කුස්සියට ගැළපෙන සුබ දිශාව

ජීවත් වන්නට නිවෙසක් සාදා ගැනීමේදී දිශාවලට අනුව සුදුසු පරිදි කාමර සෑදිය යුතුය. එසේ වැදගත් වන දිශාවකි ගිනිකොන දිශාව මෙම දිශාව නැගෙනහිර හා දකුණ අතර පිහිටා ඇත. ගිනිකොන නමේ තේරුම පරිදිම එය ගින්දරට සම්බන්ධ බව සිතිය හැකිය. ගින්දරට සම්බන්ධ වන්නේ අපගේ නිවාසවල මුළුතැන්ගෙයයි. මෙම දිශාවට මුළුතැන්ගෙය නොමැතිනම් වාස්තු විද්යා දෝෂ ඇතිවනු ඇත. එය වැඩිපුරම බලපාන්නේ නිවෙසේ ගෘහණියටයි. එසේම අප ගන්නා ආහාර පිළියෙළ කරන්නේද මුළුතැන්ගෙය තුළය. එනිසා මුළුතැන්ගෙය නිවැරැදිව සෑදිය යුතුය.
බොහෝ අවස්ථාවලදී ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය සෑදීමට නොහැකි වන අවස්ථාද ඇත. එසේ නම් කළ යුත්තේ කුමක්ද? එය වයඹ දිශාවට ගනු ලබයි. ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය සෑදීමේදී නැඟෙනහිර දිශාව බලා ගිනි මෙළවීමට හැකිවන පරිදි ළිප් බැඳගත යුතුය. එය දකුණ බලා ළිප ගිනි මෙළවීමට සෑදීම නුසුදුසුය.
ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය සෑදීමේදී එයට පෝරනුවක්ද හදයි. මෙම පෝරනුව අත්තිවාරමට පිටින් එකතු කරනු ලැබේ. මේ නිසා නිවෙසේ L හැඩයක් ඇති වේ යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. ඒ නිසා නිවෙසට පිටින් ගිනි කතිරයට අසු නොවන පරිදි පෝරනුව සාදා ගත යුතුය. එවිට පෝරනුව ගිනි කතිරයට අසු නොවනු ඇත. ගිනිකොන දිශාවට මුළුතැන්ගෙයට අමතරව විදුලි මීටරයද කුස්සියට ගැළපෙන සුබ දිශාව ජීවත් වන්නට නිවෙසක් සාදා ගැනීමේදී දිශාවලට අනුව සුදුසු පරිදි කාමර සෑදිය යුතුය. එසේ වැදගත් වන දිශාවකි ගිනිකොන දිශාව මෙම දිශාව නැගෙනහිර හා දකුණ අතර පිහිටා ඇත. ගිනිකොන නමේ තේරුම පරිදිම එය ගින්දරට සම්බන්ධ බව සිතිය හැකිය. ගින්දරට සම්බන්ධ වන්නේ අපගේ නිවාසවල මුළුතැන්ගෙයයි. මෙම දිශාවට මුළුතැන්ගෙය නොමැතිනම් වාස්තු විද්යා දෝෂ ඇතිවනු ඇත. එය වැඩිපුරම බලපාන්නේ නිවෙසේ ගෘහණියටයි. එසේම අප ගන්නා ආහාර පිළියෙළ කරන්නේද මුළුතැන්ගෙය තුළය. එනිසා මුළුතැන්ගෙය නිවැරැදිව සෑදිය යුතුය.
ගිනිකොන දිශාවට මුළුතැන්ගෙයට අමතරව විදුලි මීටරයද සුබ වෙයි. විදුලි මීටරයද ගින්දරට සම්බන්ධ නිසා එය ගිනිකොන දිශාවට ගැනීම සුදුසු යැයි සිතන්නට පුළුවන. එසේම ගිනිකොන දිශාවට වැසිකිළි වළ සාදා ගැනීමද යහපත්ය. වැසිකිළි වළේ ඇති අපද්රව්ය දහනය වීමට ගිනිකොන දිශාවේ වැසිකිළි වළ කැපීම සුදුසුය. මෙසේ වැසිකිළි වළ සාදා ගන්නා විට නිවෙසේ ඇති ළිඳ ගැනද සැලකිලිමත් විය යුතුය. ළිඳේ සිට අවම වශයෙන් අඩි 50ක් වත් දුරින් වැසිකිළි වළ සෑදිය යුතුය.
එසේම ගිනිකොන දිශාව වුවමනාවට වඩා දික් වීමද අසුබය. ගිනිකොන දිශාව දික් වුණොත් ඊසාන දිශාව අඩුවනු ඇත. එවිට එය බලවත් දෝෂයකි. එවිට නිවෙසට ලැබිය යුතු දේ නොලැබෙනු ඇත. එසේම මුළුතැන්ගෙය පිරිසුදුවද තබා ගත යුතුය.
මෙසේ නිවැරැදිව ගිනිකොන දිශාවට සුදුසු දේ එම දිශාවේ පිහිටුවීමෙන් යහපත් ප්රතිඵල ලැබේ. දැනටමත් ඔබේ නිවෙසේ වාස්තු දෝෂ ඇත්නම් වාස්තු විද්යාව දන්නා අයකු ලවා ඔබේ නිවෙසත් පරීක්ෂා කර ගන්න.
Advertisements


