Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රාහු ලැබුවොත් හැමදේම විනාශයිද ?

1 year ago 7 Min read
Subha.lk
රාහු මහ දශාව ලැබූ විට එක තැන සිටිය නොහැකිය. ඇවිදීම ප්රිය වෙයි. ඇතැම් විට හිස හැරුණු අතේ යෑමට සිතේ. වස විස කැවීම් ඇතිවිය හැකිය. අධ්යාපනය කරන කාලයේ මෙම දශාව ලැබූ විට රාහුගේ බල දුබලතා අනුව අධ්යාපනයේ දියුණුව හෝ පිරිහීම රැඳී පවතී. රාහුට ඉගෙනීම පෙන්වන්න බැරිය.එහෙත් යහපත් ග්රහයකු සමඟ යෝග වීම, දෘෂ්ටි ලැබීම සහ අධ්යාපනයට අනුබල දෙන ග්රහයකුගේ නැකැතක රාහු සිටී නම් ඔහු තරම් ඊට සහයෝගය දක්වන ග්රහයකු තවත් නැත. රාහු ග්රහයා උපතින් දුර්වලව ගෝචර ගමනින්ද දුර්වල නම් රාහු මහ දශාව මතක සිටින්නට වධ දෙයි. හිතේ මහ බරක් ඇති සේ දැනීම, නිතර කල්පනා කිරීම, හීනෙන් බය වීම, මවුපියන්ට අකීකරු වී ගෙදරින් පිටවීම, ඇඟපත පණ නැති ගතිය, සතුරු කරදර, මනස අවුල් කිරීම, අමතක වීම් රාහු සතු හැකියාවන් වෙයි. නමුත් 3,6,11 වැන්නට රාහු යහපත ඇති කරයි. රාහු විදේශගතවීම්, හදිසි ධන ලාභ, ලොතරැයි ලාභ හිමිවීමේ භාග්ය උදා කරයි. රාහු හොඳට හෝ නරකට ප්රසිද්ධිය ලබා දේ. ඇතැම් විට මත්ද්රව්ය පානයට යොමු කරයි. ප්රඥාව හීන කරයි. වැඩිහිටියන්ගේ අවවාද නුරුස්සයි. කම්මැලිකම ඇති කරයි. ඇසුරු කරන්නන්ගේ රැවටිලිවලට පහසුවෙන් හසුවන දශා කාලය රාහු මහ දශාවයි. මෙම කාලයේදී ඔබේ ඇසුරට ළං වනුයේ පහත් සමාජ මට්ටම්වල අය වීම විශේෂත්වයකි. රාහු දුර ගමන්වලට පොලඹවයි. රාහු යම් රාශියක වේද එම රාශිය අධිපතියාගේ ස්වභාවය ආරෝපණය කරගනී. රාහු එක්තරා ආකාරයකට කඩාකප්පල්කාර් ග්රහයෙකි. රාහුගේ අපලවලට පිළියම් සුදු පාට මල්, වැටකේ මල් පූජා කර බදාදා, සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වන්න. වැටකේ පැළයක් සිටුවා සාත්තු කරන්න. චන්ද පිරිත, සූරිය පිරිත, භාවිතය යහපත්ය. විෂ්ණු දෙවියන්ට, ගම්භාර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. බාරහාර සෙත් කවි කියවන්න. බුද්ධිමතුන් ආශ්රය කරන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk