Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බත බුලත සරු කරන අටුකොටු පුරවන කොටවෙහෙර දෙවියෝ

1 year ago 7 Min read
Subha.lk
නිකවැරටිය කොටවෙහෙර නම් ගම් පියසට අධිපති බුදු දහම රකින ප්රාදේශීය බල සම්පන්න දෙවියෙකි. කොට වෙහෙර දෙවියෝ අතීතයේ පටන් පාරමිපරිකව මෙම ගම්මානයේ බැතිමතුන් කොටවෙහෙර ප්රාදේශීය දෙවියන්ව ගෞරවයකින් සහ ඉතා භක්තියකින් යුතුව අදහනු ලබයි කොටවෙහෙර රජමහා විහාරය කේන්ද්රය කරගෙන එම පූජනීය භූමිය සිය නිජබිම කරගෙන විරාජමානව වැඩවාසය කරනු ලබත මෙම ප්රාදේශීය දෙවියන්ව කොටවෙහෙර මුත්තා ලෙසින්ද හඳුන්වනු ඇත. මෙම දෙවියන්ට අනෙකුත් දෙවිවරුන්ට මෙන් එම ප්රදේශයේ දේවාල නම් ඉදිවී නොමැත. ඒ වගේම දේව රූප හෝ පිළිමද දකින්නට නොමැත. නමුත් ජනප්රවාදයට අනුව මෙම ගම්මානයේ ජීවත් වන බෞද්ධ ජනතාව ඉතා ගෞරවයකින් යුතුව අදහන මෙම බල සම්පන්න කොටවෙහෙර ප්රාදේශීය දෙවියන්ව මෙලෙස හඳුන්වාදී ඇත. එනම් හිසේ සුදු ජටාවකි. මුව පුරා වැඩුණු සුදු රැවුලකි. සුදුම සුදු පාට සේලයකින් සැරසී ඇත. එක් අතක පිරිත් පොතකි. අනෙක් අත පැන් කෙණ්ඩියකි. ගෙල වටා නවගුණ වැලකි. මෙලෙස සැරසී බ්රාහ්මණයකු ලෙස පෙනී සිටිමින් පුද ලබන බව පැවැසේ. අතීතයේ සිටි දක්ෂ යන්ත්ර මන්ත්ර සහ ශාස්ත්රකරුවන්ද මෙම දෙවියන්ගේ ස්වරූපය මෙලෙස සඳහන් කළ බව ගම්වැසියන්ගේ මතයයි. අනුරාධපුර ජය ශ්රී මහා බෝ සම්පූ ආරක්ෂා කරනු ලබන උතුම් කළු දේවතා බණ්ඩාර දෙවියන්ගෙන් මෙම කොටවෙහෙර ප්රාදේශීය දෙවියන් විවරණ වරම් ලබා ඇති බව තවත් එක් ජන විශ්වාසයකි. අතීතයේ අප රට පාලනය කළ සුදු ජාතිකයන්ගේ කාලයේ සිටම ජය ශ්රී මහා බෝ සමිඳුව රැකබලා ගැනීම සඳහා ගම් වැසියන්ට පවරා තිබිණි. ඒ අනුව විහාර ගම් නවයක ගම්වැසියන්ට මෙම උතුම් වූ රාජකාරිය පාරම්පරිකව කරගෙන එන ලෙසට අණ කරන ලදී. ගම්වැසියන් තමන්ට පැවරුණු රාජකාර්ය දේව කාර්ය ලෙස සලකා අති උතුම් වූ ජය ශ්රී මහා බෝ සමිඳුගේ රැකවරණයට ඇප කැපවී කටයුතු කළේය. මෙම පිස රාත්රි කාලයේ එන වල් අලින්ගෙන් ශ්රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා බෝ සමිඳු වැඩ සිටින ස්ථානයේ සිට බොහෝ දුරකින් සතර පැත්තෙන්ම විශාල දර ගොඩවල් එකතු කර ගිනි මැලයක් අවුළුවා රැය පහන් කරන්නේය. මෙම කටයුතු නොවරදවා දිනපතාම සිදුකිරීමට සත් කෝරලයේම සිටින ගම්වැසියන් දරමිටි බැඳගෙන පෙරහැර මඟින් ගෙනැවිත් ගොඩගැසූ බවද කියවේ. පසුකාලීනව එම කටයුතු දරමිටි පෙරහැර ලෙසටද නම් කළේය. මේ අතර කාලයේ එම ගම්මානවල සිටි ආරච්චිලා ඇත්තෝ, ගම් මුලාදෑනි ඇත්තෝ සහ ප්රභූවරුන්ද දරමිටි පෙරහැර නමින් විශාල පින්කම්ද සංවිධානය කර තිබූ අතර නිකිණි පුර පසළොස්වක පෝය එවකට දරමිට් පෝය ලෙසටද හඳුන්වා තිබූ බව පැවැසේ. එයට හේතුව මෙම දරමිටි පින්කම් බොහෝ විට සිදු කළේ නිකිණි පුරපසළොස්වක පෝය දිනයේදීය. මේ උතුම් පින්කමට දායකත්වය ලබාදුන් දැහැමි දිවි පෙවෙතක් ගෙනගිය පංචශීලය රකින නිකවැරටිය කොවහෙර ප්රදේශයේ ජීවත් වූ ගම්මුලාදෑනි ඇත්තෙක් මරණයෙන් පසු කොටවෙහෙර දෙවියන් ලෙස දේවත්වයට පත්වූ බව විශ්වාස කෙරේ. මොහු ජය ශ්රී මහා බෝ සමිඳු රැකගැනීම සඳහා කෙරෙන සෑම පින්කමකටම විශාල දායකත්වයක් ලබාදුන් නිසා මරණින් මතු ශ්රී මහා බෝ සමිඳුන් ආරක්ෂා කරන ආරක්ෂක දෙවියන් වන කළු දේවතා බණ්ඩාර දෙවිඳුන්ගෙන් වරම් ලබාගන්න ඇතැයි දැඩි විශ්වාසයක් පවතී. කෙසේ නමුත් ශ්රී සම්බුද්ධ ශාසනයද, ශ්රී ලංකාද්වීපයද, විශේෂයෙන්ම කොට වෙහෙර ගම්මානය ආරක්ෂා කර ගැනීමට මෙම ප්රාදේශීය දෙවියන් ඇපකැපවී ක්රියාකරන බව නිකවැරටිය සහ කොටවෙහෙර ගම්පියසේ ජනතාවගේ මතයයි. කන්ද උඩරට ප්රදේශයේ ඇති වූ කැරැල්ලෙන් පසු මෙම ප්රදේශයට පලා ආ ගම්වැසියන් තමන්ගේ ජීවනෝපාය ලෙස තෝරාගත්තේ කෘෂිකර්මාන්තයයි. ඒ අනුව ගොවිතැන් කටයුතු කිරීමේදී මෙන්ම එදිනෙදා ඇතිවන විවිධාකාර ගැටලු විසඳා ගැනීමට මෙම කොටවෙහෙර ප්රාදේශීය දෙවියන්ගේ පිහිට රැකවරණය පැතූ බවද පැවැසේ. මේ සඳහා වයස් භේදයකින් තොරව බාල, මහලු, තරුණ, වැඩිහිටි පිරිස ඒකරාශී වී පළමුව නා පිරිසුදු වී මස් මාංසයෙන් වැළකී පළමුව මල්පහන් පුදා තුනුරුවන් වැද දෙවනුව මල් පහ පුදා කොටවෙහෙර දෙවියන්ට පූජාකර තම දුක් ගැනවිල්ල පවසා දේව කන්නලව් කර බාරහාර වෙන් කරනු ලබයි. මෙම පුද පූජාවන් සිදුකරනු ලබන්නේ කොටවෙහෙර පුරාණ රජමහා විහාරය කේන්ද්රකොට ගෙනය. පුද පූජාවන් නැතත් මල් පහන් පුදා පින් අනුමෝදන් කළ සැනින් සකල මනුෂ්යයන්ගේ දුකට නොමඳව පිහිට වූ බව පැවැසේ. එදා සිට වර්තමානයේ මේ මොහොත දක්වාම කොටවෙහෙර රජමහා විහාරයේ විරාජමානව ප්රාදේශීය දෙවියන් වැඩවාසය කරනු ලබයි. ග්රහ අපල දුරුවීමට, ගොවිතැන් සරු වීමට, රෝග දුරු වීමට, අධ්යාපන කටයුතු සාර්ථක වීමට, පවුලේ සමඟියට මෙන්ම සෞභාග්ය උදාකර ගැනීමටද මෙම දෙවියන්ව අදහනු ලබයි. පුදපූජාවන් නොමැති වුවද මල්, පහන් පුදා තුනුරුවන් වැඳ පින් අනුමෝදන් කරන සැමට පිහිට 5 වනු ඇත. ගොවිතැන් සරුවී අටුකොටු පිර් සැමටම සෞභාග්යය උදාකර ගැනීමට ඔබත් කොටවෙහෙර දෙවිඳුට පින් අනුමෝදන් කරවන්න..

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk