Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ චරිතය - රැකියාව -විවාහය -ලෙඩ රෝග -මරණය මෙසේ විය හැකිය.

1 year ago 7 Min read
Subha.lk
රාශි චක්රයේ ලග්න දොළසක් වන අතර මෙලොව ඉප්පුණු සැම අයකුටම ලග්නයක් හිමි වෙයි. ලෝකයේ කොතැනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්රහ තාරකාව එම අයගේ ලග්නය වශයෙන් හඳුන්වයි. දළ වශයෙන් එක ලග්නයක් පැය දෙකක පමණ කාලයක් උදාවෙමින් පවතී. ඒ අනුව පැය විසි හතරට ලග්න දොළහක් උදාවේ. එම ලග්නය අනුව බලපාන එම ජන්මියාගේ ජීවිත තොරතුරු හා චරිත ලක්ෂණ කෙසේ දැයි දැන් විමසා බලමු. රාශි චක්රයේ මුල්ම රාශිය මේෂ රාශියයි. ග්රහ මණ්ඩලයේ අඟහරු ග්රහයාට හිමිවන මේෂ රාශිය සංකේතවත් කරන්නේ එළුවකුගේ ස්වභාවයයි. විෂම චර පුරුෂ රාශියක් වන මේෂ රාශිය තුළ අස්විද නැකත, බෙරණ නැකත, කැති නැකතත් එක පාදයකුත් හිමිවේ. වේගවත් බවින් අධික සටන්කාමී බවෙන් යුතු තරුණකම නියෝජනය කරන ඇඟහරු හිමි මේෂ රාශියෙන් උපත ලැබූ අය බොහෝ විට සාමාන්ය මධ්ය ප්රමාණයේ සිරුරකට හිමිකම් කියයි. දික් වූ මුහුණක් හා ගෙලක් හිමිවන අතර යහපත් අංග සම්පූර්ණ අගපසඟින් යුක්තය. කඩ්සර මෙන්ම ක්රියාශීලී බව පැහැදිලිව දැකිය හැකිය. ගමන් කිරීමේදී හිස කෙළින් තබාගෙන යෑම කැපී පෙනෙන ලක්ෂණයකි. නිතරම සටන්කාමිත්වයට බර මොවුහු හැම අවස්ථාවකදීම මූලිකත්වය ලබාගැනීමට කැමැත්තක් දක්වති. හැමවිටම තමන්ගේ මතය අනුවම ක්රියා කිරීමට පෙලඹෙයි. තවත් කෙනකුට යටත් වීමට හෝ ඔවුන්ගේ මතයට එකඟ වීමට මැළිකමක් දක්වයි. මේෂ ලග්නයෙන් උපන් අය සමඟ තර්ක විතර්ක කිරීම, වාද විවාදවලට යෑම සුබදායක නොවේ. මන්දයත් එයින් ඔහු පරාජය ලැබුවත් දබර කර ගැනීමෙන් හෝ එතනින් ජය ලබා ගැනීමට ඔවුන් පෙලඹෙන බැවිනි. කිසිම කාර්යයක් ඔවුන් සුළුවෙන් කිරීමට කැමැති නැත. හදිසි තීරණ ගැනීමට පෙලඹෙන අය වෙති. හදිසියේම ගන්නා තීරණවලින් බොහෝ විට පාඩු සිදුකර ගනී. කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් බැවින් මේෂයෙන් උපන් අය උසස් අදහස් ඇති, ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. කීර්ති ප්රසංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත්, ඉදිරියට යන ගතියත් නිසා හැමවිටම ජය හා ප්රසිද්ධිය ලබයි. පුරුෂයකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්රියක නම් තමාගේ ස්වාමි පුරුෂයාට හෝ හැර අන් කිසිම අයකුට යටත් පහත් වීමට කැමති නැත. යුද හමුදා නිලධාරීන් දේශපාලන නායකයන් කාර්මික ශිල්පීන්, රසායන විද්යාඥයන්, විදුහල්පතින් වෛද්යවරුන් බොහෝ විට මේෂ ලග්නයෙන් ඉපදී ඇත. මේෂ ලග්න හිමියන් වියළි කඳුකර ස්ථානවලට බෙහෙවින් කැමැති වෙති. ගිනි විදුලිය, ඉන්ධනවලට සම්බන්ධ රැකියා මේෂ ලග්න හිමියන්ට උරුම වේ. පොළොව ආශ්රිතව කරන කටයුතුවලින්ද යන්ත්ර සූත්ර ආශ්රිතව කරන කටයුතුවලින්ද වඩාත් ලාභ ප්රයෝජන ලැබීමට භාග්ය ඇත. ස්වකීය උත්සාහයෙන් කෙසේ හෝ උසස් තත්ත්වයකට ඒමට ඉලක්ක කර ගැනීම මෙම ලග්න හිමියන්ගේ ලක්ෂණයකි. වහා අවබෝධ වන තීක්ෂණ බුද්ධියක් ඔවුනට හිමිය. මේෂය චර රාශියක් බැවින් සිතේ චංචල බවක් ඇති කරයි. එහෙත් ගිනි රාශියක් බැවින් යමක් කරගෙන යෑමට සිතාගතහොත් එය කෙසේ හෝ කරගෙන යයි. සිත තුළ ඇති දැඩි චංචල ගතිය පිටතට නොපෙන්වයි. කෙනෙක් පක්ෂපාතී නම් ඔහුට ඉතාමත් හිතවත් වෙයි. විරුද්ධ නම් කෙසේ හෝ ඔහු යටත් කර ගැනීමට සිතයි. මේෂ රාශිය හිමි කුජ තරුණ බැවින්ද, තද කාමයට ආශා ඇත්තකු බැවින්ද කොයි කාට යටත් නූනත් තම විවාහ සහකරුට හෝ සහකාරියට යටහත් බවක් පෙන්වයි. ඇය හෝ ඔහුගේ අදහස්වලට වඩා සැලකිලිමත් වෙයි. තමා ගැනත් තමා කරන දේවල් ගැනත් හැම දේකටම වඩා සිතයි. භයානක දේවල්වලට පවා නිර්භයව ඉදිරිපත් වීම ඔවුන්ගේ ලක්ෂණයකි. ආරක්ෂක අංශයේ රැකියාවලටද මොවුන් වඩාත් ගැළපේ. නිතර කෑම බීමවලට ප්රිය කරන ඔවුන් ලස්සන ඇඳීමට, පැලඳීමට හා දුර ගමන්වලටද ළැදිකමක් දක්වති. නොඉවසිලිමත් බව, සාමයට ගරු නොකිරීම මොවුන් තුළ ඇති දුර්වලකමකි. ලෝකයේ ප්රබල සටන්කාමීන්, දක්ෂ ක්රීඩකයන් වැඩි දෙනකු ඉපදී ඇත්තේද මේෂ රාශියෙනි. රාශි චක්රය පටන් ගන්නේ මේෂ රාශියෙන් බැව්න් මෙය බලවත්ම රාශිය වෙයි. මේෂ ලග්නයෙන් උපන් අයට තුලා, මකර, කුම්භ ලග්න හිමියන් ඇසුරට වඩා යෝග්ය වෙයි. විවාහයේදී මෙම ලග්නවලින් උපන් සහකරුවකු හෝ සහකාරියක හිමිවුවහොත් ව්වාහ ජීවිතය වඩාත් සාර්ථක වේ. මේෂ ලග්න හිමියන්ට වෘශ්චික, මීන ලග්න හිමියන් කිසිසේත්ම නොගැළපේ. විවාහයේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකිය. හැමවිටම නුරුස්සන ගතියක් පෙන්නුම් කෙරේ. විශාල ව්යාපාර පවත්වාගෙන යෑමට, ආයතන පාලනය කිරීමට මේෂ ලග්න හිමියන් දක්ෂය. මේෂ ලග්නයෙන් උපන් අයට නිතර නිතර ශරීරයේ ඌෂ්ණ රෝග ඇති කරයි. තේජො ගුණය වැඩිවීම බොහෝ ඌෂ්ණ රෝගවලට හේතුවෙයි. මේෂ ලග්න හිමියන්ට වැලදෙන රෝග අතර ඇඟපත දැවිල්ල, හිසරදය, හිසකෙස් යෑම මොළයේ පීඩා, ක්ලාන්තය, සිහිනැතිවීම, රක්පිත් රෝග,ලේවල සීනි අඩුවීම ආදී රෝග වේ. ශනි, බුධ, සිකුරු ග්රහයෝ මේෂ ලග්න හිමියන්ට අසුබ පල උදා කරයි. ගුරු නිතරම සුබපල උදාකරන ග්රහයෝ වෙති. ගුරු ශනි යෝගය මේෂ ලග්න හිමියන්ට එතරම් ශුභදායක නොවේ. මේෂ ලග්නයෙන් උපන් අයට මාරක ග්රහයා වනුයේ සිකුරුය. සිකුරු දශා අනුදශා කාලවලදී ඔවුනට විවිධ බාධකවලට මුහුණ පෑමට සිදුවේ. දුර්වල ග්රහ ගමනක යෙදෙන කාලවලදී මරණය පවා ගෙන දෙයි. මේෂ ලග්න හිමියන්ගේ අටවැන්නේ බුධ, කුජ, ශනි නම් වඩා සැලකිලිමත් විය යුතුය. මෙසේ වූ විට මෙම ග්රහයන්ගේ දශා කාලය තුළදී හදිසි අනතුරුවලින් දිවි හානි වීමට පුළුවන. මේෂ ලග්න හිමියන් බොහෝ විට රිය අනතුරු, විදුලි අනතුරු, බෝම්බ පිපිරිමී ආදියෙන් අනතුරු පෙන්නුම් කරයි. මේෂ ලග්නයෙන් උපන් අයට ශනි, බුධ, සිකුරු දශා අනුදශා තුළදී අධිකව ශුභපල උදා කරයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk