එම පළලම පොළොවෙන් උඩ කොටස අංක 2ටද ගෙන අත්තිවාරම සකස් කරනු ඇත. ඒ අනුව සටහනේ පෙන්වන අංක 3, 2 කොටස් දෙකම එක සමානව ගනී. ඒ අනුව අත්තිවාරමේ වර්ගඵලයද නිවැරදි ලෙස ගත හැකි වේ. එහිදී ගැටලුවක් ඇති නොවේ ඇතැම් වාස්තු උපදේශකවරු නිවෙසේ බිත්ති සීමාවට දිග පළල ගෙන වර්ගඵලය සාදනු ලබයි. එමෙන්ම නිවෙස වටා ඇති පේමන්ට් කොටසද වර්ගඵලයට ගන්නා අවස්ථාද තිබේ. මේ අතර නිවෙසක පළල ඔත්තේ සංඛ්යාවටත් දිග ඉරට්ටේ සංඛ්යාවටත් ගත යුතු බවද එසේ ගැනීමේදී පළල මෙන් දෙගුණය ඉක්මවා දිග නොගත යුතු බවද වාස්තු නියමයක් මා දැක ඇත්තෙමි. කෙසේ නමුත් මෙහිදී එන වර්ගඵලයද ඔත්තේ සංඛ්යාවකට විය යුතු බවද සඳහන් වේ. මෙවැනි නිවෙසක වර්ගඵලය සඳහා දිග පළමු එකට වැඩි කිරීමෙන් වැරැන්ඩා කොටසේ වර්ගඵලය එකතු වීමට නම් ඒ සඳහා කණු හතර යා කර අත්තිවාරම දමා නිවෙසට එකතු කළ යුතුය. දිග හා පළල වැඩි කර ලැබෙන වර්ගඵලයට යම් සීමිත ප්රදේශයක් අනිවාර්යයෙන් තිබිය යුතුවේ. නිවෙසට යාබදව වැරැන්ඩාවක් මෙම සටහනේ පරිදි ගන්නේ නම් නිවෙසේ දිග හා පළලට එකතු වන ආකාරයෙන් එම කොටසට අත්තිවාරම දමා කණු සම්බන්ධ කළ යුතු වේ. නිවෙසක මැද මිදුලක් තිබේ නම් එහි වර්ගඵලය නිවෙසේ වර්ගඵලයෙන් අඩු කළ යුතු බව වාස්තු උපදේශක මතය වී ඇත. එනමුත් එහි උඩ කොටසේ පල හතරක වහලයක් ගසා තිබීම හෝ වීදුරු වහලයක් යොදා තිබුණොත් එවිට එහි වර්ගයට කුමක් කළ යුතුද? යන්න ගැටලුවකි. කෙසේ නමුත් වහලය යෙදූ එවැනි මැද මිදුලේ දරුවන්ගේ අධ්යාපන කටයුතු පමා කරන ආකාරය මා දැක්කෙමි. මුළුතැන්ගෙයි කළ යුතු සමහර වැඩ කොටස් පවා මෙම ස්ථානයේ කරනු ඇත. එවැනි වැඩකටයුතු රාශියකට යොදා ගන්නා මෙම කොටස නිවෙසේ වර්ගඵලයෙන් අස් කළ යුතුද? මහල් නිවෙසක විශේෂයෙන් තට්ටු දෙකක නිවෙසක වර්ගඵලය ගැනීමේදී පොළෝ බිම් සැලසුමේ වර්ගඵලය පමණක්ද ගත යුත්තේ යන්න බොහෝ දෙනකුට පවතින තවත් ගැටලුවක්. උඩ මහලේ වර්ගඵලය නිවෙසට ඇතුළත් නොකරන්නේ මන්ද? යන්න බොහෝ දෙනා අසන ගැටලුවකි. නිවෙසේ සම්පූර්ණ උළුවහු ජනෙල් ගණන් එකතු කරන්නේ නම් වර්ගඵලය එකතු නොකිරීම ගැටලු ප්රශ්නයකි. වර්ගඵලය කිසිත් ගණන් නොගෙන අනෙකුත් වාස්තු මූලධර්ම සම්පූර්ණ කර පදිංචිවී සිටින නිවෙස්ද මෙම අතර ඇත. මෙහිදී මුළුතැන්ගෙය, බ්රහ්ම පාදය, ගිනි කතිරය, නාන කාමරය, වැසිකිළිය, ළිඳ, දොර ජනෙල්, විශේෂයෙන් ප්රධාන දොර නියමිත සුබ පාදයේ තැබීම එම නිවෙස්වලට සුබදායක වේ. එමෙන්ම නිවෙසක දිග පළල පෙදරේරු මහතුන් අතින් වෙනස් වී ගිය නිවෙස්ද මේ අතර ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk