අසුබ පල ලබාදෙන සුසාන වේධ දෝෂය

වාස්තු විද්‍යාව සැමවිටම මිනිසාට නිවැරදිම නිවහන තෝරා බේරා ගන්නට මඟ කියා දෙන ප්‍රබලම විෂයක් යන්න බොහෝ පිරිස අතර ප්‍රචලිතව ඇත. එය ප්‍රයෝජනයට ගන්නා පිරිස් මේවනවිට 70-80% පමණ වී ඇත. එහෙත් දැන හෝ නොදැන වාස්තු විද්‍යාව පසෙකලා කටයුතු කරන 20-30%ක පමණ පිරිසක්ද සිටින බව අපගේ පක්ෂාවන්හිදී හමුවී ඇත. එවන් නොසලකා හැරීම හෝ වාස්තු විද්‍යාවේ හරය, එහි ප්‍රබලත්වය නොදැනීම හේතුවෙන් විපතට පත්වන්නාවූ පිරිසක් පිළිබඳ අප විමසා බලමු.
වාස්තු විද්‍යාව පෙන්වා දෙන නිවෙසට බාහිරව ඇති දේ තුළින් නිවෙසට ඇතිවන දෝෂ “වේධ” දෝෂ නම් කෙරේ.
එවැනි “වේධ” දෝෂ 18ක් පමණ ප්‍රධාන වශයන් වාස්තු විද්‍යාව පෙන්වා දී ඇත. ඒ අතර “සුසාන වේධ දෝෂය ද ප්‍රධාන තැනක් ගනී. සුසාන වේධ දෝෂය යන්නෙන් හඳුන්වන්නේ නිවෙස ඉදිරිපස ප්‍රධාන දොර ඉදිරිපසින් සුසාන භූමියක් (සොහොන් බිමක්) පිහිටීමයි.
ඇතැමකුට මෙවැනි ස්ථාන සුලභ දෙයක් වුවද තවත් අයකු එවැනි ස්ථාන තිබෙනවාද යන්න විමසන්නට පුළුවන. කෙසේ වුවද පිළිතුර මෙවැනි ස්ථාන ඇත යන්නය. කුමන හෝ හේතුවක් නිසාවෙන් නිවෙස ඉදිරිපිට සොහොන් බිම් තිබෙන නිවාස බොහෝමයක් අපගේ පරිසරය තුළ දක්නට ඇත. වාස්තු විද්‍යාව තුළ එවැනි පිහිටීම් ඇති නිවැසියන්ට, අකල් මරණ, ධන හානි, විපත්, කරදර, රෝග පීඩා බහුල වීමට හේතු වන බව පෙන්වා දී ඇත. මෙවැනි දෝෂ සහිත ස්ථාන පක්ෂාවන්හිදී ඉහත දොස් එම නිවාස තුළ එපරිදිම දක්නට ඇත. එපමණක් නොව, සුසාන භූමියක් අසල නිවෙසකට කොතරම් ගැටලු පීඩා මතුවෙනවාද යන්න විමසා බලන්න. නිතර නිතර දැකීම තුළ මනසට අසහනකාරී ස්වභාවයක් මතුවීම, ගුප්තමය කරුණු මුල්කොටගෙන විවිධ බාධා මතුවීම බාගෙට පිලිස්සුණු හා දිරා නොගිය මළ මිනී කොටස් නිවාස අසලට සතුන් රැගෙන ඒම වැනි ගැටලු මතුවේ.
තවද අපගේ ගවේෂණයන් තුළ සොයා ගන්නා ලද ගැටලු කිහිපයක්ද ඔබට පෙන්වා දෙන්නෙමු. සුසාන භූමි ඉදිරිපිට ඇති නිවැසි හිමියකු පැවැසුවේ “අපිට සතියට එක දවසක්වක් රේඩියෝ එක හයියෙන් දාන්න බෑ. මෙතනට හැමදාම මිනී ගේනවා” යන්නයි.
ඇතැම් අය පවසන්නේ “උදේට නැඟිට්ට ගමන් සොහොන්ම දැකලා හැමදාම කරන දේවල් අවුල් වෙනවා” යන්නය.
ඇතැමකුට විවාහ කටයුතු අසාර්ථක වෙන්නටද නිවෙස අසල පිහිටි සුසාන භූමිය බලපා ඇත. තවත් අයකුට නිවෙස විකුණා ගැනීමට, ඉඩම විකුණා ගැනීමට, කුලියට දීමට පවා සුසාන භූමි අසල නිවෙස බලපා ඇත.
රෝගියකු වන්නට, ගැටලු සහිත නිවෙසක් ඇති කරගන්නට, අගහිඟකම් ඇතිකරගන්නට කිසිවකු කැමැති නැත. එසේනම් ඔබ සිටින නිවෙසද ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවෙසද සුසාන වේධ දෝෂයට හසුනොවන්න සකසා ගන්නට වග බලා ගන්න.
Advertisements


