Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලග්න පලාඵල (දෙසැම්බර් 20 සිට දෙසැම්බර් 26 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

විවාහ සහකරුට ලාභයක්

තදබල විපත්ති මඟහැරී යෑමටද සිතේ. තිබුණු බය ගතිය පහ වීමද සිදුවේ. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර අසනීපයක් පැවතුණේ නම් එය සුව අතට හැරේ. විවාහ සහකරුට හදිසියේ මිල මුදල් ලාභයක් හෝ වෙන මොනයම් හෝ ලාභයක් ලැබෙනු ඇත. නැති වූ දෙය සොයා ගත හැකිවේ. ගෙදරට අලුත් බඩුබාහිරාදිය ලැබෙන කාලයකි. ආදායම් තත්ත්වය හොඳ වේ. වැඩිහිටියන්ගෙන් හා හිතවතුන්ගේ උදවු උපකාර ලැබීමත් නිසා තමාගේ සුබ කටයුතු කිහිපයක් හොඳින් කරගත හැකිවේ. රැකීරක්ෂා, වෙළෙද ව්‍යාපාර දියුණුවට පත් වී එමඟින් වැඩි ආදායම් ලැබෙන කාලයකි. නමුත් ශනිගේ බලපෑම නිසා රැකීරක්ෂා ව්‍යාපාර සඳහා විවිධ කරදර බාධක පැමිණීමත් සමග පාඩුද සිදු විය හැකිය. වැඩ කටයුතු අධික වේ. රැකීරක්ෂා වෙනුවෙන් වෙනදාට වඩා මහන්සි වීමට සිදුවන කාලයකි. කේක්ලාම්, ඕපාදූප අසන්නට කියන්නට සිදු වේ. නමුත් ඒවාට ඇහුම්කන් නොදී සිටීම ඔබේ දියුණුවට හේතුවේ. වැඩිහිටියකුට අසනීප ගති මතු වීමටද හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුය. කොන්ද ආශ්‍රිත හෝ පාදවල කැක් කුමක්ද ඇති වීමට හැකිය. මේ කැක්කුම් සඳහා ඖෂධ ගත්තද ඉක්මනින් සුව නොවනු ඇත.

සුබ දිනය - අඟහරුවාදා සුඛ වර්ණය රතු ජය අංකය - 02

 

වෘෂභ

 

ආගමික කටයුතුවලට සිත යොමුවෙයි

මිශ්‍රපල සහිත සතියකි. දුර බැහැර ගමන් යෑමට සිතෙයි. සමහරවිට එම ගමන් යෑමට ඉඩ ලැබෙන්නටද පුළුවන. පිට අය හා ආශ්‍රයට පත්වේ. තම වාසනාව මතුවන කාලයක් වන අතර හදිසි ලැබීමක් හෝ මිලදී ගැනීමක් සිදුවන සතියකි. ආගමික කටයුතුවල නිරත වීමට සිතෙන දවස් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට අලුත් ඉගෙනීම්වල නිරත වීමට අවස්ථාව සැලසේ. එමෙන්ම අමුතු ගැටලු සහිත තැන් වහා අවබෝධ වනු ඇත. දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතියට කටයුතු සැලසේ. තම බලය වැඩිවේ. දේපළ දියුණු වේ. දේපළ මාර්ගයෙන් ආදායම් ලැබෙනු ඇත. ගෘහ ජීවිතය යහපත්ව ගත කිරීමට හැකිවේ. ස්ථාන වෙනස් වීමක් හෝ ගෙදරින් පිටවීමක් හෝ කාර්යාලය වෙනසක් හෝ නිතර නිදාගන්නා තැන වෙනස් වීමක් හෝ සිදුවේ. කුජ හා කේතු 07 වැන්නේ ගමන් කිරීමත් නිසා විවාහ ජීවිතය සම්බන්ධ මත ගැටුම් ඇති වීමට ද හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. තම උපන් කේන්දරයට අනුව ඔබ අසුබ කාලයක් ගෙවමින් පවතී නම් පවුලේ කෙනෙකුට අසනීපයක් හෝ කරදරයක් සිදුවීමට හැකිය.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය - 08

