Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මනමාල ගති වලට අනුබල දෙන කේතු

1 year ago 7 Min read
Subha.lk
වර්තමාන සමාජය තුළ විවිධ ආකාරයෙන්හැසිරෙන ස්ත්රී - පුරුෂ දෙපක්ෂයම අපට දකින්නට ලැබේ. ඒ අතර වයස අවුරුදු හැට ඉක්මවූ එසේ නැත්නම් හැත්තෑව ඉක්මවූ සමහර ස්ත්රීන්, පුරුෂයන් තමන්ගේ වයස ගැන නොසලකා තරුණ තරුණියන් සමඟ උසුළු විසුළු කරමින් හැඟීම්බරව මනමාල ලෙස හැසිරෙන අයද හමුවේ. ඔවුන්ට එවැනි මානසික තත්ත්වයක් ඇතිවීමට යම් ග්රහ තත්ත්වයක් මුල්වන බව කිව යුතුය. විශේෂයෙන් ‘කේතුගේ බලපෑම ඒ සඳහා ප්රධාන තැනක් ගනියි. කේතු සෙවණැල්ලකි. එය වුවත් ස්ත්රී - පුරුෂ දෙපක්ෂයටම ඉමහත් බලපෑමක් කරන ඡායා ග්රහයෙකි. මෙහිදී මාතෘකාවට අදාළව මා පෙන්වා දෙන්නේ කේතුගේ ලෞකික හැසිරීම සම්බන්ධවයි. විශේෂයෙන් තරුණයන් අතරට මොහු ඉළන්දාරි පුද්ගලයෙක් වශයෙන් හැසිරේ. නමුත් කියන වැඩ ක්රියාත්මක කරන්නේ නැත. පිළිවෙළක් නැත. කෙසේ නමුත් තරුණයන් අතරේ ස්ත්රී - පුරුෂ ආදර සබඳතා ගැන කතා කළොත් මොවුන් ඊට වයස නොබලා එම ආදර කතාබස්වලට පොහොර දමනු ඇත. ස්ත්රියක් වුවහොත් ඉතා ළඟින් පුරුෂයන් ඇසුරු කරමින් හැසිරෙන්නේද පුරුෂයකු ආකාරයටය. බොහෝ අවස්ථාවල මෙම හැසිරීම අන් අයගේ දෝෂදර්ශනයට ලක්වී පිළිකුලට භාජන වේ. සමහර පිරිමින්ට තමන්ගේ පුරුෂභාවය, ගෞරවය, චරිතය රැකෙන ආකාරයෙන් හැසිරීමට පවා අමතක වන්නේය. ඒ දුර්වල, කෙට්ටු කේතුගේ හැටිය. නමුත් බලවත් ග්රහයෙක් සමඟ සංයෝග වී සිටී නම් කේතුගේ ස්වභාවය බොහෝදුරට වෙනස් වන්නේය. විශේෂයෙන් රවි සමඟ සංයෝග වී සිටින කේතු රවිගේ ස්වභාවයට යටත් වන අතර එවිට ඔවුන් තමන්ගේ පිරිමි බව ආරක්ෂා වන ආකාරයට තේජාන්විතව හැසිරෙමින් කටයුතුවල යෙදෙනු ඇත. ස්ත්රීන් – අතරේද තමන්ගේ ස්ත්රීභාවය ආරක්ෂා වන ආකාරයෙන් හැසිරෙමින් වැඩකටයුතුවල යෙදෙන්නේ ඉමහත් එඩිතර භාවයෙනි. බලවත් ග්රහයෙක් සමඟ සංයෝග වී කේතු උපතින්ම සිටී නම් ස්ත්රී හා පුරුෂ දෙපිරිසම ඉහත කී ආකාරයෙන් තමන්ගේ ගෞරවය රැකෙන අයුරින් කටයුතු කරනු ඇත. ගුරු සමඟ කේතු සංයෝග වී උපතින් යෙදී තිබේ නම් කේතුගේ ගතිගුණ, හැසිරීම ආදී දුර්වලතාවන් යටපත් වී මහත්මා ගතිගුණ පිහිටා ඒ අනුව කටයුතු කරනු ඇත. තමන්ට වඩා බාල හෝ වැඩිමහල් ස්ත්රී පුරුෂ කා අතරත් පණ්ඩිත උපදේශකයෙක් වශයෙන් වැඩ කටයුතුවලදී සහයෝගය දෙනු ඇත. ස්ත්රියක් වුවත් පුරුෂයෙක් වුවත් ඒ ගති ඒ ආකාරයෙන්ම පිහිටනු ඇත. කෙසේ නමුත් වැරැදි වැඩක් කළහොත් එය ඉතා රහසිගතව සූක්ෂ්මව කරනු ඇත. නමුත් පසුව ඔහුට හෝ ඇයට සිතට මදිකමක් සේ වැටහී පසුතැවිලි වේ. කේතු සමඟ සිකුරු ජන්ම කේන්දරයේ උපතින්ම සංයෝග වී සිටී නම් එවැනි ස්ත්රීන් හා පුරුෂයන් වයස 70 පැන්නත් ලෞකික ජීවිතයේ තම සිතැඟි ආසාවන් කෙරෙහි සීමාවක් අවසානයක් නැත. එවැනි අයගේ ක්රියාකාරකම් අද වර්තමාන සමාජයේ බොහෝ අවස්ථාවල පුවත්පත්වලින් අසන්නට ලැබේ. එවැනි අයගේ ජන්ම කේන්දරවල ලග්නයේ හෝ හත්වැන්නේ මෙම සංයෝගය යෙදීම තම ජීවිතයට හා චරිතයට කැළැල් ඇතිවීමට හේතුවන්නකි. සඳු සමඟ කේතු උපතින් සංයෝග වී දසවැන්නේ හෝ ලග්නයේ යෙදී ඇත්නම් නිතර මානසිකව සුළු සිද්ධියකදී වුවත් හිත චංචල වී බයාදු ගතිය ඇති වේ. පිරිමියෙක් නම් ස්ත්රීන් අතරේ ස්ත්රියක් මෙන් හැසිරෙයි. ඒ තමන්ගේ ආසාවන් මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙනි. නමුත් බය, සැක දෙක තිබේ. වයස්ගත වීම සමඟ මේ ගතිය වැඩි වේ. ස්ත්රියක් නම් පිරිමින් අතරේ පිරිමියෙක් මෙන් කටයුතු කරමින් තම ආසාවන් ඉටු කර ගැනීමට මාන බලයි. වෘශ්චික රාශියේ ලග්නයේ උපතින්ම කේතු - සඳු සංයෝගය යෙදී ඇත්නම් මේ තත්ත්වය හොඳින් පෙනේ. ඉතා සූක්ෂ්ම ලෙස යටිසූත්තර කරමින් අන් අය පොලඹවා ගනී. තමන්ට වාසිදායක මුදල් කටයුතුවලදී මොවුන්ගේ මායම් හොඳ හැටි පැහැදිලි ලෙස දක්නට ලැබේ. කුජ සමඟ කේතු සංයෝග වීමෙන් ලේ විසවී කුෂ්ඨ, දද, හොරි සෑදී නිතරම ගඳ ගැසුවත් වයස යන්නට යන්නට පිරිමි පක්ෂය නාකි මනමාල ගති අත්හරින්නේ නැත. ස්ත්රීන් අතරේදී 80 පැන්නත් දෙනෙත්, නොපියා කට ඇරගෙන බලා සිටී. තමන්ගේ වින්දනය ඒ ආකාරයෙන් ලබාගනී.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk