Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඇස්වහ කටවහ මට්ටු කරන මහා බලගතු නාරසිංහ යන්ත්රය

1 year ago 7 Min read
Subha.lk
ගුප්ත විද්යාවෙන් වැඩ කර ගත හැකි සහ අනුගමනය කළ යුතු ආකාරය දැක්වෙන කරුණු ඇතුළත් ලිපියක් මෙම කලාපය හරහා පළ කළෙමු. අද දක්වන්නේ ගුප්ත විද්යාවේ ශාන්තිකර්මයට අයත් යන්ත්රයක් සකස් කර ගත යුතු අන්දම ඔබට පහදා දෙන්නටයි. මේ සඳහා තෝරා ගන්නා ලද්දේ යන්ත්ර අතර විශේෂ යන්ත්රයක් සේ සැලකෙන මහා නාරසිංහ යන්ත්රය ගැන දක්වන්නටයි. නාරසිංහ යන්ත්ර කිහිපයක් ඇත. ඉන් මෙම යන්ත්රය විශේෂ තැනක් ගන්නා වූ අප විසින්ද සකස් කර අත්දැකීම් ලත් යන්ත්රයකි. මෙම යන්ත්රය ගුරු දසා අතුරු දසාවටත්, යක්ෂ - ප්රේත දෝෂ, රෝග පීඩා, ඇස්වහ, කටවහ, දුරුකර ගන්නට, ගෙවල් ආරක්ෂාවට, නැතිවූ රාජකාරී නැවත ලබාගැනීමට, සර්ව ලෝකයා තමා වෙත වශී කර ගන්නට (මේ සඳහා ලක්ෂ වර ජීවම් කර ගත යුතුයි) මෙවන් කරුණු ගණනාවක් සඳහා සුබ පලදායක ප්රතිඵලයන් සලසා ගන්නට මෙම යන්ත්රය ඉවහල් වේ. ඕනෑම මන්ත්රයක් ජප කරන්නට පෙර ආධුනික ඔබ අදාළ මන්ත්රය ලක්ෂ වරක්වත් කට පාඩමින් කියා තමාට මන්ත්රය සිද්ධි කර ගත යුතුයි. එසේ සිද්ධි නොවූ පොත් බලා කියවන මන්ත්රවලින් නියමිත ගුණයක් නොලැබේ. එසේම සෑම යන්ත්රයක්ම පලඳින්නාටද ගුණ දෙන්නේ නැති බැවින් අදාළ යන්ත්රය පලඳින්නාගේ නැකැතට අනුව සීහේ දැයි පරීක්ෂා කර ගන්නටද අවශ්ය වේ. යන්ත්ර මන්ත්ර, වශී ගුරුකම් බොහෝ ඇතත් ඒ සැම අදාළ අයට නියමිත ගුණ දෙන්නේදැයි බලා නියමිත මන්ත්රය තෝරා ගත යුතු වේ. යන්ත්රයට පුරපස සුබ දිනයක ශුභ හෝරාවක් උදය වරුවේ සුබ දිසාවක් බලා නියමිත දිග - පළලින් යුත් තඹ පත්රයේ ඇඳගත යුතුයි. 1. ආසනය සකස් කර ගැනීම - යකඩ ඇණ නොගැසූ ආසනයක් කහ දියර ඉස සුදු පිරුවට එළා කෙසෙල් දල්ලක් අතුරා මල් - බුලත් - පඬුරු - පහන් - කපුරු - පැන් බඳුනක්, ලදපස් මල් - විලඳ - මීපැණි ආදිය තබා සුවඳ දුම් දෙමින් ආරම්භ කළ යුතුයි. 2. දේවතා ආරාධනාවන් කර පූජාවන් කැප කිරීම් කරන්න - 3. කිලිහරණය - ඕං නමෝ නන්දාපති බිසවුන් වහන්සේ ප්රසූතියට විලි හටගත් තැනේදී - වින්නඹු අම්මා ඇතේ කී තැනේදී - පත්තිනි දෙවියෝ එරන් ගිහි සලඹ සපු ගස උඩ තියා ඒ කිලි ගෙදරට වැඩිය ආඥාවෙන් අනුභාවයෙන් අදත් මාගේ යන්ත්ර මන්ත්ර - තෙල් - බෙහෙත් - අඳුන් සඳුන්වලටද, මටද කිලි නැති යඃ ඕඩු. (කහවලට මතුරා ඉසින්න) වරං ගැනීම - ඕං නමෝ ගුරු වරං, ගුරු පත්රකාලී වරං සුර වරං - සුර පත්ර කාලී වරං අසුර වරං - අසුර පත්ර කාලී වරං - නාග වරං නාග පත්රකාලී වරං - දේව වරං - දේව පත්රකාලී වරං - කෛලාසන වරං - ගුරු ධාරනේ වරං - යන්ත්ර වරං - මන්ත්ර වරං - තන්ත්ර වරං - ශ්රී විෂ්ණු වරං - ශ්රී විෂ්ණු නාරායනේ වරං - කන්ද කුමාර වරං -කන්ද කුමාර සත් පත්තිනි වරං - වෙසමුනි වරං වෙසමුනි දැඩිමුණ්ඩ වරං - නව ග්රහ වරං - නවග්රහ නව දෙනා වරං - හනුමා වරං - හනුමා පත්රකාලී වරං සරස්වතී වරං - සරස්වතී මෝහිනී වරං - භෛරවී වරං - භෛරව ශ්රියා දේවි වරං - ඔඩ්ඩියා වරං - ඔඩ්ඩියා ඉරලාද වරං - යක්ෂයා වරං යක්ෂයා යක්ෂනී වරං - හිමාල වරං - හිමාල ජල වරං - පර්වත වරං - පර්වත වෘක්ෂ වරං - සර්වාංග වරං - සර්වාංග ප්රාණ වරං - ඉරු රැස් වරං - ඉරු රැස් තරු රැස් බුදු රැස්මින් ආලෝක ජීව ප්රාණ සර්ව ලෝක දේව ආරාධනා නමාමි - තෙවරක් කියන්න දිෂ්ටි කිරීම - ශ්රී රාම දිෂ්ටිය, නවග්රහ දිෂ්ටිය, සර්වදේව දිෂ්ටි කරන්න. ප්රාණ පිහිටුවීම - ඕං නමෝ යන්ත්ර ප්රාණ - මන්ත්ර ප්රාණ - ජීව ප්රාණ - අජීව ප්රාණ - භූත ප්රාණ - අභූත ප්රාණ - දිෂ්ටි ප්රාණ - ඖෂධ ප්රාණ - ප්රාණ - ප්රාණ ඒස්වාහ: - බ්රහ්ම දණ්ඩං,විෂ්ණු චක්ර - ඊශ්වර ශාක්ෂින් මූල මන්ත්ර රාජයා නම්: (21 වර දුම් මතුරන්න) ඉන් පසු මන්ත්ර ජපය - ඕං නමෝ නරසිංහාය - හිරණ්යා කසිප්පු - වෘක්ෂ්ය ස්ථල, විදාරණාය, ත්රිභුවන ව්යාපකාය, භූත, ප්රේත පිසාචාය, ඩාකිනී කුලෝත් මූලනාය, ස්ථමිම්භෝද් භවාය, සමස්ත දෝසාන් හර හර විසර විසර පච පච හන හන කම්පය කම්පය මථ මථ හිං හිං පට් පට් එහි එහි රුදු ආඥාපති ස්වාහා. (1000 වරයි) පලිප්පු - සිද්ධි, පුටවලින් ජීවම් කර තුන් සූත්රය ඇතුළු සෙත් පිරිත්වලින් නිමවා ආතුරයාගේ කර පැලඳවීම් සඳහා නවග්රහ ශාන්ති කර සියලු ශාන්ති විධි ඉටු කරවා සුබ හෝරාවක කර පලඳවන්න. කිලිකුණු - මස් මාංසවලින් වැළකී කළ යුතුයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk