Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවාට තබන නම මවුපියන්ට අපල ගෙනෙනවාද ?

1 year ago 7 Min read
Subha.lk
උපන් නැකැතටත් වැඩි බලයක් වහරන නමේ ඇති බව කියයි. කලක් වහරනු ලැබූ ඕනෑම නමක බලයක් ගැබ්ව ඇත. කාලයක් පැරැන්නන් නම තැබුවේ පුද්ගලයාගේ දිවි මඟ බලා ගෙනය. ගැමුණු රජු කල දුටුගැමුණු රජ, දිග අතුල්, පතුල් ඇත්තා, දිග ජන්තු එක් දළක් ඇත්තා ඒකදන්ත වීම මෙයට උදාහරණය. මේ වහරේදී ඔහු උපතින් ආ ගතියට මඳකින් හෝ හැඩිදැඩි විය හැකිය. නොමැති නම් සාන්ත උපසාන්ත විය හැකිය. ගිහියකු පැවිදි වූදා සිට වෙන නමකින් ඇමැතීම කරයි. නමුත් ඒ වෙනස් කරන නම වෙනස් වන පදවියේ හැටියට මව, පියාගෙන් මෙන්ම අලුත පත්වන භාරකාර වැඩිහිටියන්ට සීහුම් තිබිය යුතුය. එනමුත් නමින් සියල්ල ඉටු වේ යැයිද නොසිතිය යුතුය. ශාස්ත්රානුකූලව සාදාගත් නමක් වහරට ගැනීමේදී ඒ නමින් ඇමැතීම, ව්යාපාරයක නමක් තම ව්යාපාරය අරඹන සුබ මොහොතේම හෝ ඊට සරිලන වෙනවත් වෙලාවක වහරට හැරීම කළ යුතුය. නැකැත් වශයෙන් මුවහිස, අද, පුනාවස, පුස, මා, උතුරුසල, උතුරුපල්, හත, සා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකැත්ද තිථි වශයෙන් 1,2,3,5,6,7,8,10,11,13 පුර 15 කද, රාශි වශයෙන් වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යා, තුලා, ධනු, කුම්භ, මීනද සඳු, බුධ, සිකුරු, ගුරු, සුඛ අංශයක සිටින දිනයක නාම කර්මය යෙහෙකැයි පුරාණ ග්රන්ථවල සඳහන් වෙයි. එසේම යමෙකුට නමක් තැනීමේදී මවගේ නමට හෝ පියාගේ නමට සතුරු නොවන අකුරක්, ගණයක් තෝරා ගැනීමටද, වග බලාගත යුතුය. ඒ සඳහා මිතුරුකම් බලන එක්තරා ක්රමයක් මෙසේය. 1 වන වග - අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ ඖ ඍ ඍ ඓ අං ආං , 2 වන වග - ක ඛ ග ඝ, 3 වන වග - ච ඡ ජ ඣ ඤ, 4 වන වග - ට ඨ ඩ ඪ ණ, 5 වන වග - ත ථ ද ධ න, 6 වන වග - ප ඵ බ භ ම , 7 වන වග- ය ර ල ව, 8 වන වග - ශ ෂ ස හ ළ, මෙයින් 1 වන වගට 5 වන වගද, 2 වන වගට 6 වන වගද 3 වන වගට 7 වන වගද, 4 වන වගට 8 වන වගද පිළිවෙළින් පහෙන් පහට සතුරුය. ඒ නිසා සතුරු අකුරු හැර වෙන අකුරක් ගෙන නම තැබීම සුදුසුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk