අත්දුටුයි ප්රත්යක්ෂයි දුටු ගැමුණු රජුට සකල ලොවක් ජයගන්නට පාර පෙන්වූ ජයේන්ද්ර ජීවම

සිදු කරන ඕනෑම කටයුත්තක ජයග්රහණය කවුරුත් බලාපොරොත්තු වන තත්ත්වයක්. නමුත් වර්තමාන සමාජ තලය තුළ ජය ගැනීම පහසුවෙන් සිදු කළ හැකි දෙයක්ද නොවේ. අධ්යාපනයෙන්, තරග විභාග රැකියාවෙන් හෝ වේවා ඕනෑම දෙයකින් ජය අත්කර ගන්නට තවත් පිරිසක් සමඟ සටන් කර හෝ තරග කරන්නට සිදු වෙනවා. එසේම එයින් ජය ලබන්නට හැකියාව පවතින්නේ එක් පාර්ශ්වයකට පමණක් බවද දත යුතුයි. තරගකරුවන් බොහෝ දෙනකු අතරින් එවන් සුවිශේෂී ජයග්රහණයක් අත්කර ගැනීමත් මුලින් කී පරිදිම බොහෝම අසීරු කාරණාවක්. ඒ වගේම තමා බලාපොරොත්තු ජයග්රහණ සුවිශේෂී විධියට ජීවිතයට ළං කර ගන්න පුළුවන් බොහෝ ගුප්ත ක්රමවේදයන් ජ්යොතිෂය හා බැඳුණු ශාස්ත්රය තුළ එදා මෙන් අදටත් පවතිනු ලබනවා. නමුත් ඒවා ප්රායෝගිකව ජීවිතයට සම්බන්ධ කොට පරිහරණයට යොදා ගන්නට හැකියාව පවතින්නේ කලාතුරකිනි. ඒ වගේ භාවිතාවට යොදා ගත්තත් එහි නිසි පලය ළං වන අයුරින් භාවිත කිරීමේද බොහෝ ගැටලුද පවතිනු ලබනවා. බොහෝ දෙනකු ඒවා සඵලදායීව රහසේ ජීවිතයේ ජය ගත යුතු කඩඉම් පහසුවෙන් හඹා යන්නට ළං කර ගනු ලැබුවත්, ප්රසිද්ධියේ හුවා දැක්වීමක් සිදු නොකරනු ඇත්තේය. එවන් ආත්මාර්ථකාමී හැඟීම් පසෙකලා පරාර්ථය වෙනුවෙන් අන්ය හිතසුව පිණිස එවන් බලවත් ශාස්ත්රය අත්දැකීම් විදහාපාන පොත පත පවා නැත්තා නොවේ. ඒ වගේම මෙම කටයුතු ඕනෑම කෙනෙක් තමාගේ කාරණා වෙනුවෙන් යොදා ගත්තත්, තම අරමුණ හා අභිමතාර්ථය යහපත් එකක් නම් පමණක්ම යොදා ගන්නට කාරුණික විය යුතුමය.
මෙලෙස අද මා ඔබට ගෙන එනු ලබන්නේ ඔබ බැරෑරුම්ව ඉටු කර ගන්නට බලාපොරොත්තු වන්නා වූ ජයග්රාහී ප්රයත්නයන් සරලව හා සුගමව ජය මාවත කරා ගෙන එනු ලබන ක්රමවේදයක් පිළිබඳවයි. හෙළදිව එසේසත් කළ මහැඟි මහ රජ දුටුගැමුණු නිරිඳුන් පවා යුද්ධයට යෑමේදී යුද ජය අත්කර ගන්නට භාවිත කළ ඒ ජයේන්ද්ර ජීවමයි. කුඩා කල සිටම සෑම අයකුම දුටුගැමුණු රජුගේ වතගොත මනාවට අවබෝධයෙන් පසුවනවා. ඒ නිසාම බෞද්ධයන් වන අපට හොඳින් හුරු පුරුදු ගාථා රත්නයක් වන මෙම ගාථා රත්නය ජීවම් කිරීමට යොදා ගැනීමේ පහසුව වෙනුවෙන් මෙහි දක්වනු ලබනවා. බලවත් ගාථා රත්නය -
“බුද්ධෝ තිලෝක සරණෝ - බුද්ධෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං - බුද්ධෝ මේ
සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං - නත්ථි මයිහං ධම්මෝ තිලෝක සරණෝ - ධම්මෝ
භයං සදා
සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං - ධම්මො මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං - නත්ථි මයිහං භයං සදා
සංඝෝ තිලෝක සරණෝ - සංඝො සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං - සංඝෝ මේ
සරණං වරං ගච්ඡාමි සරණං සංඝං - නත්ථි මයිහං භයං සදා “
දැන් ඔබ ජීවම සඳහා අවශ්ය කටයුතු සූදානම් කර ගන්න. මේ සඳහා ප්රධාන වශයෙන් ජීවමට පිරිසුදු සඳුන් තෙල් ලබා ගත යුතු අතර මල් බුලත් තටුව නිසි ලෙස තනා ගැනීමත් සිදු කරන්න. එසේම කිලි කුණු නොවදින ලෙසින් ජීවම් කිරීමට මූලික වශයෙන් සිතට ගත යුතු සේම, මල් බුලත් තටුවේ තබාම දී ඇති බලවත් ගාථා රත්නයෙන් දහස් වර සඳුන් තෙල් ජීවම් කිරීම සිදු කරන්න. ජීවමේදී යම් හෙයකින් වැරදීමක් සිදු වුවහොත් නැවත එය අලුත් වටයකින් ආරම්භ කරන්න. විශේෂයෙන්ම මල් යහනාව සඳහා සමන් පිච්ච මල් හැකිතාක් යොදා ගත යුතු අතරම, ජීවම අවසන් වන තුරාවටම මල් යහන සඳහා සුවඳ දුම් ලබා දෙන්න. දැන් ජීවම් කිරීම නිවැරදිව සත්ය ලෙසින් අවසන් වූ පසුව, ජීවම් සඳුන් තෙල් අඟලේ රන් සුරයක හෝ රන් ආලේපිත සුරයක බහාලීම සිදු කර ජන්මියාගේ නැකැත් සීහුම් සහිත බලවත් වේලාවකදී ගෙල පලඳින්න. ඉතාමත් බලවත් ශාන්තිකර්ම අතරින් එකක් වන මෙය ඔබත් නිසි ලෙසින් සිදු කර උතුම් පල නෙළා ගන්න.
ඔබට උතුම් තුන්රුවනේ ආශීර්වාද බෙලෙන් ජයෙන් ජයම වේවා.!
Advertisements


