Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආදරය කරන්න විවාහ වෙන්න ගැළපෙන අයකු තෝරාගන්නේ කොහොමද?

1 year ago 7 Min read
Subha.lk
අප ජීවත්වන පරිසරය ගැන විමසුවහොත් ස්ත්රීන් නිසා “විනාශය කරා ඇදී ගිය පුරුෂ ජීවිත බොහෝ වෙයි. පෙමි සබඳතා දෙදරා යෑම නිසා හෝ විවාහ ජීවිතයේ නොයෙකුත් ගැටලු හේතුවෙන් මිනිසුන් නොමට පෙලඹෙන අවස්ථා බොහෝය. මිනුමක් වශයෙන් පුද්ගලයන්ගේ චරියා රටා කොටස් දෙකකට වෙන්කළ හැකිය. එනම් හැඟීම්බර සංවේදී මිනිසුන් හා හැඟීම් යටපත් කරගෙන බුද්ධියට ඉඩ දී යාන්ත්රිකව කටයුතු කරන මිනිසුන් වශයෙනි. ජ්යොතිෂය ඇසින් විමර්ශනය කිරීමේදී වෘෂහ වෘශ්චික, මකර, කන්යා, කටක, තුලා, මීන යන ලග්නවලින් උපන් අය හැඟීම්බරය. මේෂ, සිංහ, ධනු, කුම්භ යන ලග්න හිමියන් බුද්ධියට මුල්තැනදී කටයුතු කරන්නන් වෙයි. මෙම ලග්න අනුව වෙන් කිරීමද ග්රහ පිහිටීම අනුව වෙනස් බව තේරුම් ගත යුතුය. උක්ත කරුණ ගෙනහැර දැක්වූයේ ආදරයක් හෝ විවාහයක් පිළිබඳ තේරීමේදී තම අදහස්වලට ගැළපෙන සහකරුවකු තෝරා ගැනීමට පහසු වනු පිණිසය. පුවත්පත් මඟින් හා අප අසන දකින පරිසරය තුළින් ආදරය හේතුවෙන් ගැටුම් ඇති කර ගන්නා, ජීවිත විනාශ කර ගන්නා සිදුවීම් දැකිය හැකිය. එපමණක් නොව උසස් අධ්යාපනය හදාරා විශ්වවිද්යාල තුළ පවා ආදරය නිසා ජීවිතය විනාශ කර ගත් සිදුවීම් පුවත්පත් වලින් පවා දැකිය හැකිය. මධ්යස්ථව විමර්ශනය කිරීමේදී එම සිදුවීම් විචේචනය සිදු කිරීම කළ නොහැකිය. මක් නිසාදයත් තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති මිනිසා පමණක් වන බැවිනි. ආදර සබඳතා විනාශ වීමට හේතු පාදක වන කරුණු ජ්යෝතිෂ ඇසින් විග්රහ කරමු, පළමුවෙන්ම මේ සඳහා ආදරය හා විවාහය ගැන පස් වැන්න සහ සත් වැන්න පිළිබඳව බැලිය යුතුය. 1. පස් වැන්න තුළ කුජ ග්රහයා ආශුභ දුෂ්ටි ලැබ තැන්පත්ව සිටීම 2. පස්වැන්න අධිපති ග්රහයා 6,8,12 යන අනිෂ්ඨ තැන්වල පිහිටා තිබීම, ආදර හේතුවෙන් ජීවිතය හා ආර්ථිකය හෝ මානසික වශයෙන් විනාශ වෙයි. 3 පස්වැන්නට සෙනසුරුගේ දෘෂ්ටිය එල්ල වූ විට වැඩිහිටියන්ගේ විරෝධතා මැද තම ආදර සබඳතා කඩාකප්පල් වේ. 4 හෝ 7 වැන්නේ කුජ පිහිටා තිබීම හෝ 7 ට පාපීන්ගේ දෘෂ්ටි එල්ල වීම විවාහය අයහපත්ය. කේන්දරයේ 1,2,4,7,8,12 යන තැන්වල කුජ පිහිටා තිබීම භෞමදෝෂ වශයෙන් සැලකේ. උක්ත කරුණුවලට අමතරව පරීක්ෂා කළයුතු බොහෝ කරුණු වේ. කේන්දරයේ හයවැන්නේ චන්ද්රයා පිහිටා ඇති විට ස්ත්රීන් හේතුවෙන් ප්රශ්නවලට මුහුණදීමට සිදු වේ. මෙයට හේතුවන්නේ 6 වැන්නේ චන්ද්රයා ඇති පුද්ගලයාට කුමන කරුණක් නිසා හෝ ස්ත්රීන්ට ආකර්ෂණීය පුද්ගලයෙක් වීමයි. එම නිසාම බිරියගේ හෝ පම්වතියගේ විවේචනයට භාජන වේ. එයට හේතුවන්නේ ඊර්ෂ්යාවයි. ආදරයේ හා වෛරයේ වෙනස කෙළ ගසකට සමානය යන කියමනක් ඇත. ඉහත කී පුද්ගලයන්ට සිදු වන්නේද ස්ත්රීන්ට ලබා ගත නොහැකි වූ විට ස්ත්රීන්ගේ ඊර්ෂ්යාවට හා ද්වේෂයට එම පුද්ගලයා භාජන වීමය. එමෙන්ම 6 වැන්න පරිසරය ගැන කියවෙයි. 6 චන්ද්රයා ඇති විට තමන් ජීවත් වන පරිසරයේ ස්ත්රීන්ට ස්ත්රීන් වැනි මිනිසුන්ට මාතෘකාවක් වෙති. ගැහැනුන්ට යටත් වී ජීවත් වන නිවට මිනිසුන්ගේ ඊෂ්යාවට හා ද්වේෂයට පාත්ර වෙති. ස්ත්රිය, මත්පැන්, සූදුව යන මෙම කරුණු තුන මත මිනිසාගේ ජීවිතයේ විනාශය රැඳී ඇති බව කියැවේ. මෙම වචන තුන යම්කිසි රටාවකට සාදන්නේ නම් ස්ත්රිය, මත්පැන්,සුදුව ආකාරයට ගොනුකළ හැකිය. මක්නිසාදයත් මිනිසකු මත්පැන් හා සූදුව යන දුරාචාරයන්ට යොමු වන්නේ යම් හේතුවක් ඇතිවය හැකිය. එහෙත් මවුවරුන් වැනි, දේව දූතියන් වැනි ස්ත්රීන් ඇත. එම ස්ත්රීන් ප්රතිශතයක් වශයෙන් ඉතා සුළු ප්රමාණයකි. හොඳ දේ ටික බව කාහට වුවද වැටහේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk