Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ළිද කපන දිසාව අනුව ජිවිතයේ බොහෝ දෑ තීරණය

1 year ago 7 Min read
Subha.lk
මිනිසාගේ මූලික අවශ්යතා අතර නැතිවම බැරි සම්පතකි ජලය. ජලය නොමැතිව මිනිසාට ජීවත් ව්ය නොහැකිය. එබැවින් ගෘහයක් ආරම්භයකට මුල පිරුවද, ඉඩමක් මිලදී ගන්නට සූදානම් වුවද මුලින්ම සොයා බලන්නේ ජලය එම ස්ථානය තුළ තිබෙනවාද යන්නය. මිනිසාට ජලය ලැබෙන මාධ්ය අතර මුල් තැන ගන්නේ "ළිඳ"ය. වාස්තු විද්යුතවේ කූප ශාස්ත්රය යනුවෙන් විශේෂිතම කොටසක් නම් කර ඇත්තේ ළිඳ (කූප) එතරම්ම මිනිසාට වැදගත් වන්නා සේම එය නිවැරැදිව ස්ථානගත නොකළහොත් දැඩි දෝෂ මිනිසාට ඇතිවන නිසාමය. එහෙත් වර්තමානය මෙන්ම අතීතයේද ළිඳ ස්ථානගත කිරීමේදී ඇතැමකු ඒ පිළිබඳ එතරම් තැකීමක් කර නොමැති බව දකින්නට ඇත. මේ තුළින් දැඩි ගැටලු පීඩා මතුවී ජීවිත පවා විනාශ වූ ස්ථාන බොහෝ දක්නට ඇත. වාස්තු විද්යාවේ පෙන්වාදී තිබෙන පරිදි පාරම්පරිකව සහ ගවේෂණාත්මකව සොයා ගන්නා ලද තොරතුරු රැසක් මේ ලිපිය තුළින් පෙන්වා දෙමු. යම් භූමියක ළිඳක් ස්ථානගත කළ යුතු ස්ථාන කිහිපයක් වාස්තු විද්යාවේ පෙන්වාදී ඇත. ඒ අතර උතුර, ඊශාන, නැඟෙනහිර ප්රධාන වේ. අන් දිශාවක ළිඳ ස්ථානගත කිරීම තුළ විවිධ වූ අසුබතා මතුවේ. ඉඩමේ දිශා අනුව ළිං කැපීමේ ප්රතිඵල - වයඹ - සතුරු පීඩා, මධ්යම - ධන හානි, ගිනිකොන - දරු අපල, නිරිත - මරණ (විවිධ ගැටලු) ළිදක් කැපීමේදී අපට අවශ්ය දිනක එය නොකළ යුතු අතර ජ්යොතිෂ විෂ ය තුළ හා වාස්තු විද්යාවේද එය කුමන කාලයක කළ නොකළ යුතුද යන්න පෙන්වාදී ඇත. මාසය අනුව ළිං කැපීමේ ප්රතිඵල - "ජනවාරි - දේපොළ ලැබීම්, පෙබරවාරි - ගිනි අනතුරු සිදුවීම, මාර්තු - සෞභාග්ය ලැබීම, අප්රේල් - යාන වාහන ලැබීම, මැයි - සැප සම්පත් ලැබීම, ජුනි - අමනුෂ්ය බිය, ජූලි - දුක් කරදර අගෝස්තු -සැපත ලැබීම, සැප්තැම්බර් - සතුරු බිය, ඔක්තෝබර් -සෞඛ්ය දුර්වලතා, නොවැම්බර් - දුක් කරදර, දෙසැම්බර් - කීර්තිය, ප්රශංසා,” ළිං කැණිමේ දින අනුව ප්රතිඵල - ඉරිදා - ජලය නැතිවීම, සඳුදා - ජලය පිරී පවතී, අඟහරුවාදා - වැලි සහිත ජලය ඇතිවීම, බදාදා - පිරුණු ජලය, බ්රහස්පතින්දා - බොරදිය, සිකුරාදා - ලුණු ජලය, සෙනසුරාදා - ජලය අඩුවීම, ළිඳක් කැපීමට ප්රථම දිශා මෙන්ම නිවෙසේ සිට සහ නිවෙස අනුව කුමන ස්ථානයන් සුදුසුද නුසුදුසුද යන්නද සොයා බැලිය යුතුය. ඒ අනුව ඉඩමේ ප්රේත පාදයට හසු නොවිය යුතුය. නිවෙසේ සිට කෝණවලට අසු නො යුතුය. වැසිකිළි, කුණු වළවල් වැනි ස්ථාන සිට නියමිත දුර ප්රමාණයන් ගත යුතුය. වහලේ යට ලීවලට හසු නොවිය යුතුය. ප්රධාන දොරට දෝෂ නොවන පරිදි විය යුතුය. නිවෙසේ සිට නියමිත දුර ප්රමාණයන් ගත යුතුය. ඉඩමේ මධ්ය ලක්ෂ්යය හසු නොවිය යුතුය. ඉහත පෙන්වාදී ඇති කරුණුවලට අමතරව ළිඳක් අසුබ ස්ථානගත වීම තුළ ඇතිවන්නා වූ දුර්විපාක රැසක් ඇත. නොසිතන සෞඛ්ය ගැටලු රැසක් මතුවීමටද අසුබ ස්ථානගත ළිඳ හේතුවේ. එබැවින් ඔබේ පවත්නා ළිඳ ද අලුතින් ඉදිකරන්නට බලාපොරොත්තු වන්නා වූ ළිඳ ද නිවැරැදිද යන්න විමසා බලන්නට මැළි නොවන්න. එවිට ජලයෙන් පමණක් නොව, අනෙකුත් කාරණා තුළින්ද ළිඳ ඔබට සම්පතක් වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk