Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කෝටිපති ජීවිත භුක්ති විඳින ගජකේෂර යෝග හිමියෝ

1 year ago 7 Min read
Subha.lk
මකර කුජ ග්රහයාගේ උච්ච ක්ෂේත්ර රාශියයි. මෙහිදී මේෂය, වෘශ්චිකය ස්වක්ෂේත්ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්ම ලාභියකුගේ කේන්දරයේ සුබ ස්ථානගතව කුජ ග්රහයා බලවත්ව තේජවන්තව සිටි විට අනිවාර්යයෙන්ම සුබ ඵල ගෙට ගෙනැවිත් දෙයි. හත, හය, එකොළහ කේන්දරයක් සසදා බලන විට කුජ ග්රහයාට සුබ ස්ථානය එය බව හැඟී යයි. තවදුරටත් කේන්දරය ව්යුහාත්මකව විමර්ශනයකට ලක් කිරීමේදී පහ, නවය, දහය යන ස්ථානවලද සුබ ඵල උදා කරදෙන බව පෙනී යයි. මේ අනුව විමසිලිමත්ව සලකා බලා පරිපූර්ණ විග්රහයක නිරත වීමේදී ජන්මියා මෙලොව එළිය දුටු ලග්නයේ තුන, හය, එකොළහ යන ස්ථානයක් නෑකම් කීමෙහි. තේජවන්තව, බලවත්ව වැජඹීම තුළින් ගජකේෂර යෝගය උදා කෙරෙන බව ජ්යොතිෂයෙන් සනිටුහන් කර ඔප්පු කළ හැකිය. ගජකේෂර යෝගය ගැන ගැඹුරට සිතා විග්රහයන් කර බැලීමේදී මෙය ඉතා සුබ ඵල දෙන ග්රහයෝගයක් බව සනාථ කර ඇත. මෙම සුබ ග්රහයෝගයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ ජන්මින්ට පමණක් නොව වෘක්ෂලතා ඒ වගේම සත්ත්ව සංහතියටද එකසේම බලපාන බව සඳහන් කළ හැකි ඔබ පොකුරු යෝග උදා කරන බව අසා ඇතිවාට සැකයක් නැත. මේවා බොහෝදුරට බලපාන්නේ ස්වභාවධර්මයේ දායාදයක් වන පලවලටයි. පලතුරු වර්ග, අල වර්ග සිටුවීමට ඔබ අදහස් කරන්නේ නම් ඉන් විපුල පල ප්රයෝජන ලැබීමට නම් ඉහත කී පොකුරු යෝග ඉවහල් කරගත යුතුය. වෘක්ෂලතා ආදිය පමණක් නොව රඹකැන්, කෑමට ගන්නා පොල් වැනි දේ සුබ ග්රහ යෝග පෙරනිමිති උදා වන කල පොළොවට පතිත කිරීමෙන් පසු ඒවා හැදී වැඩි එන විට, පල හට ගන්නා විට, උපරිම පලදාවක් මෙන්ම සාකල්ය වශයෙන් හිතට සතුට ගෙන දෙන විධියේ අස්වනු නෙළා ගැනීමට ඔබ උත්සුක අයෙක්, තම ගෘහස්ථානයේ සතුන් ඇති කිරීම කරති. ඒවාද සුබ මෙහොතින් ඇරඹීම උන්ගෙන් ලබාගන්නා ඵල ප්රයෝජන අනන්ත ලෙස උකහා ගන්නට මාර්ගයක් බව ඔබට පෙනී යනු ඇත. කොයිම කාර්යයක් වුවද නැකැතට පටන් ගැනීම ඉතාමත් සුලබ අත්දැකීමකි. ගජකේෂර යෝගයෙන් උත්පත්තිය දායාද කොට ලත්තෝ සැප සම්පතින් ආඪ්ය ගණයේ පුද්ගලයෝ වෙති. එශ්චර්යයෙන් මෙන්ම ගරු ගාම්භීර අතින්ද, ඉහළ ස්ථානයක වැජඹෙති. මොවුන්ට ලැබෙන නොයෙක් අන්දමේ වස්තු අතරට රත්රන්, රිදී, මුතු, මැණික්, තඹ වැනි දේද එක් වන්නේ කුණු තිබෙන තැනට සියලුම කුණු එකතු වන්නා සේය. සැමියෙක් ලබන සම්භාවනීය සෞභාග්ය වස්තු රාශියකට හිමිකම් කියන මොවුන් ඉතාමත් ආදරණීය ලෙස සුඛෝපභෝගී ජීවිත ගත කරති. කොටින්ම කියනවා නම් ගජකේෂර යෝගයෙන් උපත ලැබූවෝ සකලවිධ දේවලට අධිපති වන අතර ලැබීමට රුසියෝය. ශූරයෝය. නැතිබැරිකම, හිඟකම මොවුන් හීනෙන්වත් දැක නැති අතර හඳුනන්නේද නැත. දුක නොතේරේ. මෙවන් යෝගයකට ප්රමාණය යම් හෙයක් දරන්නෝ කුජ නොහොත් අඟහරු ග්රහයාය. පොළොවෙන් ලබන මිල මුදල්වලට අධිපතියා කුජ ග්රහයාය. අඟහරුගෙන් මෙලොව බබළන ධන කුවේරයෝ එඩිතර බවින්, කාර්යශූර බවින්, දැඩි ආනන්දනීය උත්සාහයෙන් පරිපූර්ණය. ඔවුන්ට එඩිතර, කාර්යශූර, අකලංක උත්සාහය නිදනු ඇත්තේ කුජ හෙවත් අඟහරු ග්රහයා වේ. ගජ කේෂර යෝගය අප්රතිහත ධෛර්යයේ ස්වභාවයයි. අප තවදුරටත් කේෂර යෝගය පිළිබඳව සොයා බැලීමේදී අපට පෙනී යන තවත් උදාහරණ දැක්විය හැකිය. එකොළොස් වන ස්ථානය මේෂ රාශියක් නම් ජන්මියා උප්පත්තිය ලද්දේ මිථුන ලග්නයයි. මෙම මේෂ රාශියේම එකොළොස්වැන්නේ කුජ ස්වක්ෂේත්රව යෙදෙන විට ගජකේෂර යෝගය ජන්මියාට දායාදකොට දෙයි. කුජ ග්රහයා උපරිම බලවත්ව මේෂ රාශියේ තුන්වැන්නේ කුම්භ ලග්නයේ යෙදීමද ගජකේෂර යෝගයයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk