Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අද්භූත ශක්තීන් අවදි වන කාලයක්

1 year ago 7 Min read
Subha.lk
අජටාකාශයේ මුදුන ධනුවයි. මේෂ ලග්න ලෝකායතන කේන්දරය අනුව එම ධනුවට අධිපති ගුරු මීනය වන දොළොස් වැන්නේ වක්රව ගමන් කරද්දී මේෂ ලග්නයේ පාපී රාහු සතුරුව ගමන් කරයි. රවිද තුලාවේ නීචව පාප කේතු සමඟ හිඳිමින් ලග්නයට සහ රාහුට දෘෂ්ටි හෙළයි. ඇමරිකාව සහ යුරෝපයේ රටවල් හොල්මන්, අවතාර, මළගිය ආත්මයන් ගැන සිහිපත් කරන 'හොලොවින් ඩේ' (Halloween day) සමරන්නේද මෙම කාලයේදීයි. ඒ අතර රාහු සිටින මේෂයේ පූර්ණ චන්ද්ර ග්රහණයක්ද සිදු වෙයි.ආකාශයේ රජු හෙවත් රවි ග්රහයා තුලාවේ නීචව ගමන් කරමින් නොවැම්බර් 16දා පස්වරු 19.15ට ගුප්තමය රාශියක් වන වෘශ්චිකයට පැමිණේ. වෘශ්චිකයට මෙන්ම මේෂයටද අධිපති කුජ මිථුනයේ වක්ර වී, සතුරුව බුධ සමඟ පරිවර්තනය වෙයි. ග්රහයන් වැඩි දෙනෙක් පාපී ග්රහයන් වන කුජ, ශනි, රාහුගේ නැකැත්වල ගමන් කිරීමත් සෙනසුරුට රාහු චතුරස්ර වීමත් සෙනසුරුගෙන් දසවැන්නේ රවි නීච වීමත් අද්භූත ශක්තීන් මතුවීමට හේතු වනු ඇත. පිටසක්වළ ජීවීන්, පියාඹන පීරිසි, ගුවන්යානා, නෞකා දක්නට ලැබීම වාර්තා වී ඇති අතර අතුරුදන් වීම් ගැනද කතිකා ඇති වූයේද මෙවන් ග්රහචාර ඇති වකවානුවලයි. ශ්රී ලංකා කුම්භ ලග්න කේන්දරය සලකද්දී සෙනසුරු දොළොස්වැන්නේ ඒරාෂ්ටකව ගමන් කිරීම එම සෙනසුරු කුජගේ නැකැතක ගමන් කරමින් සතුරු කුජගෙන් අට වැන්නේ ගෝචර වීම කුම්භ ලග්නයටද අපලදායක වෙයි. පාප පීඩිත සෙනසුරු, කුජ, රාහු, කේතු දසා, අතුරු දසා ගෙවන මානසික තත්ත්වයන් දුර්වල අයට නොයෙක් පීඩාවන් උත්සන්න විය හැකිය. වැරැදි ක්රියාවලින් වැළකී, ධාර්මිකව කටයුතු කිරීමෙන් එම පීඩාවන් අවම කර ගත හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk