Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඉඩමේ වාස්තු දෝෂ තිබෙනවා දැයි ඔබම බලාගන්න

2 years ago 7 Min read
Subha.lk
නිවෙස ඉදිකිරීමට බලාපොරොත්තු වන ඉඩමේ අඩි 2ක වළක් හාරා ගන්න. මෙය ඉරු දිනක කළ යුතුය. එසේ නැත්නම් ඔබට ගැළපෙන සුබ දිනයක් තෝරා ගත හැකිය. ඊට පෙර දිනයේ ඉඩමේ හතර කොනේ පස් කාටත් නොපෙනෙන සේ සතුන් හැඬීමට පෙර ලබාගත යුතුය. මෙය කිරීමේදී ගිනිකතුර මඟ හැමට සිහි තබා ගන්න. ඉන්පසුව නොඉඳුල් සහල්වලින් අලුත් මුට්ටියක බතක් පිසගන්න. (දර ළිපේ පිසගන්න) එයට මීපැණි, ගිතෙල් දමා මිශ්ර කරගන්න. පසුව හත් මාළුවක්ද පිසගන්න. පිසගත් බත හා හත් මාළුව තටුවක තබා, “තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තංකරෝථ මානුසියා පජාය දිවාච රත්තෝච හරන්ති යේ ඛලිං තස්මා හි නෙ රක්ඛන්ථ අප්පමත්තා” යන ගාථාව 7 වරක් කියන්න. තටුව පසුදා පහන්වනතුරු තබන්න. උදෑසනම ගොස් හෑරූ වළේ තිබෙන වතුර පර්ක්ෂා කරන්න. (වළට බහින්න එපා) වළ පිරෙන්නට වතුර තිබෙනවා නම් ඉඩම ඉතාම සුබය. සැප සම්පත්, ධනය, යානවාහන ලැබේ. ව්යාපාර දියුණු වේ. වළෙහි වතුර නැතිනම් ඒ ඉඩම අවාසනාව කැඳවයි. ඒ නිසා එවැනි ඉඩමක ඔබේ නිවෙස නොහැදිය යුතු බව සිහි තබා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk