Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මේ තරම් කරදර රාහු ලබපු නිසාද?

1 year ago 7 Min read
Subha.lk
රාහු පෘථිවියේ උතුරු කොනත් කේතු දකුණු කොනත් වශයෙන් සමහරු හඳුන්වා ඇතත් රාහු අදෘශ්යමාන ඡායා ග්රහයෙක් ලෙස හැදින්වීම උචිතය. රාහු ග්රහ තාරකාවක් ලෙස නොවන්නේ එම නිසාය. රාහු දේශ දේශාන්තර කෙරෙහිද බලපෑම් ඇති කරයි. රාහු කළුය. නාග හිසක් ඇත. ජන්මියකුට රාහු ලැබුණු විට නාගයකු තුළ ඇති ගති ලක්ෂණ වුව පහළ විය හැකිය. දුර දිග නොබලා කටයුතු කිරීම, ඉක්මන් කෝපය, එක තැනක එක විදිහකට නොසිටීම, නොයෙක් තැන්වල ඇවිදීමේ ආශාව රාහු ලැබූවන්ගේ ගති සිරිත්ය. විශේෂයෙන්ම උස ශරීරය, දිගු කකුල් ඇති රාහුට වේගයෙන් දිවීමට සහ ඉක්මනින් ඇවිදීමට ඇති හැකියාව පිළිබිඹු කරයි. එම වේගවත් බව දියුණු කිරීම අශ්වයාගෙන් සිදු කරන බව පෙනේ. තම නිවෙසින් පිටව යෑම රාහු දශා කාලයේදී සිදුවේ. ගෙදරින් පිටව ජීවත්වීමට දැඩි කැමැත්තක් දක්වයි. මෙම ජන්මින් පිළිබඳව දැඩි ප්රසිද්ධීන් ඇති කරයි. ඉගෙනීමට විශේෂයෙන් බාධා, හිරිහැර පැමිණේ. රාහු අසුරයකු වශයෙන් බුදු දහමේ සඳහන් වේ. චන්ද පරිත්තසූර්ය පරිත්ත පිරිත් සූත්රවල චන්ද සූර්යය පුත්ර රාහු ග්රහණයට හසු වූ අවස්ථාවේදී දිව්ය පුත්රයන් බුදු පිහිට පැතූ බව සඳහන් වේ. කෙනකුගේ ශරීරයේ උණුසුම වැඩි වන්නේ රාහු ග්රහයා ලැබූ විටදීය. සිකුරු උෂ්ණ අධික ගති පීඩාකාරී ගති ඇති කරයි. රාහු ග්රහයා ඉතාම සුලබව ජන්මියාට පල දෙන විට බලාපොරොත්තු සපල වී වස්තුව ලබා දෙන බව ප්රකට කරුණකි. වස්තු සම්පත්, දරු සම්පත් ලැබූ විට ප්රසිද්ධිය ඇති කරයි. ඉගෙනීම අඩපණ වීම, ධාරණ ශක්තිය අඩුවීම, අධ්යාපනය කඩාකප්පල් වීම, රැකියාව සහ ව්යාපාර එපාවීම, තනතුරුවලින් පහවීම, වැටීම, සිත් තැවුල් ඇති වීම, ධන හානි ඇතිවීම, අධික තරහ ඇති වීම, රෝග පීඩා ඇති වීම, භූත දෝෂ, නිතරම නිකරුණේ ඇවිදීමට සිදුවීම රාහු අපලය නිසා සිදු වන ක්රියාමාර්ගයන්ය. ජන්මින් උපත ලබන වේලාවේ විශ්වය තුළ රාහු සිටින ලග්නය නැකැත අනුව සුබ පල නැත්නම් අසුබපල උදාවේ. රාහු පෙර භවයන්හි සිදු කරන ලද පව්-පින් අනුව සුබ හෝ අසුබ බලපෑම් ලබමින් ජන්මියා මෙලොව ජනිත වේ. කවුරු කොහොම කීවත් රාහු හොඳ සුබ ප්රතිඵල මෙන්ම අසුබ ප්රතිඵලද උදා කරයි. රාහුට බියවීම එතරම් හොඳ නැත. අසුර හා භූතාත්ම විසින් රාහු ලැබූ විට හොඳ-නරක සිදු කරන බවට ජ්යොතිෂයේ මත ගොඩනැගී ඇති බව පෙනේ. පෙර කළ පාප කර්මවල විපාක අනිශ්ට පල-අපල ක්රියා හැඳින්විය හැකිය. ඒවා දුරු කර ගැනීමට පින් දහම් කළ යුතුය. රාහු කාලයට පුද පූජා පැවැත්වීමේදී තෙල්,මල්, පහන් තිර, කපුරු, සාම්බානි, හඳුන්කූරු, මල් මාලා, කොඩි යන පූජා භාණ්ඩ සකස් කර යුතුව ඇත. රාහු අපලයට පුද පූජා පැවැත්වීමේදී නාග රූප සහිත බුදුරුවක් අබියස පූජා පැවැත්වීම වඩාත් ගුණදායකය. සත් සතියේ මුචලින්ද නාග ධරණය සහිත බුදුරුවකට පුද පූජා පැවැත්වීම අර්ථවත්ය. රාහු අපලය තදින්ම බලපාන අවස්ථා තිබේ. ඒ කාලයේ බලු, බළල්, සිවුපා සතුන් ගෙන්ද නයි පොළොන්ගුන්ගෙන්ද කරදර විපත් පැමිණිය හැකිය. මේ සඳහා චන්ද පිරිත තුන් වරක් හා විසි එක් වරක් කීමෙන් හා මෛත්රි භාවනාව දියුණු කිරීමෙන් උවදුරු විපත් අඩු වෙන බව සඳහන් කළ හැකිය. සතුන්ට දාන දීම, උරගයන් නොමැර්ම, පැටවුන්ට කිරි දෙන බැල්ලන්ට ආහාර දීම ද අපලයට ප්රතිකර්මයකි. මහා අභිසම්භිධාන යන්ත්රය ඛන්ධ පරිත්ත සූත්රය තුන්සිය විසි හතර වරක් එක්දාස් අසූ වාරයක් පිරිත් කර පස්ලෝ සුරයක පැලඳ ගැනීමෙන් හෝ ගෝමේද ගලක් අල්ලා පස් ලෝ නාගදරණයක් සහිත මුද්දක් පැලඳීම ගුණදායකය. මෙය කළ යුත්තේ පිරිත් කිරීමෙන් පසුවය. එවිට රාහු අපලයට ගුණ ලැබේ. රාහු අපලයට පූජා භාණ්ඩ ගැනීමේදී නවය බැගින් ගත යුතුයි. පිරිත් ගාථා කීමද නවය, දහඅට, අසූ එක, එකසිය අට වාරය ගණනය කළ යුතුය. ඉහත කී දෙය අනුගමනය කර රාහු අපලයට බිය නොවී සතුටින් ඉන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk