වාස්තු දෝෂ නැති නිවසක් තනන හැටි

මේම නිවෙසේ නියමිත දිග පළල සකස් කර එකට වැඩි කිරීමෙන් ලැබෙන වර්ගඵලය ව. අඩි 1439 අනුව නිවෙසට වර්ගයක් හිමි වේ. “ගජ හෙවත් ඇත් නමින් එය හැඳින්වේ. මනුෂ්‍ය වාසයට ඉතා සුබදායක තත්ත්වයක් ඒ අනුව ඇතිවේ.
ඊළඟට පැරණි වාස්තු පරීක්ෂණ අතර ඒකාදශ වර්ගීකරණයට අනුව මෙම නිවෙසේ හොඳ නරක පරීක්ෂා කර බලමු. ඒ අනුව අය සංඛ්‍යාව 4ක් වේ. මෙය අසුබ වන්නේය. 6 සිට 11 දක්වා සංඛ්‍යාවක් තිබුණේ නම් සුබ වන්නේය.
වාස්තු ගණිත ක්‍රමය අනුව වැය සංඛ්‍යාව ලැබෙන්නේ එක. 1 සිට 5 දක්වා සංඛ්‍යාවකට යෙදී තිබීම නිසා සුබ දායක වේ. මෙම නිවාස සැලසුමේ වර්ගඵලය අනුව වෘශභ යෝනියට හිමි වේ. එය සුබ දායක වේ.වර්ගඵලය අනුව හිමිවන ගෘහ නක්ෂත්රය උත්‍රපුටුප වන්නේය. මෙය ඉතා සුබදායක වන්නේය. එසේ වුවත් නිවස හිමියාගේ උපන් නැකතේ සිට විපත් ප්රත්යාරි වධ, යන වර්ගයකට අසු වුවහොත් අසුබ සිදුවීම්වලට ලක්වේ. විශේෂයෙන් තදබල රෝග, ධන හානි ඇතිවේ. වර්ගඵලය අනුව මෙම නිවස සඳු දිනයට හිමි වීම සුබ වේ. භූත, අර්ථ බල, ධාන්‍ය යන සුබ අංශකවලින් බල අංශකයට හිමි වීමද සුබ දායක වේ. නිවෙසට හිමිවන තුලා රාශියටද අසුබ වේ. චර රාශියක් බැවින් ස්ථාවර බවක් ඇති නොවේ.
මෙම නිවෙසේ වංශය බ්‍රාහ්මණ වේ. එය සුබදායක වන්නේය. නිවෙසට හිමි දේවතා වශයෙන් “බ්‍රහ්ම” හිමිවේ. නිවෙසේ නිවෙසේ ආයුෂ ශේෂයද 53 සුබදායක වේ. මේ අනුව ඒකදශ වර්ගීකරණය හතක් සුබ හතරක් අසුබ වශයෙන් ඇත. මෙම වර්ගීකරණය අනුව නිවාස සැලසුම සුබ තත්ත්වයෙන් තරමක් දුරට පැවැතුණත් දොරටු තැබීම අසුබ දායක බව පෙනේ. නැගෙනහිර, බස්නාහිර, උතුර දොරටු තැබීම
ආක්රන්ද හෙවත් ශෝක ජනක නිවස වශයෙන් වාස්තුවේ පෙන්වා දී ඇත. එනිසා මෙය ඉතා අසුබ දායක වේ. ප්‍රධාන දොර බටහිර පැත්තේ නිරිත කෙළවරට තබා ඇත. මෙය ඉති අසුබ වේ. නිවස හිමියාට නිතර දුකෙන් ශෝකයෙන් සිටීමට සිදුවේ. මෙම සැලසුමේ මුළුතැන්ගෙය ඊසාන දිසාවට යොදා ඇත. මෙය ඉතාම අසුබ දායක වේ. නිවෙසේ සාමය සමඟිය, නිරෝගිභාවය සියල්ල නැතිවේ. ධන හානි වේ. ගිනි කතිරය හරහා මධ්‍ය රේඛාවට උළුඅහු තුනක් කැපී යෑමද අසුබ වේ. ප්‍රධාන දොරෙන් ඇතුළු වන විට නැගෙනහිර නිදන කාමරයේ ජනේලයෙන් පිටත පෙනේ. උළුඅහු දෙකක් හා ජනේලය එක එල්ලේ යෙදී ඇත. ඉතා අසුබ වන්නේය. ජනේල නවයක් යෙදීම අසුබ වේ.
මෙම නිවාස සැලසුම මා පරික්ෂා කළ නිවෙසක සැලසුමකි. මා පෙන්වා දුන් ඉහත අසුබ තත්ත්වයන් වෙනස් කිරීමෙන් පසු දැන් සුබ තත්ත්වයකට ගෘහ හිමියන් පත්වී ඇත. කලින් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටි අතර නිවස විකිණීමට කටයුතු යෙදා තිබුණේය. මෙහි මවු බිත්තිය කොටස් තුනකට වෙන් කර ඇත. එය අසුබ වුවත් නැවත පිළිසකර කිරීමට අපහසු විය. කැඩීම් බිඳීම් විශාල වශයෙන් සිදුවන නිසාය. මෙය මවට අගුණ ගෙන දෙන පිහිටීමකි. ඇය මිය ගොස්ය. සැලසුමේ මැද කොටස පල දෙකකට වහලය සකස් කර ඇත. දෙපස පල දෙක බැගින් මුල් වහලයට පහත් කර සකස් කර ඇත. බටහිර ඉදිරිපස කොන්ක්‍රීට් ලැබ් එක වැරැන්ඩාව වශයෙන් සකස් කර ඇත.
Advertisements


