Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

යක්ෂ බිය දුරු කරන වින ආපසු හරවා යවන බලගතු මන්ත්රයක්

1 year ago 7 Min read
Subha.lk
මන්ත්රය- “ඕ අල්ලා හෝමා රෝ බිසි බිල්ලා හිල්ලා හිල්ලා ගිම්හාලු ගුරුකී ගුරුකී ආදේස් ගුරුසි පට්ටාඩි භාෂා ජෝයි භරති කායා කාබේලී කායා කායා නොසොයා කොසභා කොභා තුඩහා බාසා වාරේ පීසා වාරේ පිල්ලි වාරේ ජෝගි නිහාදු ආදේස් ආදේස් භාලු ආදේසු ආදේසු භාදු ඔඩ්ඩියා දේව රාජා භාදු හනුමන්තා භාදු මහා දේවී භාදු විෂ්ණු දේවි භාදු භද්රකාලි භාදු දෙහි භාදු ඩිං හිං භද්ර කාලි කට්ටු සුරේන්දු දේව රාජානේ කට්ටු ඕ කාලි කට්ටු හෝස් ක්රෝස් වාස් භද්ර කාලී අම්මා දේස් වීර සූර භද්රකාලි අම්මා දේස් දේස් කට්ටු කට්ටු භාස් තුක්කා භාදු තුක්කාර් භාදු මහා භාදු සෙල්ලා භාදු සෙල්ලා භාදු පුට්ටු පුට්ටු කෛවාරේ පුට්ටු” ක්රමය - මෙතෙක් අප රටේ පළ වූ පොත්පත් සහ පුවත්පත්වල කොපමණ යන්ත්ර මන්ත්ර තන්ත්ර පළවුවත් ඇදුරු ආරක්ෂාවට මන්ත්ර නිසියාකාරව පළ නොවීම කනගාටුය. යන්ත්ර මන්ත්ර තන්ත්ර ක්රියාවලියේදී පළමුව තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුමය. යන්ත්ර මන්ත්ර තන්ත්ර ක්රියාකරන ඇදුරන් සහ දේව ගැතියන් ඇදුරු ආරක්ෂාවට මන්ත්ර පාඩම් කරගත යුතුයි. යක්ෂ බය නිසා හෝ ප්රේත දෝෂයක් නිසා මරණාසන්නව සිටින රෝගියකුට ඇප නූල් බැඳීමට හෝ දෙහි කැපීමට යනවිට එසේ නැතිනම් මළ යක්ෂයන් බන්ධනයට ගැනීම, අනවින, කොඩිවින කැපීමේදී පළමුව මෙම මන්ත්රයෙන් 21 වරක් තෙල් මතුරා ඔබද නිවෙසේ අඹු දරුවන්ගේද හිස ගල්වන්න. අනවින, කොඩිවින කපන ස්ථානයේදී ආරක්ෂාවට සකස් කරන කහදිය කොතලයටද මෙම මන්ත්රයෙන් 21 වර ජීවම් කරගන්න. තම ජීවිත ආරක්ෂා වේ. විනය ආපිට පෙරළී යයි. නිතරම මෙම මන්ත්රය සිහිපත් කරන්න. ප්රබල ආරක්ෂාවකි. යක්ෂ බය දුරුවේය. අංගම් පිල්ලිහදි හූනියම්වස් දොස් පළි දැම්ද වළකී. ජීවිතය ආරක්ෂා කරවන ඇදුරු ආරක්ෂා මන්ත්රයකි. කටපාඩම් කරගැනීම යහපත් ප්රතිඵල ගෙනදේය. උදේ සවස මල්, පහන් පුදා තුනුරුවන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කරවන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk