Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රතන සූත්රය භාවිතයෙන් කළ හැකි ගුප්ත කර්ම

1 year ago 7 Min read
Subha.lk
ගෞතම බුදුරජාණන් වහන්සේ ඡීවමානව වැඩසිටි සමයෙහි දඹදව විශාලා මහනුවර ඇතිවූ රෝග, අමනුෂ්ය, දුර්භික්ෂ නම් වූ තුන්බිය දුරලීම පිණිස ‘රත්න සූත්රය දේශනා කොට මුළුමහත් දඹදිව් තලයම දුකින් නිවා දැමූ සේක. එවන් අසිරිමත් බලසම්පන්න රතන සූත්රය අනන්ත ගුණබල සහිතය සිහි කළ පමණින් අපමණ ගුණබල දැකිය හැකිය. ඒ අනුසාරයෙන් කළ හැකි ගුප්ත කර්ම රැසක් පවතින අතර මීට ප්රථමයෙන්ද මවිසින් මෙහි අනුහස් සහිත ගුප්ත කර්ම කිහිපයක් වරින්වර හදුන්වා දෙන ලදී. මෙම ලිපිය සකස් කිරීමේ මූලික අරමුණ වනුයේද අනන්ත බුදුගුණ සහිත රතනසූත්ර දේශනාවෙහි බල මහිමයෙන් තමන්ටම කර ගත හැකි ගුප්තකර්ම කිහිපයක් හඳුන්වාදීමයි ආගම දහමට ගරු කරන පිළිවෙත් ගරුක අයට මෙහි මහත්ඵල ලැබිය හැකි අතර මිථක දෘෂ්ටික මතවාද හිස මත දරාගත් අයට ප්රතිඵල ප්රමාද විය හැකිය. 01. “යානීධ භූතානි සමාගතානී" පළමු ගාථාවෙන් කළ හැකි කටයුතූ - තමා ස්නානය කොට පිරිසුදු වස්ත්ර ඇඳ ඉතා පවිත්ර වී පිළිම ගෙයක් තුළ කුල දේවතාවුන්ට සුවඳ මල් හා ගිතෙලින් පහන් පුදා එළකිරෙන් නොඉඳුල්ව පිසින ලද කිරිබත් පූජාකොට තමා සිතූදේ ඉෂ්ට වේවායි අධිෂ්ඨාන කොට මෙම ගාථාවෙන් 108 වරක් පිරිත් කරනු අරමුණු කළ කරුණු ඉෂ්ට වේ. 02. “තස්මාහි භූතා නිසාමෙථ සබ්බේ" දෙවැනි ගාථාවෙන් කළ හැකි කටයුතු - යම් කිසි ස්ථානයක අමනුෂ්ය දෝෂ ඇත්නම් කුල දේවතාවුන්ට මල් පහන් පුදා පිළිවෙත් ගරුකව මෙම ගාථාවෙන් 108 වර ගල්, වැලි, ජලය ආදිය පිරිත් කර භාවිතයට ගනු, අමනුෂ්ය උපද්රව දුරුවේ. 03. “යැංකිංඤවි චිත්තං'' යන තුන්වැනි ගාථාවෙන් කළ හැකි කටයුතු - පළමුව තමන් පිරිසුදු වී කුල දේවතාවුන්ට විලඳ සහ කිරිබත් පුදා මෙම ගාථාවෙන් අටතුරාසියක් පිරිත් කරනු. සියලු යක්ෂ, ප්රේත උපද්රව දුරු වෙයි. යම් ගෙදරක යක්ෂ, ප්රේත උපද්රව ඇත්නම් ඔයකින් හෝ මුහුදින් වැලි ගෙන මෙයින් අටතුරාසියක් පිරිත් කොට එම ගාථාව කියමින් ගෙයි හෝ ඉඩම සෑම තැනම එම වැලි ඉසිනු, යක්ෂ ප්රේතාදී සියලු බිය දුරුවේ. යක්ෂ ප්රේතාදී බියක් ඇති මාර්ගයක යන කළ ඊතණ ගසක් මුල සිටන් තුන්වැනි පුරුකෙන් කඩාගෙන ඊට අටතුරාසියක් පිරිත් කොට එය හිස පැලඳ මෙම ගාථාව සිහි කරමින් යනු. සියලු බිය දුරු වේ. රාජ සභාවට මේ ගාථාවෙන් පිරිත් කළ තෙල් තිලක දෙනු. සියලු ජනී ජන ආකර්ෂණය ලැබේ. බාලගිරි දෝෂය ඇති ළදරුවන්ට මෙයින් අටතුරාසියක් පිරිත් කළ තෙල්වලින් ඉරි තුනක් නළලෙහි අඳිනු ළදරුවෝ හැඬීම නවත්වති. 04. “ඛයං විරාගං අමතං පණිතං" යන සිවුවැනි ගාථාවෙන් කළ හැකි කටයුතු - වැසි නොමැති නියං කාලයන්හි, පස් පවින් දුරුවී තුනුරුවන්ටද බෝධීන් වහන්සේටද මල් පහන් සහ කිරිබත් පුදා අනුන් හා කතාබහ නොකොට පිරිසුදු පිළිමගෙයක් තුළ මෙම ගාථාවෙන් අටතුරාසියක් පිරිත් කරනු. වැසි වසී. මෙසේ පිරිත් කොට ගොස් යක්ෂ උපද්රවාදියෙන් බියවූවන් දකිනු. බය දුරුවේ. සර්පයන් දෂ්ට කළ විට දෙහි ඇඹුලට පිරිත් කොට ඇඟ ආලේප කරනු. විෂ ඉවත් වේ. මෙම ගාථාව කියමින් දකුණතේ දඹරැඟිල්ලේ තුඩෙන් සර්පයා දෂ්ට කළ මුඛය මැදිවන්ට ත්රිකෝණ අඳිනු රුජා කැක්කුම් දුරුව විස බසී. මෙම කටයුතු විශ්වාසයෙන් හා ප්රතිපත්තිගරුකව කිරීමෙන් අපේක්ෂිත ප්රතිඵල ලැබිය හැකිය. රතන සූත්රය ආශ්රයෙන් සිදු කළ හැකි තවත් ගුප්ත කර්ම රැසක් නුදුරේදීම හඳුන්වාදීමේ අපේක්ෂාවෙන් මෙම ලිපිය සමාප්ත කරමි. ඔබ සැමට අනන්ත වූ බුදුගුණ බලෙන් සියලු යහපත ප්රාර්ථනා කරමි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk