දරුපල නැහැ කියා ඔබත් දුකෙන්ද?

විවාහයකදී දරුවන් ලැබීම ජීවිතයේ ඒකාකාරී බව නැතිවීමට හේතුවන අතර වියපත් වූ විට දරුවන්ගේ රැකවරණය මැද ජීවත්වීමට හේතුවන තත්ත්වයක් වනු ඇත.
දරුවන් පිළිබඳ බැලීමේදී ජ්යොතිෂය අනුව පුත්ර කාරක ගුරු සිටින තත්ත්වය හා පුත්ර ස්ථානය වූ 5 වැන්න පාප පීඩිතව ඇද්ද යන්න බැලිය යුතුය.
පුත්ර කාරක ගුරු බලවත්ව ලග්නයේ වීම, පුත්ර ස්ථානාධිපති (5 අධිපති) සුබ තත්ත්වයෙන් සිටීම දරුවන් ලැබීමට හේතු වේ.
5 වැන්න අධිපති හෝ ගුරු 6,8,12 යන දුෂ්ට ස්ථානාධිපති ග්රහයකුගේ දෘෂ්ටියකින් හෝ සංයෝගයකින් පීඩා නොවී සිටීමද දරු-පලවලට සුබ වේ.
ඇතැම් ස්ත්රීන්ට පිළිසිඳ ගැනීම වී නිතර නිතර ගබ්සා වීම් නිසා දරුපල අහිමි වේ. මෙවැනි කාන්තාවන් ශරීරය උෂ්ණාධික බවෙන් තොරව තබා ගත යුතුය. උෂ්ණාධික බව දරුපල අහිමි වීමට හේතු වේ. එවන් ස්ත්රීන් දේශීය කොළ කැඳ වර්ග දිනපතා පානය කිරීම, උෂ්ණාධික කෑම වර්ග විශේෂයෙන් උෂ්ණාධික සත්ත්ව මාංස ආහාරයට නොගත යුතුයි. දරුවන්ට ආදරය කිරීම හා ධර්මානුකූලව ජීවත් වීමද එයට වඩාත් සුබ වේ. දරුවන් අහිමි මවුපිය යුවළ මසකට වරක් නිර්මාංසව අටසිල් සමාදන් වීමද සුබ වේ.
මෙවන් ක්රම මඟින් දරුපල ලබා ගැනීමට හැකිවනු ඇත. මව මෙන්ම පියාද මත්පැන්, දුම්වැටි ආදියෙන් වැළකී දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමද, ධාතු ශක්තිය වඩන පෙනෙල කොළ වැනි දේ ආහාරයට එකතු කර ගැනීමද සුබ වනු ඇත. දරුවන් ජීවිතය පුරා නොලැබී ගියත් කුඩා දරුවන් ඇති ළමා නිවාස හා දුප්පත් මවුපියන් ළඟ සිටින දරුවනට ආහාරපාන, සෙල්ලම් බඩු, පොත්පත් ආදිය පරිත්යාග කිමද උපදින සෑම ආත්මයකම පින් වැඩෙන කුසලකර්ම වනු ඇත. දරුවන් සිටින මවු පියවරුන් ද මහලු මඩම්වල ජීවිතයේ අවසන් කල සිටින කාලයක දරුවන් නොමැති වී දුක් විඳින්නට සිදු වීම ගැන පසුතැවිලි නොවන්න.
කවදා නමුත් මොලොව හැරදා අප යා යුතුයි. එයට සතුටු සිතින් මුහුණදීමට ජීවිතය හා මනස හැඩගස්වා ගන්න.
Advertisements