 

මිථුන

 

අවිවාහක අයට මංගල යෝග

මිශ්‍රඵල සහිත සතියකි. අවිවාහක අයට මංගල යෝග උදා වේ. විවාහ වූවකු නම් අඹු සැමි සමඟිය ආශ්‍රය වැඩි වේ. ස්ත්‍රීන් සමග ආශ්‍රය වැඩිවේ. නඩුහබවලින් කරදර පවතී නම් මෙම කාලයේ තමාට සහනයක් සැලසේ. නමුත් එම කරදර මෙම වසර පුරාම පවතිනු ඇත. ප්‍රසිද්ධ තරග, වාද විවාද තරග ඇතිවී නම් එයින් ඔබට ජය ලැබේ. රැකී රක්ෂා, වෙළහෙළෙද ව්‍යාපාර හොඳින් කරගෙන යෑමට හැකි අතර බලාපොරොත්තු කිහිපයක්ම ඉටුකර ගත හැකිවේ. 05 වැන්නාධිපති සිකුරු 08 වැන්නේ සෙනසුරු සමඟ ගමන් කරමින් පවතින අතර ඔබ දරුවන් කෙරෙහි වෙනදාට වඩා අවධානයෙන් සිටිය යුතු වේ. ප්‍රේම සම්බන්ධතාවලින් රැවටීමකට හෝ හදිසි සිදු වීමක් පෙන්වන කාලයකි. පවුලේ කරදර පවතීනම් එයින් නිදහසත් සැනසීමත් ලැබෙනු ඇත. සඳුගේ, කේතුගේ හෝ රාහුගේ දශාවක් පවයන අයට නම් කරදර සිත් පීඩා, රැවටීම්, භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග ආරවුල් ඇතිවන කාලයකි. පවුලේ අනවශ්‍ය කරදර මතුවේ. ඔබ සුවණ, දෙනට යන නැකැත් වලින් ඉපදී ඇතිනම්ද ඉදිරි කාලය ප්‍රවේශම් විය යුතුය. සතුරන් සමඟ ප්‍රසිද්ධියේම ආරවුල් මතුවිය හැකිය.

සුබ දිනය - බදාදා සුබ වර්ණය - ස්කොළ හෝ කහ ජය අංකය - 05

 

කටක

 

රැකියා ස්ථානයෙන් ගරු සැලකිලි

ලග්නාධිපති සඳු 12 වැන්නේ ගමන් කරමින් ආරම්භ වන මෙම සතියේ මුල් කාලය ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුය. සිත් රිදවීම්, රැකියාවේ කරදර, ඉගෙනීම් කටයුතු වලට බාධක මතුවීමට හැකිය. තමාගේ අසනීපයක් හෝ වෙනත් කෙනෙකුගේ අසනීපයකට රෝහල් ගත කටක වීමටද හැකිය. ආගමික කටයුතු නිසා හෝ ගමන් බිමන් නිසා කරදර මතු විය හැකිය. ගුප්ත විද්‍යා නිසා රැවටීමකට හෝ පාඩුවක් විඳීමට සිදුවන කාලයක් බැවින් මනා කල්පනාවෙන් කටයුතු කළ යුතුය. රව් 06 වැන්නේ ගමන් කරමින් පැවැතීම තදබල අපල පීඩා අඩු වීමට හේතුවන අතර, ශරීර සනීපය ඇති කරයි. මිල මුදල් ලාභ ලැබේ. කුලියට දී ගැනීමට නොහැකිව පැවැති දේපළක් කුලියට දීමට හැකි වේ. යටිබඩ, ගර්භාශය සම්බන්ධ අසනීප සුව අතට හැරේ. රහස් ප්‍රදේශවල උෂ්ණ ගතිය වැඩි වීමක් නිසා ඒ ආශ්‍රිත රෝග මතුවීමට හැකි බැවින් සීතල සහිත ආහාර ගැනීම සුඛ වේ. රජයේ හෝ තමා වැඩ කරන රැකියා ස්ථානයේ ගෞරව, සැලකිලි වැඩි වේ. මුදල් සම්බන්ධ ගනුදෙනු වලින් ලාභ ලැබෙන අතර තම උත්සාහය වැඩි වන කාලයකි.

සුබ දිනය - සඳුදා සුඛ වර්ණය - සුදු ජය අංකය - 02

 

සිංහ

 

වාහන ලාභ

ලග්නාධිපති රවි 05 වැන්නේද යෝගකාරක කුජ 04 වැන්නේද ගමන් කරමින් ආරම්භ වන මෙම සතියද ඔබට සුබපල ලබාදීමට හේතුවේ. දේපළ මාර්ගයෙන් දියුණුවට පත් වේ. තමාගේ කතාවේ බලයෙන් ජය ගැනීමටද තම අදහස් ඉෂ්ටකර ගැනීමටද හැකි කාලයකි. ගෙදර දොර වාසනාවන්ත කාලයක් උදාවේ. සුදුසු වයස නම් මංගල යෝග උදාවන අතර විවාහක අයට සතුටින් පවුල් ජීවිතය ගත කිරීමට ලැබෙනවා ඇත. දරු ශිෂ්‍යයන්ගේ දියුණුව හා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සිටිනවා නම් ඔවුන්ට හොඳ වැදගත් සහකාරයෙක් ලැබේ. හොඳ ආහාරපාන මෙන්ම වාහන ලාභයක්ද ලැබෙන්නට පුළුවන. සියලුම කටයුතු තම වාසියට සිදු වේ. රාහුගේ බලපෑමත් හේතු කොට ගෙන රැකියාව සම්බන්ධ කරදර නම් විටින් විට ස්ථාන මාරුවීමද ඇති වන අතර උපතේදී දුර්වල ග්‍රහයකුගේ දශාවක්ද පවතින අයට නම් මෙම කාලයේ රැකියාවේ ස්ථාන මාරුවීම් නිතර සිදුවිය හැකිය. රැවටීම් ඇති වීමට හැකිය. කෙසේ නමුත් සමස්තයක් වශයෙන් මෙම කාලය ඉතා සුබ කාලයකි.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුඛ වර්ණය - රතු ජය අංකය - 09

 

කන්‍යා

 

තත්ත්වය උසස් වෙයි

ලග්නාධිපති බුධ 04 වැන්නේ රව් සමඟද සිකුරු 05 වැන්නේ හා සඳු 10 වැන්නේද ගමන් කරමින් පවතින මෙම සතිය ඔබට සුබපල ලැබෙන සතියකි. ශරීර සැප පහසුව ඇතිවේ. සමාජයේ තම තත්ත්වය උස් වේ. සතුරු කරදර අවසන් වී සිතේ සතුට හා ප්‍රීතිමත් බව ඇතිවේ. රේස්, සූදු ආදියට යන අයට විශේෂ ලාභ ලැබෙන අතර අන්තර්ජාලය සම්බන්ධව රැකියා හා වෙනත් ව්‍යාපාර කරන අයටද වාසනාවන්ත කාලයකි. දූ දරුවන්ගේ විශේෂ දියුණුවක් ඇතිවන අතර වාසනාවන්ත දූ පුතුන් ලැබීමට වාසනාව පැදීම නිසා හිතේ සතුට වැඩිවේ. මවුපියන්ට යහපත් වන අතර තමාගේ රැකීරක්ෂා කටයුතු දියුණුවට පත්වේ. රැකියාව සම්බන්ධව බොහෝ මහන්සි වීමට සිදු වේ. සමහර විට ඔබ නොසිත අයුරින් රැකියාවට ප්‍රශ්න, කරදර පැමිණීමටද හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. යහපත් සත් පුරුෂ ගුණවත් කටයුතු කිරීමට හැකිවේ. මෙම කාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසීමට සිදුවේ. ඔවුන් වෙනුවෙන් ඇවිදීමට ද වියදම් කිරීමටද සිදු වේ. ගර්භාශය ආශ්‍රිත හෝ පාද සම්බන්ධ අසනීප මතු වුව හොත් ඉක්මනින්ම ප්‍රතිකාර ලබාගත යුතුය. උෂ්ණ ගති වන කාලයකි.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - කොළ ජය අංකය - 07

 

 

 

තුලා

 

පවුලේ දියුණුව

සුබපල සහිත සතියකි. ස්ත්‍රීන් නිසා වාසනාව මතු වේ. මවගෙන් විශේෂ උපකාර ලැබෙන අතර මවුපියන්ට සුබපල සහිත වේ. පවුලේ අයගේ ආශ්‍රය වැඩිපුර ඇතිවන සතියකි. අසල්වැසියන්ගේ කටයුතු වලට සහභාගි වීමට සිදුවේ. ලියකියවිලි වැඩ ඉතා සාර්ථකව කර ගැනීමට හැකිවේ. තම බලය පෙන්වීමට සිතෙනු ඇත. සහෝදරයන් ළඟට යෑමට සිදුවේ. නැතිනම් සහෝදරයන් තමාව සොයාගෙන පැමිණේ. සුදුසු වයසේ නම් විවාහයක් ස්ථිර වෙයි. කම්සැප ලාභද සතුරන්ගෙන් ජයද තරගවලින් ජයද ලැබෙනු ඇත. ආශ්‍රයට හොඳ සහකාරයෙක් ලැබීමටද පවුලේ දියුණුවටද මෙම කාලය හේතුවේ. රාගාධික කාලයකි. පසුගිය මාසයේ සිදු වූ ගුරු මාරුව ඔබට සුබපල ලබාදෙනු ඇත. සමාජයේ පිළිගැනීම ද, ප්‍රසාදයද ඇති වේ. නැති වී ගිය රැකී රක්ෂා නැවත ලැබේ. මෙම කාලයේ නීතියෙන් පිහිට සෙවීමේදී හොඳ කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. වෙළහෙළෙද ව්‍යාපාර වලින්ද දේපළ ඉඩකඩම් මාර්ගයෙන්ද මිල මුදල් වෙනදාට වඩා ලැබේ.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - ක්‍රීම් ජය අංකය - 06

 

වෘශ්චික

 

උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැඛෙයි

ලග්නාධිපති හා 06 වැන්නාධිපති කුජ ලග්නයේම ගමන් කරන මෙම සතිය ඔබට සුබපල සහිත සතියකි. හිතවතුන්ගේ ආධාරයෙන් තම කටයුතු දියුණු කරගත හැකි කාලයකි. වරදෙන් නිදහස් වීමටත් සිදු වීමට ගිය නින්දාවකින් නොමටත් හැකිවේ. ණය ගනුදෙනුවලින් හෝ තමා සතු දේ පළ කුලියට දීමෙන් ආදායම් ලබාගැනීමට හැකිවේ. වෙළ හෙළෙද ව්‍යාපාරිකයන්ට යහපත් වන අතර කරගෙන යන කටයුතු දියුණු වේ. උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. තමා ගැන තමාම වර්ණා කරගන්නා කාලයකි. ගෙවල් දොරවල්, ඉඩම් කඩම් හෝ මවුපියන් වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. ගෙදරදීම කරන කටයුතුවලින් දියුණුව ඇතිවේ. දූ දරුවන් බලාපොරොත්තුවෙන් සිටි අයට එම බලාපොරොත්තු ඉටු වන කාලයකි. ඔබ දීර්ඝ කාලයක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටියේ නම් එම බලාපොරොත්තුවට සුබ ලකුණු මෙම කාලයේ පහළවනු ඇත. ඔබේ කේන්දරයේ 07 වැන්නට පාප ග්‍රහයන් කිහිපදෙනකුගේම අසුඛ දෘෂ්ටියක් එල්ලවන බැවින් විවාහය ව්‍යාපාර සම්බන්ධයෙන් හෝ අනවශ්‍ය කරදර මතු වීමටද ප්‍රසිද්ධ සතුරන් ඇති වීමටද හැකි අතර ඒ සම්බන්ධයෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

සුබ දිනය - සඳුදා සුඛ වර්ණය - තැඹිලි ජය අංකය - 05

 

ධනු

 

තරග විභාගවලින් ජය

වාසනාවන්ත සතියකි. බලාපොරොත්තු ඉෂ්ටවීමටද දියුණුවට කටයුතු සැලසීමටද මුදල් හෝ හදිසි ධන ලාභ ලැබීමටද හේතු වේ. විනෝද වීමට, හිතවතුන් සමඟ ප්‍රීතිවීමටද අවස්ථාවන් ලැබේ. ආදර සබඳතා ශක්තිමත් වේ. දරුවන්ගේ තත්ත්වය උසස් වේ. දීර්ඝ කාලයක් පුරාවටම පැවැති කරදරකාලක් අවසන්වේ. ඉගෙනීම දියුණු වන අතර තරග විභාගවලින් ජය ලැබේ. මුදල් යොදවා කරන ව්‍යාපාර කටයුතු වලින් හොඳ ලාභ ලැබෙනු ඇත. නමුත් ව්‍යාපාර අරඹන්නේ නම් සුළුවට පවතින සෙනසුරු අපල සඳහා පිළිවෙත් කරගත යුතු වේ. විදෙස් සබඳතා ශක්තිමත් කර ගැනීමටත් හැකිවේ. විදෙස් මුදල් සමඟ ගනුදෙනු කරන අයටත් යහපත් කාලයකි. දරුවන් සමඟ සතුටින් හා විනෝදයෙන් කාලය ගෙවීමට හැකිවේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. ඇස්, උගුර, තුනටිය ආශ්‍රිත සුළු අසනීප මතු වීමට හැකිය. උපතේදී සඳු 02 තැන්පත් වී ඇතිනම් කරදර සහිත වේ. ගමන් බිමන්වලින් පාඩුද අලාභ හානිද ඇති වීමට හැකිය. මුදල් අගහිගකම් මතුවේ.

සුබ දිනය - බදාදා සුඛ වර්ණය - කහ ජය අංකය -05

 

 

 

මකර

 

වචනයේ බලයෙන් සුඛපල

වාසනාවන්ත සතියකි. ගරු නම්බු, මිල මුදල් ලාභ ලැබේ. ආදායම් වැඩිවේ. ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වීමත් සමඟ සිතේ සතුට වැඩි වේ. ඉඩකඩම් හෝ වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව උදාවේ. දැනට පවතින ව්‍යාපාර කටයුතු ක්‍රමයෙන් දියුණුවට පත් වේ. ඔබ ව්‍යාපාර කිරීමට දක්ෂයකු වන අතර මෙම කාලයේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද හැකිවේ. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර තමාගේ වචනයේ බලයෙන් බොහෝ සුබ පල ලබා ගැනීමට හැකි වේ. ඔබගේ ධෛයද නොපසුබට උත්සාහයද වැඩි වන බැවින් සමාජයේ කැපී පෙනීම වැඩි වේ. අන්‍යයන්ගේ පිහිට නොපතන ඔබට මෙම කාලයේදී සියලුම දෙනාගෙන් පිහිට නිතැනින්ම ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මවුපියන්ට දූ දරුවන්ට යහපත් වන අතර ඔවුන් දියුණුවට පත්වේ. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වීමට අවශ්‍ය අඩිතාලම මෙම කාලයේදී වැටෙනු ඇත. සුවන නැකැතේ 14 යන පාදවලින් හා දෙනට, සියාවස යන නැකැත්වලින් ඉපදී ඇති අය ප්‍රවේශම් විය යුතුය.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය - 05

 

කුම්භ

 

උසස් තත්ත්වයක්

සුපල සහිත සතියකි. ගෞරවයද සැලකිලිද වැඩිවන අලුත් උසස් තත්ත්වයකට පත්වන සතියකි. රැකියාවේ පවතින කරදර ක්‍රමයෙන් අඩු වී යනු ඇත. උපතේදී ඔබේ කේන්දරයේ ග්‍රහ බලයද සුබ විධියට පවතී නම් ටික ටික ලැබෙන මුදලක් මෙම කාලයේ එකවර ලැබෙනු ඇත. ඔබ ඔබේ මුදල් නිසියාකාරව කළමනාකරණය නොකර ගතහොත් අනවශ්‍ය විදිහට වියදම් වීම නිසා බොහෝ දුක් වීමට සිදු වේ. බැංකු ණයක් හෝ වෙනයම් ක්‍රමයකට මුදලක් අතට ලැබෙනු ඇත. නමුත් එම මුදල් නිකරුණේ වියදම් වීමටද හැකි බැවින් වැඩිහිටියකුගේ උපදෙස් ලබාගන්න. දරු ශිෂ්‍යයන්ට සුබවන අතර ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක වේ. තමාගේ අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට හැකි අතර විදෙස් ගත ශිෂ්‍යයන්ටද යහපත් කාලයකි. මවුපියන්ගේ, දූ දරුවන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් වේ. උපතේදී සඳු ග්‍රහයා 12 වැන්නේ හෝ ලග්නයේ තැන්පත් නම් ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. එම අයට රැකී රක්ෂා කටයුතු වල කරදර, සිත් රිදවීම්, අනතුරු සහිත කාලයකි. කම්මැළිකම, සැකය, පසුතැවිල්ල හා ඉදිරියට යැමේ අකැමැත්ත යන දුර්වලකම් අඩු කරගත යුතු වේ.

සුඛ දිනය - බදාදා සුඛ වර්ණය - රතු ජය අංකය - 08

 

මීන

 

අලුත් හිතමිතුරන් ලැඛෙයි

ලග්නාධිපති ගුරු 12 වැන්නේද ශනි, සිකුරු 11 වැන්නේද සඳු 04 වැන්නේද ගමන් කරන මෙම සතිය ඔබට සුබපල ලබාදීමට හේතුවේ. රෙදිපිළි, ඇඳුම් පැලඳුම්, මිල මුදල් හදිසියේ සිදුවන ලැබීම් පෙන්වන කාලයකි. ආදර සබදතා වලින් ප්‍රීතියද සැනසීමද ඒවා දියුණුවට යෑමද සිදුවේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අලුත් හිත මීන මිත්‍රයන් ලැබෙන අතර ඔවුන්ගෙන් සිතේ සතුට ඇති කරයි. රැකියාවේ දියුණුව ඇති වීමටත් රැකියා ස්ථානයේ ගෞරවය වැඩිවීමත් සිදුවනු ඇත. උසස් වීම් බලාපොරොත්තුවෙන් වැඩ නොකළද තමාගේ වාසනාව නිසාම මෙම කාලයේ උසස් වීම් තමා පසුපස හඹා එනු ඇත. මෙම කාලය ජීවිතයේ අමුතුම කාල පරිච්ඡේදයක් වනු ඇත. අන්‍යයන් දැඩි ලෙස විශ්වාස කරන ඔබට එම විශ්වාසයන් නිසාම පාඩුවක්ද සිදු වීමට හැකිය. පින්දහම් කටයුතු දරුවන් වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. නිතර කෙටි ගමන් යෑමට සිදු වේ. අනුකම්පා සහගත සිතක් පවතින ඔබ අනන්නට උදවු කිරීමට ඉදිරිපත් වන කාලයකි. මවුපියන්ගේ, දරුවන්ගේ, තමාගේ ශරීර සෞඛ්‍ය යහපත් වේ. නමුත් මෙම කාලයේ ඇඟට තෙහෙට්ටුව, පාද ආශ්‍රිත වේදනා මතු වීමට හැකිය.

සුබ දිනය - අඟහරුවාදා සුඛ වර්ණය - කොළ ජය අංකය - 03

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk