Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අටවෙනි කොටුවෙන් කියවෙන අපේ ජීවිතේ

1 year ago 7 Min read
Subha.lk
ඉපදීම මෙන්ම මරණයද කාටත් පොදු දෙයකි. උප්පැන්නය සිදුවීම හා මරණය ඇතිවීම පිළිබඳ ග්රහ බලපෑම් සිදුවන්නේ කර්මානු රූපවයි. කේන්ද්ර සටහනේ 08 වැනි ස්ථානයෙන් මරණය ගැන කියැවෙයි. එසේම මරණය ගැන සොයා බැලීමේදී අටවැන්න, දෙවැන්න හත්වැන්න හා තුන්වැන්න යන ස්ථානවලින්ද කරුණු පරික්ෂා කර බැලීමේදී මරණය සිදුවන අයුරු ආයුෂ ප්රමාණය, හා ලෙඩින් පෙළී මරණය සිදුවන්නේ නම් කොතරම් කාලයක් ගතවේද යන්නත් සොයා බැලේ.. මාරක අපල පිළිබඳව 08 – 02 – 07 සහ 03 යන ස්ථාන වල ග්රහයන් හා දෘෂ්ඨි ගැන පරික්ෂාකාරි විය යුතුය. තමාගේ ජීවිත කාලය ගත කිරීමට යෙදෙන කාල වකවානුව නිසි පරිදි ගත කිරීමට, අවහිර බාධක සේම අතර මැද සිදුවන අතුරු අන්තරායන්ද වෙයි. හදිසියේ ඇතිවන අතුරු බාදක වලින් වැළකීමේ මාර්ගද නැත්තේ නොවේ. ජන්මියාගේ මරණය සිදු කිරීමේ කාර්ය භාර්ය සිදුකරන ග්රහයා හෝ ග්රහයන් අට වැන්නට සම්බන්ධ විය යුත්තේය. 08 වැන්නට ගැනුන හඳහනක විසි දෙවැනි දෙකාර්ණයට අධිපතියා මරණය සිදුකරන්නා වෙයි. ජන්ම පත්රයේ 08 වැන්නෙන් ජීවත්ව සිටින ආයුෂ ප්රමාණය හා විශේෂ මාරක ගැන සොයා බැලේ ග්රහයන් වර්ගීකරණයේදී පාප (කෲර) ග්රහයන් ලෙස සැලකෙන්නේ රවි, කුජ, ශනි රාහු සහ කේතුගේ, අවසඳුන්ය. බුධ, ගුරු ශුක්ර සහ පුර සඳු සෞම්ය ග්රහයෝ වෙති. පාප ග්රහයන් 08 වැනි ස්ථාන අධිපතිව හෝ 08 සිටීම. දැකීම නිසා ශුභදායී තත්ත්වයක් අපේක්ෂා කළ නොහැක්කේය. 08 වැන්නේ සෞම්ය ග්රහයෝ සිටිත් නම් දෘෂ්ටි ඇත්නම් හෝ මරණ සිදු වීමේ කාර්යය වැළකීමටද ඉඩ සැලසෙන්නේය. අට අධිපතියා පාප (කෲර) ග්රහයෙක් වී නම් ලැබෙන්නේ අශුභ ඵලමයි. ලග්නාධිපතියාත් අට අධිපතියාත් 02 හෝ 06 හෝ 08 හෝ 12 සිටීමෙන් ලෙඩ රෝග අඩුවක් නැති තරම්ය. 03 වැන්නේ හෝ 08 වැන්නේ සෞම්ය බලවත් ග්රහයන් නොමැති වූ විට අල්ප ආයුෂ හිමිවේ. අඩු ආයුෂ ඇති වන්නේ කුජ 07 වැන්නේත් සිකුරු 08 වැන්නෙන් රවි 09න් සිටීමෙනි. 08 අධිපතයා 08 වැන්නේම සිටීමෙන් තම කටයුතු ක්රියාශීලී බවකින් යුතුව කරයි. ලෙඩ රෝග වලින් වැළකේ. එසේ වුවත් 08 අධිපතියා 08 සිටීමෙන් සොරෙකු ලෙස ප්රසිද්ධ වේ. රවි උච්චව සුබ ග්රහයන්ගේ දැක්මට ලක්ව සිටීමෙන් ගම් ප්රදේශයෙන් පිට හෝ දුර බැහැර හෝ විදේශගතව හෝ රැකියාවක නිරත වීමෙන් ධනය උපයයි. රවි නීචවී හෝ සතුරුව හෝ පාප සංයෝගීව හෝ 08 වැන්නේ සිsටියේ නම් එකී තැනැත්තා සල්ලාලයෙකු ලෙස කටයුතු කරයි. සොරෙකු වංචාකාරයකු ලෙස ප්රසිද්ධ වේ. තම ජන්ම භූමියෙන් දුරස්ව හෝ විදේශගතව හෝ සිට, අත මිට සරු කර ගන්නේ සඳු ග්රහයා 08 වැන්නේ උච්චව හෝ ස්වක්ෂෙත්රව හෝ වෘෂභ, කටක රාශියක සිටින විටය. එසේම සඳු නීචව හෝ සතුරුව, වෘශ්චික මිථුන, කන්යා, මකර, කුම්භ, රාශියක පාප සංයෝග හා පාප දෘෂ්ටි සහිතව සිටීම නිසා ආයුෂ අඩු කරයි. විශේෂයෙන් ජලයෙන් හා ආමාෂගත රෝගවලින් ද, උණ සන්නිපාත රෝග වලින්ද විපත්ති ඇති වෙයි. සඳු 08 වැන්නේ බල රහිතව පාපයන්ගේ දැක්මට අසුවී නම් ළමා වියේදීම මිය යැම සිදුවේ. 08 අධිපතියා 11 වැන්නේ සිටීමෙන් ළමා කාලය දුකින්, දුප්පත් කමින්, ගත කිරීමට සිදුවන අතර තරුණ වියේදී සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ සැලසේ. එහෙත් 11 වැන්නේ සිටි ග්රහයා කෲර නීච ග්රහයකු වූයේනම් ආයුෂ අඩුයි. සෞම්ය ග්රහයකු වී නම් ආයුෂ අධිකයි. 08 වැන්න අධිපති ග්රහයා සෞම්ය ග්රහයකු වී දෙවැන්නේ සිටීමෙන් ආයු කාලය වැඩි වන්නේය. ශුභ ඵල උදා වේ. ඔහු කෲර ග්රහයෙකු වී නම් ආයුෂ අඩු කරයි. අන්සතු වස්තුව සොරකම් කරමින් ජීවත් වේ. 08 අධිපතියා 10 සිටී නම් රාජ්ය බලය උපයෝගි කරගෙන පහන් ක්රියාවල යෙදේ ජන ප්රසාදය අඩුවේ. සැර පරුෂ අයකු වේ. 08 අධිපතියා රවි සමග සංයෝග වීමෙන් (01) අට අධිපතියා සිටීමෙන් වන්නේය. ලෙඩරෝග වලින් පෙළෙන අයකු කරයි. ඔහු අපකීර්තියට පත් සිකුරු ග්රහයාගෙන් රවි, කුජ, ශනි, ග්රහයන් සිව් වැන්නේ සහ 08 වැන්නේ සිටීම නිසා එවන් අයකුගේ බිරිඳ ගින්නෙන් මරණයට පත්වෙයි. උස් ස්ථානයක සිට බිමට වැටී බිරිඳ මරණයට පත්වන්නේද සිකුරු ග්රහයා පාපයන් දෙදෙනකුට හසුව (සිකුරුගෙන් 12 වැන්නේ එක් පාපයෙක් ද 02 වැන්නේ තවත් පාපයෙක් ද) සිටි විටයි. ස්වාමි පුරුෂයා තමා අතින්ම දිවි නසා ගන්නේ පාප ග්රහයකු 08 සිටිමින් සෞම්ය ග්රහයන් 02 ට ගිය විටය. අංග විකලව උපත සිදුවන්නේ 08 අධිපතියා 03 වැන්නේ වූ විටය. 08 අධිපතියා 07 සිටීමෙන් විවාහ දිවිය සරු නොවේ. ගැටලු ඇති කරයි. දුෂ්චරිතවත් පුරුෂයෙකුගේ බිරිඳ වීම හෝ, අසත්පුරුෂ ස්ත්රියකගේ පුරුෂයකු වන්නේ එවිටය. අට අධිපතියා කෲර ග්රහයකු වී නම් බිරිඳ නිසා සැමියාට හෝ සැමියා නිසා බිරිඳට හෝ අකල් මරණ සිදු කෙරේ. 08 වැනි ස්ථානයේ සිකුරු උච්චව සිටීමෙන් ( මීන රාශිය වී) හෝ ස්මක්ෂෙත්රව (වෘෂභ - තුලා) හෝ සිට ශුභ දෘෂ්ටි ගතව සිටින්නේ නම් සමාජයේ උසස් අයකු වන්නේය. ජන ප්රසාදය ලබයි. සමාජ සේවා කටයුතු වලට මෙන්ම රාජ්ය සේවා කටයුතු වලටද යහපත් පිහිටීමකි. මධ්යම වයසේදී ජීවත් වීමේ කාලය අහවර වන්නේය. සිකුරු ග්රහයා නීචව හෝ සතුරුව 08 සිටීමත් පාප දෘෂ්ටියට ලක්වීමත් නිසා හදිසි විපත් කරදර වලට යොමු වී විනාශයට පත් වේ. ජීවන ගමන ඉතා කෙටි කාලයකදී කෙළවර වන්නේ කටක, වෘෂ්චික, මීන යන රාශි වල, මීන නවාංශකයෙන් උපත ලබා 04 ,08 – 12 යන ස්ථානයක පාප ග්රහයන් සිටීමෙනි. ඉපදුන විටම හෝ දින කිහිපයකදී හදිසි මරණ වලට බිළිඳුන් පත්වන්නේ සඳු ග්රහයා කටක, වෘෂ්චික, මීන යන රාශිවල, මීන නවාංශකයේ සිටීමෙනි. වැඩි ආයුෂ ප්රමාණයක් පවතින ග්රහ පිහිටීම් කීපයක් මෙසේය. පූර්ණ ආයුෂ ඇති කරන යෝගයක් ලෙස හැඳින්විය හැකි ග්රහ පිහිටීමක් මෙසේ වෙයි. 01-04-07-10 යන හතර කේන්ද්රයේ ශුභ ග්රහයන්ද ලග්නාධිපතියා ශුභයක් වී ගුරු සමග හෝ ගුරුගෙන් ශුභ දෘෂ්ටි ලැබීම එසේම ගුරු සිකුරු සමග ලග්නාධිපති කේන්ද්රගතව සිටිමද පූර්ණ ආයුෂ ලැබීමට හේතුවකි. ශනි හෝ අට අධිපතියා උච්ච ග්රහයකු සමග සිටීමද වැඩි ආයුෂ ඇති කරයි. ස්වක්ෂේත්ර, උච්ච, මිත්ර යන ග්රහයන් තිදෙනෙක් 08 සිටීමත්, ලග්නාධිපතිද බලවන්ව සිටීමත් නිසා දීර්ඝායුෂ ලැබේ. ඔබේ ජන්ම කේන්ද්රයේ රවි 08 සිටියේ නම් තමාගෙ උපත පියාට එතරම් යහපත් නැත. මැදිවයස් ගත කරන විට කරදර දුක් ඇතිකරයි. විවාහය බොහෝ විට ඥති සබඳතාවක් මත සිදුවේ. සඳු 08 සිටීම ශුභදයක සභාවේ බාලවියේ සාරක විසින් ඇති කරයි. අන් ග්රහයන් බලවත් නම් එසේ නොවේ. සඳු මහදශා අතුරු දශා වලදී ප්රවේශම් විය යුතුයි. 08 කටකය වී නම් හා සඳුට ශුභ දෘෂ්ටි ඇති වී නම් යහපති. කුජ 08 සිටීමෙන් හදිසි අනතුරු ඇති කරයි. ළමා වියේදී මාරාන්තික කරුණු යෙදේ. දුක් නොවිඳින මරණයකි. සහකාරිය දිළින්දියකි. බුධ 08 සිටීම නිසා ශරීරය ලස්සන වෙයි. දේපළ ඉඩකඩම් යහමින් තිබිය හැකිය. එහෙත් මරණය ද උන්හිටි ගමන්ය. කේන්ද්රයේ 08 වැනි කොටුවේ ධනස්පති (ගුරු) සිටි විට උණ හෝ කල් පවතින රෝගයකින් මරණය ළඟා කරයි. මරණය තමාට දුකක් හෝ නොදේ. අන් අයට ද තමා නිසා කරදරයක් ඇති නොවේ. විවාහයෙන් දේපළ ලබයි. සිකුරු 08 වැන්නේ සිටින්නේ නම් එය වරදක් නැත. එහෙත් තමාගේ මරණයට හේතුවක් වූ අසනීපය ගැන සෙවීම දුෂ්කර වේ. සිකුරු 08 සිටීමෙන් විවාහය ඉක්මන් කරවයි. සෙනසුරාට 08 වැනි ස්ථානය අශුභදායකයි. දිගු කාලයක සිට අසනීප තත්ත්වයක් ඇති කරයි. දියවැඩියාව වැළඳීම නිසා එය කල් අල්ලයි. හමේ රෝගද ඇති කරයි. කොටින්ම දුක් විඳ විඳ මරණය කරා යයි. ශනි 08 වැන්නේ සව ක්ෂේත්ර හෝ උච්ච බලයෙන් සිටී නම් ලෙඩරෝග වලින් හුඟක් දුරට වැළැකීමට පුළුවනි. රාහු 08 සිටීමෙන් හිසේ ආබාධයක් තුවාලයක් ඇති කරයි. මරණයද ඉක්මන් වේ. එහෙත් රාහු 08 බලවත්ව සිටියොත් ඉතා ශුභයි. කේතු 08 සිටීමෙන් ළමාවියේදී ශරීරය දුර්වල වේ. කොරවීමක් හෝ හමේ රෝගයක් ඇති කරයි. සහකාරියට ද අසනීප ඇතිවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk