Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලග්න පලාඵල (දෙසැම්බර් 13 සිට දෙසැම්බර් 19 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

ආත්ම ශක්තිය වැඩිවෙයි

රැකීරක්ෂා පිළිබඳවත් නම්බුව, කීර්තිය පිළිබඳවත් වෙහෙසීමට සිදුවේ. ඒ කටයුතු පිළිබඳව ගමන් යෑමට සිදුවේ. වැඩිහිටියන්ට දුර ගමන් යෑමට සිදුවේ. පින්දහම් කටයුතුවල නියැළීමට හැකිවන අතර උසස් ධර්ම ශාස්ත්‍ර ගැන දැන ඉගෙන ගැනීමට හැකිවේ. උස් වීමට, ප්‍රසිද්ධ වීමට ලොකු ආසාවක් ඇතිවේ. එඩිතරකම, පෙරමුණට යෑමේ ආත්මශක්තිය වැඩිවෙන කාලයකි. රණ්ඩු සරුවල්, මතගැටුම් ඇතිවීමටද හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. 05 වැන්නාධිපති රවි ග්‍රහයා මෙම සතියේද 08 වැන්නේ ගමන් කරමින් පවතින නිසා දරුවන් සම්බන්ධයෙන් මෙම කාලයේ වඩාත්ම සැලකිලිමත් විය යුතුය. දරුවන් සම්බන්ධව පැවැති ගැටලූ කිහිපයක් මෙම සතියේ අවසාන කාලයේදී විසඳී යනු ඇත. 02 වැන්නේ ගමන් කරමින් පවතින රාහු මතට අසුබ දෘෂ්ටි කිහිපයක් එල්ල වීමත් සමඟ තමාගේ තැම්පත් ධනය සමීබන්ධ ආරවුල් මතු වීමටත් තමාගේ ධනය නිකරුණේ විනාශ වී යෑමටද හැකිය. අනුන් සමග අනවශ්‍ය කතාවලට නොයායුතු කාලයකි. ගර්භණීව සිටින මවුවරු ඉතාමත් ප්‍රවේශම් විය යුතු වේ.

 

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය - 09

 

වෘෂභ

 

අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි

ලග්නාධිපති හා 06 වැන්නාධිපති වන සිකුරු 09 වැන්නේ ගමන් කරමින් පවතින මෙම තිය ඔබට මිශ්‍රඵල ලබාදීමට හේතුවේ. රැකීරක්ෂා කටයුතු හොඳින් කරගෙන යෑමට හැකිවේ. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙනු ඇත. පෙර පින් මතු වේ. වඩා සුබපල ලබාගත හැකි කාලයක් වුවද ඔබගේ නොතේරුම්කම හා නොදැනුවත්කමින් අඹුසැමියන් අතර සිත් අමනාප වීම්, අවුල් වියවුල් පැන නැඟීමක් සිදු විය හැකිය. මේ නිසා සම්හර සුබ කටයුතු කිහිපයක්ම මඟහැරී යනු ඇත. ලග්නයේ ගමන් කරමින් පවතින රාහු මතට අසුබ ග්‍රහයන්ගේ අසුබ දෘෂ්ටිය එල්ල වීමත් සමඟ ඔබ තරමක් නොසන්සුන් වන සතියක් බැවින් කේන්ති නොගෙන වඩා ඉවසීමෙන් තම කටයුතු කරගත යුතුවේ. මසුරු ගති ඉස්මතු වන බැවින් ඉතාමත් කල්පනාවෙන් සිටිය යුතුය. නැතිනම් ඔබ ළඟින් සිටි කිහිපදෙනකුම ඔබ සමග විරසක වනු ඇත. අනුන් කෙරෙහි තැබූ විශ්වාසයක් නිසා පාඩුවක් සිදුවනු ඇත. රැවටීමකට හසුවීමටද හැකිය. මවුපියන්ට සුබ කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.

 

සුබ දිනය - බදාදා සුඛ වර්ණය - ළා රතු ජය අංකය – 05

 

මිථුන

 

තෑගි භෝග ලැබෙයි

මෙම සතිය ඔබට මිශ්‍රඵල සහිත කාලයකි. වෙළහෙළඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබේ. පුණ්‍ය කටයුතුවලට සිත යොමුවන අතර තෑගි භෝග ලැබෙන, සිතට ප්‍රීතිය දැනෙන්න කාලයක් වේ. ගේ දොර වතුපිටිවලින් ආදායම් ලැබෙන අතර මෙතෙක් ඒ පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය වේ. මානසිකව බලපෑ කරදරකාරි සිදුවීම්වලින් නිදහස් වීමටත්, වඩා උනන්දු වන්නේ නම් තම බලාපොරොත්තු ඉටු කර ගැනීමටත් හැකිවේ. වෙළහෙළඳාම් ව්‍යාපාරවලින්ද වාසි ලැබෙන අතර හොඳ ආධාරකරුවන් මුණගැසේ. බඩගින්න වැඩි කරන කාලයකි. තිරිසන් සතුන් සිටිනවා නම් ඔවුන්ට තරමක අසනීප ගති මතුවීමටද හැකිය. විදෙස්ගතව සිටින අයට සුබපල ලැබේ. 2020 ආරම්භයේ සිටම විවිධ කරදර, රැවටීම්, මුදල් හානිවීම් සිදු වී ඇති අතර ඔබ තවදුරටත් ඔබේ සියලු වැඩ කටයුතු සිහි බුද්ධියෙන් කරගත යුතුවේ. ඇස, කන, නාසය සම්බන්ධ අසනීප ගතියක් මතුවීමට හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - කහ සුඛ අංකය - 05

 

කටක

හදිසි ධන ලාභ

හදිසි ධන ලාභ ලැබෙන යහපත් කාලයකි. අධ්‍යාපන ලබන දරුවන්ට සුබපල ගෙනදේ. ක්‍රීඩා කටයුතුවලට සිත ඇදී යන, ක්‍රීඩාවලින් ජය ලැබෙන කාලයක් වේ. ගුප්ත විද්‍යාන ඉගෙනීමටද අවස්ථාව ලැබෙන අතර නව රැකියා ලැබීමටද මාර්ග විවර වනු ඇත. දේපළ සම්බන්ධව ලැබීම් පෙන්නුම් කරයි. කලට වෙලාවට ආහාර නොගැනීම හේතුවෙන් අනීප ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. විවාහක අයවලුන්ගේ මෙතෙක් තිබූ පවුල් ආරවුල් සමථයකට පත් වේ. නමුත් ඔබට මෙම කාලයේ සෙනසුරුගේ මහ දසාවක් හෝ අතුරු දසාවක් පවතී නම් හා සුවණ හෝ දෙනට යන නැකැත්වලින්ද ඉපදී ඇති නම් ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. විවාහ සහකරුට අපල කාලයක් බැවින් අසනීප, රැකියාවේ කරදර, පපුව සම්බන්ධ අසනීප මතු වේ. අසුබපල අඩු වීමට අවශ්‍ය පිළිවෙත් කරගන්න. ව්‍යාපාර කටයුතු වල නියුතු අයටද සේවකයන්, හවුල්කාරයන් සම්බන්ධ කරදර, සිත් අමනාප වීම මතු විය හැකිය.

සුඛ දිනය - ඇඟහරුවාදා සුඛ වර්ණය - කහ ය අංකය - 09

 

සිංහ

කතාවේ බලයෙන් ජයගනී

තමාගේ වැඩ කටයුතු සිතැඟි පරිදි ඉටුකර ගත හැකි යහපත් කාලවකවානුවකි. කලා කටයුතුවල නිරත වන අයට ඉතා යහපත් කාලයක් වන අතර තමාගේ කතාවේ බලයෙන් ජයගැනීමටද හැකිවේ. නව නිර්මාණ බිහිකර ගත හැකි අතර ආදරය, විවාහය සඳහා මෙතෙක් තිබු බාධාවන් ඉවත් වේ. ගුරු ග්‍රහයා 07 වැන්නේ ගෝචරව ගමන් කිරීමත් සමග තම වාහසහකරුට හදිසි ලැබීමක්ද ලැබෙනු ඇත. විවාහය හෝ ප්‍රේම සම්බන්ධතා වෙනුවෙන්ද වැඩිපුර වියදම් කිරීමට සිදුවන අතර විවාහ වන වයසේ සිටින අයට නව විවාහ යෝජනා ලැබෙනු ඇත. බුධ ග්‍රහයා 05 වැන්නේ ගමන් කිරීම ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට හේතුවේ. දරුවන් සිටින අයට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. නිවෙසේ ප්‍රීති උත්සව පැවැත්වීමට අවස්ථාව උදාවේ. වෙළහෙළඳ ව්‍යාපාර වලින්ද වාසි ලැඛෙන, නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු කාලයකි. මවට අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. සුවණ නැකැතේ 3, 4 යන පාදවලින් හා දෙනට නැකැතින් ඉපදී ඇති අය මෙම කාලය වඩා ප්‍රවේශම් විය යුතුය.

 

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය රතු ජය අංකය - 04

කන්‍යා

පුණ්‍ය කටයුතුවල නියැළෙයි

ගෙවල් පිළිබඳ කටයුතුද, වැවිලි කර්මාන්තද ආදායම් තත්ත්වය ඉහළ යන, භූමියෙන් ලාභ ලැබෙන කාලවකවානුවකි. ඉඩම්, දියුණුවට පත්වේ. සහජ හැකියාවෙන් ප්‍රයෝජන ලැබීමට හැකිවේ. දීර්ඝ ගමනක් යෙදීමට හා පුණ්‍ය කටයුතුවල නියැළීමට අවස්ථාව උදාවේ. දරු ශිෂ්‍යයන් පිළිබඳව මෙතෙක් තිබූ ගැටලු නිරාකරණය වේ. නමුත් 08 හා 03 වැන්න අධිපති කුජ 05 වැන්නේ ගමන් කිරීම නිසා දරුවන් සම්බන්ධයෙන් කරදර මතු වීමටද හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. මෙම කාලයේ සැලකිය යුතු මුදලක් අතට ලැබීමෙන් පෙර පැවැති ණයක් ගෙවා දැමීමට හැකිවේ. නිවෙසේ අලංකාරය සඳහා හෝ අලුත්වැඩියාවක් සඳහා මුදල් වියදම් කරන්නට සිදුවේ. මවටත් මවු පාර්ශ්වයේ අයටත් යහපත් කාලයකි. ගොවිතැන්වල නියුතු අයටද යහපත් කාලයක් වේ. විදෙස්ගත වීමට අවස්ථාවන් උදා වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වන සතියකි. නිවෙසින් බැහැරව යෑමට නිතරම සිතෙන කාලයකි. නමුත් මෙම කාලයේ එවැනි තීරණ නොගත යුතුය.

 

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - කොළ හෝ කහ ජය අංකය - 02

 

වෘශ්චික

 

රැකියා දියුණුව ඇතිවෙයි

සුබපල සහිත සතියකි. තමාගේ වචනවලින් ප්‍රයෝජනය ගෙන තම වැඩ කටයුතු ඉටු කර ගත හැකි කාලයකි. ඉගෙනීමේ කටයුතුවල නිරත වූ අයට යහපත් ප්‍රතිඵලද මවගෙන් හෝ මවු පාර්ශ්වයේ අයගෙන් උදවු උපකාරද ලැබෙනු ඇත. නිවෙසට නව බඩු භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදාවේ. අමනාප වී සිටි අයකු නැවත මිතුරු වේ. රැකීරක්ෂා කටයුතුවල දියුණුව ඇතිවේ. විශේෂයෙන්ම ලේඛන කලාව සම්බන්ධ අයට වාසි සැලසේ. සිතේ ධෛර්යය, නිර්භීතකමද, උත්සාහවන්තව කටයුතු කිරීමටද හැකිවේ. සතුරු කරදර නැති වී ගරු සැලකිලි, වස්ත්‍රාභරණ ලැබීමට අවස්ථාවන් උදාවේ. ශරීර සනීපය ඇතිවේ. රැකීරක්ෂා කටයුතු වලින් සිතර් සතුටක් දැනෙන කාලයක් වුවත් රාහු ග්‍රහයා 07 වැන්නේ ගමන් කරමින් පැවැතීමත් නිසා විවාහය හෝ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ නිතරම සිත් අමනාප වීම් මතු විය හැකිය. හිස සම්බන්ධ හෝ මුත්‍රා රෝගවලට බඳුන් වීමට අවස්ථාවන් ඇති බැවින් තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණය - කහ ජය අංකය - 01

 

 

 

 

ධනු

විදෙස්ගත වීමේ බලාපොරොත්තු ඉටු වෙයි

සුබපල ලබාගැනීමට හැකි සතියකි. ගත වූ කාලයට සාපේක්ෂව යහපත් වූද, හිසේ පැවැති බර ගතිය අඩු වී සැහැල්ලුවක් දැනෙන කාලයකි. සුළුවට කරගෙන යන කටයුතු දියුණු කර ගැනීමට හැකි වේ. පසුගිය කාලවලදී තම කටයුතුවලට ඇති වූ බාධක මෙම කාලයේ ඇති නොවනු ඇත. අසනීපව සිටි අයට ශරීර සනීපය ලැබෙන අතර කෙටි ගමන් බිමන් අධික වේ. එමෙන්ම මෙම කාලයේ දුර ගමන්ද ඇති විය හැකිය. විශේෂයෙන්ම විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට එම අදහස් ඉෂ්ට වීමට පුළුවන. තමාගේ වැඩ කටයුතු ආයාසයකින් තොරව ඉටු කරගැනීමට අවස්ථාව උදාවේ. නිර්මාණශීලී කාර්යන්වල නිරත වූවන්ට ඉතාමත් සුබ කාලයක් වේ. ස්ත්‍රී පාර්ශ්වයේ අයගෙන් උදවු උපකාර ලැබේ. දුරස්ව සිටි ළෙන්ගතු අයකු නැවත ළංවනු ඇත. විවාහය සම්බන්ධ කටයුතු සාර්ථක වන අතර ඒ සඳහා උසස් අයගෙන් උදවු උපකාරද ලැබෙනු ඇත. ඇස් සම්බන්ධ අසනීප පවතී නම් නිවැරැදිව ප්‍රතිකාර ලබා ගත යුතුවේ.

සුබ දිනය - බදාදා සුඛ වර්ණය - තැඹිලි ජය අංකය - 03

 

 

මකර

ධනවත් අය මුණ ගැසෙයි

සුබපල සහිත සතියකි. වෙළෙඳ ව්‍යාපාරවලට මෙතෙක් පැවැති සියලු බාධා දුරු වී හදිසි ධන ලාභ ලැබෙන යහපත් කාලයකි. වැඩිමහල් සහෝදරයන්ට යහපත් කාලයක් උදාවේ. වීර්යවන්තව වැඩ කරන කාලයකි. ධනවත් පුද්ගලයන් නිතර මුණගැසෙන අතර එම අයගෙන් තම කටයුතු දියුණු කර ගැනීමට උදවු උපකාර ලැබේ. දරු පල පිළිබඳව තැබූ බලාපොරොත්තු ඉටු වේ.නමුත් දරුවන් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතුය. පසුගිය කාලයේ පැවැති මානසික පීඩා අඩු වී යනු ඇත. නුසුදුසු විනෝද කටයුතු වලට සිත ඇදී යන නමුත් ඒ සඳහා යොමු නොවීමට සිතෙහි තබා ගත යුතුවේ. තම සැප පහසුව උදෙසා මුදල් වියදම් කිරීමට අවස්ථාව උදාවේ. පුණ්‍ය කටයුතු වල යෙදීමටත් වන්දනා ගමන්වලට සහභාගි වීමටත් අවස්ථාව උදාවේ. උපතේදී සඳු 07, 01 හෝ 2 වැන්නේ තැන්පත් නම් සුබපල අඩු වී යනු ඇත. කරදර සිත් පීඩා නිතර මතු විය හැකිය. තමාගේ තැම්පත් ධනය සම්බන්ධ නීතිමය ගැටලුවක් පැන නැගීමට හැකි කාලයකි. සහකරුගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ වඩා සැලකිලිමත් වන්න.

 

සුඛ දිනය - සිකුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය - 09

 

කුම්භ

 

නම්බුනාම ලැඛෙයි

මිශ්‍රඵල සහිත සතියකි. ඒරාෂ්ඨක අපල කාලයක් ගෙවෙමින් පැවතුණද ඔබගේ නොපසුබට උත්සාහය නිසා තම කටයුතු සාර්ථක කර ගත හැකිවේ. නොසිතූ ලැබීම් හෝ හදිසි ධන ලාභ ලැබීමට අවස්ථාවන්ද උදාවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වනු ඇත. පෙර තිබූණය තුරුස්වලින් නිදහස් වේ. නව රැකියා සඳහා අවස්ථාව ලැබෙන අතර දැනට කරන රැකියාවේ උසස්වීම් ලැබීමට අවස්ථාව උදාවේ. උසස්වීම්වලට බාධකද පවතින බැවින් මෙම කාලයේ පින්දහම් කටයුතු වලට සහභාගි වීම වඩාත් සුඛ වේ. ලේඛන කලාව හෝ මාධ්‍ය කටයුතු වල නියුතු අයට නම්බුනාම ලැබෙන කාලයකි. දීර්ඝ ගමන් වලට යොමු වීමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව කල්වේලා ඇතිව සූදානම් වන්න. ඔබ සුවණ, දෙනට යන නැකැත්වලින්ද ඉපදී ඇත්නම් එම අයට වඩාත් කරදර කාලයක් වනු ඇත. රැකී රක්ෂා නැති වී යන තරමට වුවද ගැටලු මතු වීමට හැකිය. පාදවල ආබාධ, පදිංචිය පිළිබඳ කරදර, නීතිමය ගැටලු හෝ තම දේපළ පිළිබඳ කරදර ඇතිවීමට ඉඩ ඇති අතර ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

 

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - රතු ජය අංකය - 02

 

මීන

 

ආර්ථික තත්ත්වයෙන් උසස්වීමට ඉඩක්

මිශ්‍රඵල සහිත සතියකි. මහලු හෝ වැඩිහිටියන්ගෙන් උදවු උපකාර ලැබේ. ගොඩනැගිලි වැඩ ආරම්භ කිරීමට සුඛ කාලයකි. තමා කළ සේවයේ, රක්ෂාවේ දියුණුව ඇතිවනු ඇත. රැකීරක්ෂා කටයුතු වලින් සහ ආර්ථික තත්ත්වයෙන් උසස් වීමට අවස්ථාව ලැබේ. කලක් තිස්සේ පැවැති බලාපොරොත්තුවක් ඉටුවේ. අධ්‍යාපන ලබන අයට යහපත් කාලයක් වන අතර උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමට අවස්ථාවන් උදාවේ. පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහජීවනය ඇති වේ. ලග්නාධිපති ගුරු 12 වැන්නේ ගමන් කිරීම සුබපල ලැබීමේ හැකියාව අඩු කිරීමට හේතුවන අතර ශරීර ශක්තිය අඩු වීමටද හැකි බැවින් සිත ශක්තිමත් කරගත යුතු වේ. තම පියාට හෝ වෙනත් වැඩිහිටියකුට තරමක් අසුබ කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. තමාටද පාද හෝ අස්ථි සම්බන්ධ රෝග තත්ත්වයන් මතුවන බැවින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.

 

සුබ දිනය - අඟහරුවාදා සුඛ වර්ණය - කහ ජය අංකය - 09

 

ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

ප්‍රසංග තිලකරත්න

(12/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk