Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනාවැකි කියන සපත්තු, සෙරෙප්පු

1 year ago 7 Min read
Subha.lk
ගෙමිදුලේ ඇවිදින්නත් අද බොහෝ දෙනා පාවහන් පාවිච්චි කරන නමුත් අපේ වැඩිහිටියන් පාවහන් පාවිච්චි කළේ ඉඳහිටය. අපේ මුතුන් මිත්තන් නම් එක දිගට සැතපුම් දහයක - පහළොවක හෝ විස්සක තිහක හෝ දුරක් යන්නටවත් පාවහන් පාවිච්චි නොකළ තරම්ය. පාවහන් නොමැතිව ඇවිදීම මදිපුංචිකමක් හැටියට බොහෝ දෙනෙකු සළකන්නේ සංකර සිරිත්වලට හූරු පූරුදුව සිටින හෙයිනි. උතුරුකම පෙන්වන්නට පාවහන් පැළැන්ඳත්, ඒවායේ අඩි ගෙවීම තුළින් ඔවුන්ගේ ගති පැවතුම් හෙළි කරගත හැකි වග බොහෝ දෙනෙකු දන්නේ නැත. අද පොහොසතාගේ සිට දුප්පතා දක්වා බාල මහලු කොයි කවුරුනුත් පාවහන් පළඳින අතර පාවහන් යනු මානසික තත්ත්වයනුත්, චරිත ලකෂණයනුත් මැනවින් පෙන්නුම් කරන්නෙකි. සමහරුන්ගේ සපත්තුවල හෝ සෙරෙප්පුවල හෝ අඩිය වේගයෙන් ගෙවෙන්නේ ඉස්සරහිනි. සමහරුන්ගේ පහළිනි. සමහරුන්ගේ පැත්තකිනි. සමහරුන්ගේ දෙයාකාරයකිනි. සමහරුන්ගේ සමාන්තර ආකාරයකිනි. සමාන්තරව ගෙවී යන අන්දමට පාවහන් යුගළ පළඳින්නේ රටට කුමක් හෝ සේවයක් කිරීමට කැමති. අරපිරිමැස්මට කැමති, පිනට දහමට කැමති, තීකෂණ මොළයක් ඇති, කාලය නිකරුණේ ගත කිරීමට අකමැති, ගැනීම කෙසේ වෙතත් දීමට කැමති රැවටිලිකාරයන්ට ලෙහෙසියෙන් හසු නොවන පුද්ගලයන්ය. සමහරුන්ගේ වම් පැත්තේ සපත්තුව හෝ සෙරෙප්පුව දකුණු පැත්තේ එකට වඩා වේගයෙන් ගෙවී යන බව ඇත්තකි. සමහරුන්ගේ වැඩියෙන් ගෙවෙන්නේ දකුණු පැත්තේ සපත්තුව හෝ සෙරෙප්පුවය. මෙයද ඔහුගේ හෝ ඇයගේ හෝ මානසික තත්ත්වයටත්, සෞඛ්යය තත්ත්වයටත්,ගති පැවතුම් වල තන් වටයන් අනුව සිදුවන්නකි. පළඳින පාවහන් වල අඩිය ඉස්සරහින් වැඩිපුර ගෙවී යන පුද්ගලයන් ආගම දහමට ලැදි දියුණු වීමට කැමනි. පූහූ අලංකාරයට අකමැති, ඇසූරු කරන හෝ නොකරන හෝ අනුන් පහත් මට්ටමක ලා සළකන්න කැමති. නූල් සූත්තරකාරයන්ට නිතර ගොදුරු වීමට ඉඩ ඇති, උපයන දේවල් නිකරුණේ විනාශවනවාට අකමැති අයයි. අඩිය පසුපසින් වැඩිපූර ගෙවීයන පුද්ගලයන් රට, ජාතිය, ආගම ගැන මහ ඉහළින් කථා කරන නමුත්, රට ජාතිය, ආගමේ උන්නතිය උදෙසා සැළකිය යුතු කිසිවක් නොකරන, නපුරුකම් හා මසුරුකම ද සහිත, එකකට දෙක තුනක් හෝ ඊට වැඩියෙන් හෝ බලාපොරොත්තු වන, බොරු ආටෝපයට කැමති, ආශ්රයට සුදුසු පුද්ගලයකැයි කිව නොහැකි අන්දමේ අයයි. සමහරුන්ගේ පාවහන් දෙක ගෙවී යන්නේ දෙආකාරයකිනි. දකුණු පැත්තට වඩා වම් පැත්තේ අඩිය වැඩිපුර ගෙවී ඇත්නම් ඔහු හෝ ඇය හෝ උත්සාහයට ගැළපෙන්න ප්රතිඵල නොලබන, චිත්ත පීඩාවන්ගෙන් පෙළෙන බොහෝ විට අනුන්ගේ නින්දා අපහාසවලට ගොදුරු විය හැකි, හිතන පතන දේවල් ඉටුකර ගැනීමේ හැකියාවක් නැති එකේ කාළ්ය අත්කර ගන්නට බොහෝ විට ඉඩක් නොලබන අන්දමේ කෙනෙකු විය. හැකිය. දකුණු පැත්තේ අඩිය වම් පැත්තේ අඩියට වඩා වැඩිපුර ගෙවී ඇත්නම් හරි හම්බ කර ගන්නා දේවල් අපතේ යා හැකි අනූන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට කැමති දරුමල්ලන්ගේ ප්රශන ගැන උවමනාවට වඩා කල්පනා කරන, අඹු සැමි ප්රශ්න වලට ගොදුරු විය හැකි. ආත්ම තෘප්තිය හරියාකාරව නොලබන අන්දමේ කෙනෙකු විය හැකිය. මිනිසා ඇතුළු සතාසීපාවා, ගහ කොළ, ඇළ දොළ වනවදුලු, කඳු වැටි ආදිය ස්වභාව ධර්මයේ දායාදයන් වන අතර මිනිසා ස්වභාව ධර්මයට අනුකුළව ජීවත් නොවුණහොත්, ස්වභාව ධර්මය ඔහුට හෝ ඇයට හෝ හරස් කපන වග සත්තක ඇත්තකි. සපත්තු, සෙරෙප්පු ආදිය නිතර දමාගෙන සිටින අයගේ ඇස් පෙනීමට වඩා සපත්තු, සෙරෙප්පු නොදමන අයගේ ඇස් පෙනීම යහපත් වීමෙන් ඇස් පෙනීම යහපත් වීමෙන් පෙනී යන්නේ එයයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk