කරදර-අනතුරු වෙන්න කලින් පෙන්වන ගුප්ත කතිරය

අද ඔබට ඔබගේ අතේ ඇති රේඛාවලින් කියැවෙන පලාපල අතර ඔබේ අත්ලේ මැද කුජ තලාව මත බොහෝ දුරට පිහිටන කතිර සලකුණු පිළිබඳව හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමි. ඔබේ අත්ලේ ගුප්ත කතිරය තිබුණොත් ඔබ ආධ්යාත්මික ශක්තිය හා ගුණ බලයන් බොහෝ දුරට පිහිටයි.
තවද ගැඹුරු අභිධර්මය, විවිධ දාර්ශනික ඉගැන්වීම් ආදිය ගුරුවරයකුගේ ගුරුහරුකමක් නැතිව වුවද අධ්යයනය කිරීමට හැකියාව ලැබෙයි.
මෙම කතිරය බොහෝ දුරට පිහිටන්නේ හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතරය. ඇතැම්විට ගුරු මණ්ඩලය ආසන්නවද පිහිටයි. ගුප්ත කතිරය ඇති අයට විවිධ අනතුරු, මාරක කරදරවලින් ඔබව නොසිතූ විරූ ලෙස බේරීමට හා ඒවා ගැන කලින්ම දැනගන්නට ලැබෙයි. ඔබට සිහිනයක් හෝ පෙනෙයි. මෙම
සලකුණ හිමි පුද්ගලයන්ට විශ්වයේ ගුප්ත බලවේගවලින් උදවු උපකාර ලැබේ. මාරක අනතුරු, බෝම්බ පිපිරීම්, දරුණු රිය අනතුරුවලින් ජීවිතය ගලවාගත් බොහෝ අයගේ අත්ලයන්හි මෙම ගුප්ත කතිරය අතේ ඇති බව මාගේ පර්යේෂණයන්වලදී අනාවරණය වී ඇත.
ඔවුන් පවසන්නේ ඔවුන් හාස්කමකින් මෙන් මෙම අනතුරුවලින් මිදුණු බවකි.
මෙම සලකුණ ඇති පුද්ගලයන්ට විශ්වයේ ඇති උසස් බලවේගවලින් ආධාර
උපකාර ලැබේ. ඔවුන් බොහෝ දුරට ආගමානුකූල දිවියක් ගත කරයි.
Advertisements


