Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවන්ගේ යට ගිය නුවන දින හතෙන් ගොඩ නගන්න පුළුවන් තෙද බලැති ආශීර්වාදයක්

1 year ago 7 Min read
Subha.lk
වැඩිහිටි මවුපියන් විදිහට කවුරුත් කැමැති තමාගේ දරුවන් සෑම අතින්ම ඉහළ තැනකට ළඟා වීමටයි. අධ්යාපනය ලබන අවධියේ පටන් රැකියාවකට යොමුවීම දක්වාත්, රැකියාවක් ලද විට එතැනින් එහා උපරිම තලය වෙත යෑමට අවශ්ය පරිසරය මවුපියන් විසින් සකස් කර දෙන්නේ දරුවන්ගේ අනාගතය බලවත්ව සුරක්ෂිත කිරීම උදෙසායි. නමුත් ඉහළ අධ්යාපනයෙන් ලබන උසස් පන්නරය ලබා ගැනීමට නම් ප්රාථමික අවධියේ නිසි අධ්යාපන රටාවකට යොමු විය යුතු බව නම් සිහි තබා ගත යුතුමය. වර්තමානයේ බොහෝ දරුවන් පෙර කී තත්ත්වය සහමුලින් පෙරළා දමා උස්සී අධ්යාපන අවධියේ සමස්ත ජය ළංකර ගන්නට වෙර දරනු ලබන අවස්ථා නැත්තා නොවේ. නමුත් යම් මානව දරුවකුගේ නිසි වයස් සපුරන අවධීන්හිදී අදාළ පිළිගත් අධ්යාපන ක්රමවේදයන්ට නම් නැඹුරු කරවීම අනුමත කළ යුතු දෙයකි. වර්තමාන සමාජයේ අවුරුදු 5, 12ත් අතර දරුවන් අධ්යාපන ක්රමවේදයන්ට යොමු කරවීම අපහසු වුවත් ඔවුන්ට අදාළ ප්රායෝගික ක්රියාකාරකම්වලට නැඹුරුතාව ඇති කළ යුතුය. මේ තත්වය ඕනෑම දරුවකුට යොදා ගැනීම අපහසු දෙයකි. බොහෝ මවුපියන්ගේ මැසිවිලි අතර “දරුවා පොත අතින් අල්ලන්නේ නැහැ. කියන කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. මේ කියා දීපු දේ දැන් මතක නැහැ." වගේ කියමන් අනන්තවත් අසන්නට ඇත. මෙවන් කාරණා හමුවේ සත්ය ලෙසින්ම දරුවන්ගේ කේන්දර පරීක්ෂාවකට යෑම අත්යවශ්ය වුවත්, නමුත් දිගින් දිගටම මතක ශක්තිය, ධාරණ ශක්තිය පෙනීම පසු බසින්නේ නම් එය යම්තාක් දුරට සිතා බැලිය යුතු කාරණාවකි. මෙම තත්ත්වය මාගේ අත්දැකීම අනුව උස් අධ්යාපනය ලබන දරුවන්ටද පවත්නා වූ ගැටලුවකි. කොතරම් කාලය වෙන් කර ගනිමින් විෂය කරුණු පාඩම් කිරීම සිදු කළත් පිළිතුරු සැපයීමේදී ඒ සියල්ල අමතක වන ස්වරූපයන් ද ඉස්මතු වේ. මෙය දරුවන්ටත් ප්රබල ගැටලු මානසික ආතතිය වැඩි වීමටද ඉවහල් වනු ඇත. අද මෙවන් බලවත් ගැටලුවක් ඔබගේ දරුවන් සතුව පවතිද්දී, එයට ප්රබල සහනය ගෙනෙන ශාස්ත්රීය විසඳුමක මෙසේ ඔබ වෙත ගෙන එන්නේ සතුටිනි. මෙම කටයුත්ත දරුවාද සම්බන්ධ කර ගනිමින් මවුපියන් හෝ නැති නම් වැඩිහිටි දරුවකු නම් තමා විසින්මද මෙම කියා සිටින කාරණාවට සාවධානව පෙළ ගැසිය යුතුය. පුර පක්ෂයේ දින මේ සඳහා යොදා ගැනීම සිදු කළ යුතු අතරම, පිරිසුදු පැන් බඳුන් දෙකක්, සුදු හඳුන් කුඩු ස්වල්පයක්ද යොදා ගැනීම අවශ්ය වන්නේය. ඊට අමතරව පිරිසුදු අබ තෙල් පහනක්ද, 2 2 තඹ පත්ර කැබැල්ලක්ද, සඳුන් තෙල් ස්වල්පයක්ද සපයා ගැනීම සිදුකළ යුතුය. ජීවම් ගාථාව - “මොහන්ධකාර සම්මොහා ලොකෙ මොහ විධංසනං දීපාලෝකේන පූජේමි සම්බුද්ධං ලෝක පූජිතං සංකර සින්දු තරණං ඛෙමං නිබ්බාන ගාමිනි දීපා ලෝකේන පූජේමි සද්ධම්මං ජින දේසිතං සද්ධම්ම රාජතනුජං සෙට්ඨං අරිය පුග්ගලං දීපාලෝකේන පූජේම් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං” දැන් පළමුව ඇණ නොගැසූ ලෑලි පුටුවක් මත සුදු රෙද්දක් එළා එහි අබ තෙල් පහන දල්වා පහන දෙපැත්තේ පිරිසුදු පැන් බඳුන් 2 තබන්න. දැන් සුදු හඳුන් කුඩු බුලත් කොළයකට දමා දැල්වූ අබ තෙල් පහන ඉදිරියේ තබා, තඹ පත්ර කැබැල්ල අතට ගන්න. ඒ සමඟම සඳුන් තෙල්ද අසලට ගෙන තඹ පත්රයේ සඳුන් තෙල් ගා හොඳින් පිරිමදිමින් මෙම දෙනු ලබන ගාථා ත්රිත්වයෙන් පළමු දින 7 වාරයක්ද, දෙවැනි දින 21 වාරයක්ද, තෙවැනි දින සිට ඉදිරියට 108 වාරය බැගින්ද ජීවම් කර, අවසාන දින ජීවම අවසන් කර සඳුන් තෙලින් ජීවම් කළ තඹ පත්රය හතරට නම් සුරයක දමා ගැටලුවෙන් පෙළෙන දරුවාගේ ගෙල පැලඳීම හෝ නැතිනම් පාඩම් කරනු ලබන ස්ථානයේ නැගෙනහිර දිශාවේ ඉහළින් එල්ලන්න. දින 07ක්වත් මේ ආකාරයෙන් බලවත්ව මෙම කටයුත්ත සිදු කරන්න කටයුතු අවසානයේ සිවුවරම් දෙවියන්ටත්, සකල දේව මණ්ඩලයටත් පින් දෙන්න යහන මත තැබූ සඳුන් කුඩු ස්වල්පය බැගින් දමා පානයට ගන්න. දින 07ක් මෙසේ නිවැරදිව සිදු කොට, ගාථා රත්නයද යොදා ගැනීමෙන් මතක ශක්තිය, ධාරණ ශක්තිය හීන දරුවන්ගේ මතකය වැඩී ඉතාමත් ඉක්මනින් ප්රත්යක්ෂ සහනය සැලසෙනු නිසැකය. ඔබට තුන් රුවනේ ආරක්ෂාව, ආශීර්වාදය ලැබේවා !

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk