Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෙසැම්බර් 5 වැනිදායින් පසුව එළඹෙන දින 40 තුළ ලෙඩ රෝග නව මුහුණුවරකින් කලඑළියට

1 year ago 7 Min read
Subha.lk

කුජ ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදා පෙ.ව. 5.58ට මේෂ ලග්න විශ්ව කේන්දරයෙහි මාරකස්ථානයට පිවිස අවිනිශ්චිත සහ ගුප්ත ග්‍රහයකු වන කේතු සමඟ හැසිරෙයි. මෙසේ වෘශ්චික රාශියට නොහොත් විශ්ව කේන්දරයෙහි මාරකස්ථානයට පිවිසෙන කුජ ග්‍රහයා 2022 වසරෙහි ජනවරි 16 වැනිදා ප.ව. 4.30 වන තෙක්ම තම වෘශ්චික රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදාත් 2022 වසරෙහි ජනවාරි 16 වැනිදාත් අතර කාල සීමාව තුළ ආරක්ෂක අංශ සම්බන්ධව අසුබ සිදුවීම්වලට ඉඩකඩ ඇති බැවින් අවධානයෙන් කාලය ගත කිරීම නුවණට හුරුහුය.

 

තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව ඉහත කී කාල සීමාව තුළ ලෝක මට්ටමෙන් හමුදා නායකයකුට හෝ වෙනත් ඒකාධිපති පාලකයකුට ඇති විය හැකි බරපතළ අපලයක්ද පෙන්නුම් කරන අතර පොදුවේ ක්‍රීඩකයන් සම්බන්ධව සහ ආයුධ අත දරන්නන් සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ සිදුවීම් පෙන්නුම් කෙරේ. 

කුජ ග්‍රහයා මෙසේ වෘශ්චික රාශියට පිවිස කේතු සමඟ එක් වීම ලෙඩ රෝග සම්බන්ධයෙන්ද එතරම් සුබදායක පිහිටීමක් නොවේ. එනම් 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදාත්, 2022 වසරෙහි ජනවාරි 16 වැනිදාත් අතර කාල සීමාව තුළ දැනට පවතින අසනීප නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ ඇති අතර රුධිරය හා සම්බන්ධ අවිනිශ්චිත ලෙඩ රෝග නව මුහුණුවරකින් ආරම්භ වී ශීඝ්‍ර ලෙස පැතිරීමේ අවදානමක්ද හට ගනියි. 

 

 

එමෙන්ම මෙම ග්‍රහ ගෝචරයට අනුව නාය යෑම් වැනි අවිනිශ්චිත සිදුවීම්වලටද වෙනදාට වඩා ඉඩකඩ නිර්මාණය වන බව පෙනේ. කෙසේ වෙතත් කුජ ග්‍රහයා මෙසේ වෘශ්චික රාශිය තුළ චලිත වීම අනුව 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදාත් 2022 වසරෙහි ජනවාරි 16 වැනිදාත් අතර කාල සීමාව තුළ මහ පොළොවෙන් වටිනා රතු මැණික් මතුවීමටද ඉඩකඩ පවතින බව පෙනේ. තවද කුජ මාරුව සිදුවන  මොහොතෙහි තත්කාල කේන්දර සටහන අනුව, 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදායින් පසුව එළැඹෙන සති කිහිපය තුළ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය හා සම්බන්ධ ගැටලුවලට යම්තාක් දුරකට හෝ සාධනීය විසඳුම් ලැබීමක් පෙන්නුම් කෙරේ. 

 

මීට කලින් ලිපිවලින් සඳහන් කළ පරිදිම 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදා ගුරු මාරුවක් සිදු වීමට නියමිත අතර 2021 වසරෙහි නොවැම්බර් 21 වැනිදා බුධ මාරුවක් සිදුවීමට නියමිතය. මෙම ග්‍රහ මාරුවලට අනුව 2021 වසරෙහි නොවැම්බර් 20 අවට දිනවල යම් පමණකට හෝ ක්‍ෂණික කාලගුණික විපර්යාසවලට ඉඩකඩ ඇත. එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදා සිට ඉදිරියට පවතින දින කිහිපය තුළ කුඩා දරුවන් සම්බන්ධව, ශිෂ්‍යයන් සම්බන්ධව, මාධ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධව අසුබ සිදුවීම් පෙන්නුම් කරන අතර ක්‍රීඩකයන් සම්බන්ධව, ආරක්ෂක අංශ සම්බන්ධව යම් තාක් දුරකට හෝ අසුබ සිදුවීම් පෙන්නුම් කෙරේ. එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 5 වැනිදාත් 2022 වසරෙහි ජනවාරි 16 වැනිදාත් අතර කාල සීමාව තුළ නීති ක්‍ෂේත්‍රය සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ සිදුවීම්වලටද ඉඩකඩ ඇති බව පෙනේ. 

 

මීට කලින් ලිපිවලින්ද සඳහන් කළ පරිදිම බුධ ග්‍රහයා මේෂ ලග්න විශ්ව කේන්දරයෙහි මාරකස්ථානයට පිවිසීම අනුව 2021 වසරෙහි නොවැම්බර් 21 වැනිදාත්, 2021 වසරෙහි දෙසැම්බර් 10 වැනිදාත් අතර කාල සීමාව තුළ කුඩා දරුවන් සම්බන්ධව, ශිෂ්‍යයන් සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ සිදුවීම් පෙන්නුම් කරන බැවින් ඔවුන් ප්‍රවේශම් කර ගත යුතුය. තවද මීට කලින් ලිපිවලින් සඳහන් කළ පරිදිම 2021 වසරෙහි නොවැම්බර් 20 ආශි්‍රත දිනවල සහ 2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාල සීමාව තුළ රටම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයකුට ඇති වන බලගතු අපලයක් පෙන්නුම් කෙරේ.

ප්‍රවීන ජ්‍යෙතීර්වේදී - පාරින්ද්‍ර සුගතදාස (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk