Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුදුන්ගේ කේශ ධාතු කරඩුවට අධිපතිකම් කරනා සදුන් කුමාරි දෙවගන.

1 year ago 7 Min read
Subha.lk
වෙල්ලස්ස සහ බින්තැන්න ප්රදේශයට අධිපතිව විරාජමානව වැඩවාසය තවත් එක් ප්රාදේශීය දේවඟනකි සඳුන් මල් කුමාරි දෙවඟන. ඇය ආදි වාසීන්ගේ ආරක්ෂක දේවතාවිය ලෙස සැලකේ. සඳුන් මලේ මල් රේණුවෙන් උපන් නිසා සඳුන් කුමාරි දෙවඟන ලෙස නම් පබැඳී ඇති බව ජනප්රවාදයේ සඳහන් වේ. නාමල් බිසව, ගෝමර් යන නමින්ද හඳුන්වන සඳුන් මල් කුමාරි දෙවඟන මහා සිටී අම්මා ලෙසද හඳුන්වනු ලබයි. විවිධ ප්රදේශයන් වලදී ඇයව විවිධ නම්වලින් හඳුන්වා ඇත. එනම් බින්තැන්නේදී කුකුළාපොළ කිරි අම්මාද, අත්තන පොළදී කොට වැටේ කිරි අම්මාද, වියලුවේදී සුදු මල් අම්මා හෙවත් මහා කිරී අම්මාද ඉදිගොල්ලේ කිරි අම්මා, උඳුනා පාන කිරි අම්මා, වෙල්ලස්සේ කිරි අම්මා, කොස්ගම කිරි අම්මා, බිළිදු කිරි අම්මා ආදී වශයෙන් හඳුන්වා දෙනු ලබයි. කිරි අම්මාවරු පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී පුරාණයේ ඇති ලේඛන අනුව සඳුන් කුමාරි දෙවඟන පත්තිනි දෙවඟන බව ඇතැම් අයගේ දැඩි විශ්වාසයයි. තරුණියකගේ විවාහ මංගල්යයේදී දෑවැද්දක් ලෙස ලැබුණු සඳුන් හෙප්පුවක් මුල් කරගෙන උදුවේ උඩුකිඳ ගම් ප්රදේශයේ මෙම දෙවගන වෙනුවෙන් දේවාලයක් ඉදිකර ඇත. දේව පුරාණයේ සඳහන් වන පරිදි මෙම දේවාලයට, අධිපතිව පුද පූජා ලබන දෙවඟන සඳුන් කුමාරි දෙවඟන බව පැවැසේ. සඳුන් කුමාරි දෙවඟන කතරගම දෙවියන්ගෙන් වරම් ලබාගෙන සිදුහත් කුමරු කේශ ධාතුව කැපූ රන් කඩුවට අධිපතිව වැඩවාසය කරන බවත් කිරි වෙහෙර වහන්සේට, රණ මයුර වාහනේට, කතරගම දෙවිඳුගේ ඇත් රජාට, කදිර මලේ පොත්ගුල් හතරේ නිදන් වස්තුවටද ආරක්ෂාව සලසමින් කදිරමලේ විරාජමානව වැඩ වාසස්ථානය කරන බව පැවැසේ. රන් කඩුවක් දකුණතට ගෙන රන් ඔටුන්නක් හිස පැලඳගෙන දෙඅත් දෙකේ සහ ගෙලේ රන් ආභරණ පැලඳගෙන රන්වන් පාට සාරියකින් සැරසී සිටින මෙම දෙවඟනට භාෂා දහඅටක් පිළිබඳව දැනුම ඇති බවත් රණ හංසියක සේ ගුවනේ පාවී යා හැකි බවත් රාම සැරය. සුරතට ගෙන යන්ත්ර මන්ත්ර තන්ත්ර කියා යකුන් යක්ෂණියන් පලවා හැරීමට හැකි බවද පොතපතේ සඳහන් වේ. මනුෂ්යයන් හට ඇති වන වසංගත රෝග පීඩා දුරු කිරීමේ බලයක්ද සඳුන් කුමාරි දෙවගන සතු බවද කියැවේ. දරුවන් නැතිව දරු සුරතල් බැලීමට නොහැකිව ශෝකයෙන් තැවෙන කාන්තාවන්ට සහ ආදිවාසී ජනයාට අම්මා කෙනෙකු මෙන් පිහිට රැකවරණය ලබාදෙන බව විවාහ වී දරුවන් නොමැතිව දුක් විඳින කාන්තාවන්ට සහ තනිකම් දෝෂ නිසා දරු ගැබ විනාශ වන කාන්තාවන්ට මෙම සඳුන් කුමාරි දෙවඟන පිහිට වී එම සකළ දෝෂාන්ධකාර දුරු කර දරු සම්පත් ලැබීමට දේවාශීර්වාද සලසන බව සඳහන් වේ. පුර පක්ෂයේ බදාදා හෝ සෙනසුරාදා දිනක දහවල් 12ට පෙර නා පිරිසුදු වී ලුණු මිශ්ර නොකර සකස් කරන ලද කිරිබත් පාත්තර 1, සුදු මල් වට්ටි 7, කහ මල් වට්ටි 7, හඳුන් කූරු 7, කපුරු පෙති 7, සුදු මල් මාල 1, කහ මල් මාල 1, බුලත් 7, පඬුරු 7, පිරිසුදු පැන් බඳුනක්ද රැගෙන පත්තිනි මෑණියන් වැඩවාසය කරන දේවාලයකට හෝ විහාරස්ථානයට ගිහින් පළමුව මල් පහන් සුවඳ දුම් පුදා තුනුරුවන් වැඳ දෙවනුව කතරගම දෙවිඳුට සහ පත්තිනි මෑණියන්ට මල් පහන් පුදා අවසර ගෙන තෙවනුව ඔබ ගෙන ආ පුද පූජාව සඳුන් කුමාරි දෙවඟනට පුදා දේව කන්නලව්වක් කර ඔබේ බලාපොරොත්තුව ඉටු කර දෙන ලෙසත් එය ඉටු වූ පසු අධ්යාපනය හදාරන දරුවන් 7 දෙනකුට පාසල් උපකරණ ලබාදී කිරි අම්මාවරු 7 දෙනකුට දානයක් පිරිනමා පින් අනුමෝදන් කරන බවට පොරොන්දු වී බාරයක් ගැට ගසන්න. කතරගම දෙවිඳුට, පත්තිනි දෙවඟනට සහ සඳුන් කුමාරි දෙවඟනට පින් අනුමෝදන් කරවන්න. ඔබට යහපතක්ම උදාවේවි. සඳුන් කුමාරි දෙවඟනට ආරාධනා කවි - “සඳුන් මලේ මල් රේණුවෙන් උපන්නේ යොදුන් ගණන් රට දිවැසින් බලන්නේ සඳුන් උයන් කෝවිල් සරසන්නේ සඳුන් කුමාරි දෙවි යහනට වඩින්නේ එගොඩ ගෙදර දරු සුරතල් අම්මා මගේ ගෙදර අඳුරුයි කිරි අම්මා නෙතේ කඳුළු සළුවෙන් පිස දැමුවා මටත් පුතෙකු දෙනවද කිරි අම්මා ගිනියම් රටවද බින් තැන්නා - තනියම ආවේ ඇයි තොප දෙන්නා සොර බොර වැව - මැදම්මා ඉන්නා - සඳුන් කුමාරිය වඩිනු පෙනෙන්නා මඳ පවනට මිහිරි සුවඳ ගැසූ සුළඟින් විලස මෙන් ලොවට වෙසමුණි රජු සැරසිලා එන ගමනක් දෝ විලසට පෙර දොරටු සිටි යක්සෙන් බීත වෙලා දුවපි නොසිට රණ හංස ගමනින් බැස්නෙයි සඳුන් කුමාරි කල එළියට අගර පතනේ මැණිකක් දුටුවාදෝ හර පිනා ගොඩ බැස්සා දෝ රන්වන් සේලයකින් ගත සැරසී දෝ සඳුන් කුමාරි දෙවඟන වැඩියා දෝ” සඳුන් කුමාරි දෙවඟනට පින් දීමේ ගාථාව - “යං අම්මේ හි කතං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං සඳුන් කුමාරි දේව මාතානං - අනුමෝදන්තු සාධරං”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk