Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අධ්යාපනය කෙසේ වෙයිද කේන්දරයෙන් බලා ගනිමු

1 year ago 7 Min read
Subha.lk
මවුපියන්ට දරුවා සම්පතකි. එනිසා සියලුම මවුපියන් තම දරුවන්ට හොඳින් උගන්වන්නට උත්සාහ ගනී. දුප්පත් පවුලක ඉපදුණු දරුවකුට වුවද හොඳින් උගන්වා යහපත් පුරවැසියකු කරන්නට ඔවුන් උත්සාහ ගනී. නමුත් කොපමණ මහන්සියෙන් මුදල් වියදම් කර ඉගැන්වුවත් ඉගෙනීම හරියට නොකරන දරුවෝද සිටිති. මෙසේ වන්නේ ඇයිදැයි විමසා බැලීමට නම් දරුවාගේ කේන්දරය පරීක්ෂා කර බලා තීරණයක් ගත යුතුය. කේන්දරයක 03, 04, 05 සහ 09 භාව පරීක්ෂා කිරීමෙන් දරුවාගේ අධ්යාපනය ගැන දැනගන්නට පුළුවන. තුන්වැනි භාවය පරීක්ෂා කිරීමෙන් දරුවාගේ මූලික අධ්යාපනය ගැන දරුවාගේ දක්ෂතාද දැනගන්නට පුළුවන. එමඟින් දරුවා කුමන අංශයකට දක්ෂදැයි බලා එම අංශයට දරුවා යොමු කළ හැකියි. රවි ග්රහයා 3වැනි භාවයේ නම් විදේශීය භාෂාවක් ඉගෙන ගන්නට දක්ෂය. උපන් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක්ද ලබා බුධ 3 වැනි භාවයේ නම් ඉගෙනීමට ඉතා දක්ෂ අයෙකි. විද්යා විෂයයන් ඉගෙනීමටද කැමැතිය. සිකුරු 3 වැනි භාවයේ නම් උසස් කලාකරුවකු වන්නටද පුළුවන. 3වැනි භාවයේ කුජ නම් කාර්මික කටයුතුවලට දක්ෂය. ගුරු 03 නම් ඉගෙනීමටද දක්ෂ ය. කේතු 03 සිටින අයටද හොඳින් ඉගෙන ගන්නට පුළුවන. හොඳ මතක ශක්තියක්ද ඇති අයකු වනු ඇත. පොත පත කියවන්නටද කැමැතිය. 05 භාවය පරීක්ෂා කර බැලීමෙන් දරුවාගේ ද්විතීයික අධ්යාපනය ගැන දැනගන්නට හැකියාව ඇත. 04 භාවයේද සුබ ග්රහයකු සිටී නම් අධ්යාපනයට යහපත්ය. පාපී ග්රහයකු නම් අධ්යාපනයට බාධක, කරදර ඇතිවෙයි. 9 භාවය තුළින් දරුවාගේ උසස් අධ්යාපනය භාෂාවක් ඉගෙන ගන්නට දක්ෂය. උපන් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක්ද ලබා බුධ 3 වැනි භාවයේ නම් ඉගෙනීමට ඉතා දක්ෂ අයෙකි. විද්යා විෂයයන් ඉගෙනීමටද කැමැතිය. සිකුරු 3 වැනි භාවයේ නම් උසස් කලාකරුවකු වන්නටද පුළුවන. 3වැනි භාවයේ කුජ නම් කාර්මික කටයුතුවලට දක්ෂය. ගුරු 03 නම් ඉගෙනීමටද දක්ෂ ය. කේතු 03 සිටින අයටද හොඳින් ඉගෙන ගන්නට පුළුවන. හොඳ මතක ශක්තියක්ද ඇති අයකු වනු ඇත. පොත පත කියවන්නටද කැමැතිය. 05 භාවය පරීක්ෂා කර බැලීමෙන් දරුවාගේ ද්විතීයික අධ්යාපනය ගැන දැනගන්නට හැකියාව ඇත. 04 භාවයේද සුබ ග්රහයකු සිටී නම් අධ්යාපනයට යහපත්ය. පාපී ග්රහයකු නම් අධ්යාපනයට බාධක, කරදර ඇතිවෙයි. 9 භාවය තුළින් දරුවාගේ උසස් අධ්යාපනය ගැන දැනගත හැකියි. 09 භාවය තුළ සඳු, බුධ, ගුරු, කේතු වැනි ග්රහයන් සිටීමද උසස් අධ්යාපනය සාර්ථක කර ගන්නට උදවු කරනු ලබයි. 09 භාවය තුළින් දරුවා විශ්වවිද්යාල අධ්යාපනය ලබයිද යන්න පරික්ෂා කර බලන්නට පුළුවන. එසේම 9 භාවය තුළ මේ බුධ සිටීමද උසස් අධ්යාපනය සාර්ථක කර ගන්නට උදවු කරයි. මෙයට අමතරව ඉගෙනීමට සම්බන්ධ විශේෂ ග්රහයෝගද ඇත. රවි -බුධ යෝගය, ගුරු - හංස යෝගය, භද්ර යෝගය, ඒකාවලී යෝගය, බුධ-ගුරු යෝගය, රවි ගුරු යෝගයද ඉන් කිහිපයකි. මෙම යෝග අධ්යාපනයට සම්බන්ධ භාවවල සිටීමෙන් උසස් ප්රතිඵල ලබා ගන්නට පුළුවන. එසේම 03. 05, 09 යන භාවවලට වැටෙන සුබ දෘෂ්ටි ගැනද සලකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් ගුරු ලග්නයේ සිටීම පෙන්වා දීමට පුළුවන. ගුරු ලග්නයේ සිටින විට 05 හා 09 භාවයන් දකී. එවිට අධ්යාපන කටයුතුවලට යහපත් ප්රතිඵල ලබාදෙයි. කුජ මහ දශාවෙන් උපත ලැබූ අයකුට ඉගෙනීම ලබන කාලය තුළ ඉගෙනීමට බාධක ඇති කරන රාහු මහ දශාව ලබයි. කොතරම් සුබ යෝග තිබුණත් රාහු මහ දශාව තුළ ඉගෙනීමේ කටයුතු යම් දුරකට හෝ අඩාල කරයි. එවිට වෙහෙස මහන්සි වී අධ්යාපන කටයුතු කරගෙන යන්නට සිදුවනු ඇත. ඉගෙනීම ලබන කාලය තුළ සිකුරු මහ දශාව ලබා තිබීමද අයහපත්ය. නමුත් සිකුරු 05 හෝ 09 සිටී නම් සිකුරු මහ දශාව අසුබ ඵල ඇති නොකරයි. කේතු මහ දශාවෙන් උපත ලැබූ අයකුට ඉගෙනීම ලබන කාලය තුළ සිකුරු මහ දශාව ලබයි. මුල දී ඉගෙනීමට අදක්ෂ දරුවන් පසු කාලයේදී හොඳින් ඉගෙනගෙන උසස් අධ්යාපනය ලබා සිටින අවස්ථාද ඇත. එසේම මුලදී දක්ෂ දරුවන් උසස් අධ්යාපනය ලබාගත නොහැකිව ඉගෙනීම නතර කරගත් අවස්ථාද ඇත. මෙසේ වන්නේ ඉගෙනීම ලබන කාලය තුළ ලබා ඇති දශාවන් අනුවය. මීට අමතරව දරුවාගේ නිවෙසේ පරිසරයද දරුවාගේ ඉගෙනීමට බලපායි. නිවෙසේ පියා නිතර බීමත්ව හැසිරෙනවා නම් දරුවාගේ අධ්යාපනයට එය බලපායි. එය දරුවාට මහත් කරදරයකි. එනිසා මවුපියන්ද දරුවාට ඉගෙනීමට සුදුසු පරිසරයක් නිවෙස තුළ ලබාදිය යුතුය. දරුවාගේ අධ්යාපනය කටයුතු ගැන මවුපියන් නිතර සොයා බැලිය යුතුය. නිවෙසේ පවතින වාස්තු දෝෂද දරුවාගේ අධ්යාපනයට බලපාන අවස්ථාද ඇත. දරුවාට ඉගෙනීමට හා පාඩම් කරන්නට නිවෙසේ ඊසාන දිශාවේ කාමරයක් සාදා දීම වඩාත් යහපත්ය. දරුවාට ඉගෙනීමේ කටයුතු කිරීමට වෙනම කාමරයක් තිඛෙනවා නම් යහපත්ය. දරුවාට ඊසාන දිශාවේ කාමරයක් දුන්නත් ඊසාන දිසාවේ කාමරය තුළ අසුබ දේවල් තිබුණොත් එයද දරුවාගේ ඉගෙනීමට බලපායි. එසේම දරුවාගේ ඉගෙනීම දුර්වල අවස්ථාවලදී කේන්දරය බලා පවතින අපලවලට ශාන්තිකර්මද කළ යුතුය. මේ අනුව දරුවාගේ අධ්යාපනයට මවුපියන්ගේද සහයෝගය ලැබිය යුතු බව – පෙනේ. මේ නිසා ඔබේ දරුවාගේ කේන්දරය දක්ෂ ජ්යොතිර්වේදියකුට පෙන්වා දරුවාගේ අධ්යාපන කටයුතුද සොයා බැලීම වැදගත්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk