Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

උපන්දිනයෙන් කියැවෙන ඔබේ ගතිගුණ

1 year ago 7 Min read
Subha.lk

දෙසැම්බර් 07

ආධ්‍යාත්මික සහ ආගමික දර්ශනයක් ඇත්තෝ වෙති

අංක හත හිමි කේතු ග්‍රහයා තුළ ශුභ කර්තරී ලක්ෂණ පිළිබිඹු නොවේ. මෙනිසා මෙදින උපත ලබා ඇති ජන්මින්ගෙන්ද සර්ව ශුභවාදී ගුණාංග අපේක්ෂා කළ නොහැකිය. තිර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමේ උනන්දුවක් නොමැති අවස්ථාවන්හිදී මෙදින උපත ලැබූ ජන්මීන් අරගල මෙහෙයවමින් කඩාකප්පල්කාරී වැඩවලට සහභාගි වීමට රුචිකත්වයක් දක්වති. එසේ වුවත් මොවුන් සතු යහපත් ලක්ෂණ මෙසේ දැක්වේ. දෙසැම්බර් හත්වැනි දින ජන්ම ලාභය ලැබූ ජන්මින් අතර යහපත් ලෙස සිතන චින්තකයින්, නිර්මාණකරුවන්, කවියන්, කලාකරුවන්, ප්‍රති නිර්මාණකරුවන්, විද්‍යාඥයින් මෙන්ම බේරුම්කරුවන් ආදී ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ද සිටීම විශේෂත්වයකි. 

කේතුගේ බලපෑම පවතින මෙදින උපත ලැබූ අය තුළ ආධ්‍යාත්මික සහ ආගමික දර්ශනයක්ද පවතින හෙයින් පව් කිරීමට බියවේ. අවංකත්වය තුළ රැඳී සත්‍යගරුකව කටයුතු කිරීමට නිර්භයව ඉදිරිපත් වෙති. අසාධාරණය හමුවේ නැඟී සිටීමට මැළි නොවීම නිසා අරගල කෙරෙහි යොමුවීම මොවුන් සතු සාමාන්‍ය ලක්ෂණයකි. එනිසා පීඩිතයන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වෙති.

 

දෙසැම්බර් 08

දැඩි ආත්ම ශක්තියකින් හෙබි අයයි

ග්‍රහ මණ්ඩලයේ වැඩිහිටියකු ලෙස ගෞරවයට පාත්‍රවූ සෙනසුරු ග්‍රහයාට හිමි අංකය ලෙස අංක අට හැඳින්වේ. ඒ අනුව දෙසැම්බර් අටවැනි දින උපත ලැබූවන් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි දැඩි ආත්ම ශක්තියෙන් යුක්ත ජන්මීන් ලෙස හැඳින්වේ. හිත මිතුරන් මෙන්ම ඥාතීන් සමඟ කටයුතු කිරීමේදී කිසිවකු විශ්වාස නොකිරීම මොවුන් සතු දුර්වලකමකි. 

සමාජ සංවිධාන හෝ මහජනතාව හෝ පවුලේ සාමාජිකයෝ සමඟ කටයුතු කිරීමේදී අවංකකමින් සහ සත්‍යගරුකව කටයුතු කිරීමට මොවුන් නිතැතින්ම පෙලඹෙති. එහෙත් අන් අයගේ සහයෝගය ලබාගෙන කටයුතු කිරීමට ඇති දැඩි අකමැත්ත නිසා සියලුම කටයුතු තමා විසින්ම කර ගැනීමට සිදුවේ. ඒ හේතුව මත ඇති වන දැඩි වෙහෙසකාරී බව සෞඛ්‍යය පිරිහීමට හේතුවේ. සෑම අවස්ථාවකම අරමුණ හ¾දුනාගෙන එය ඉටුවන තෙක් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීම මොවුන් සතු යහපත් ගුණාංගයකි. 

 

දෙසැම්බර් 09

අධිකාරි බලයකින් යුක්ත අය වෙති

කුජ ග්‍රහයාට අයිති අංක නමය හිමි දෙසැම්බර් නමවැනි දින උපත ලැබූ ජන්මීන් අධිකාරි බලයක් සහිතව කටයුතු කිරීමට පෙලඹේ. පරිපාලකයන් හොඳ සංවිධායකයන් වීම මෙදින උපත ලැබූවන්ට සුදුසු තනතුරු වේ. ආයතනයක හෝ සංවිධානයක කටයුතු කිරීමේදී නිසි අධිකාරි බලය මෙවැන්නෝ සතු වුවහොත් පාලන කටයුතු විනයානුකූලව කිරීමටත් එම ආයතන සතු සම්පත් හොඳින් ආයෝජනය කිරීමටත් උත්සාහ දැරීම මොවුන් සතු යහපත් ලක්ෂණයකි. 

වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් සර්ව ශුභවාදී ආකල්ප මත ප්‍රායෝගික ඥානයෙන් කටයුතු කිරීමටත් දක්වන උනන්දුව නිසා මොවුන්ගේ පාලනයට යටත් වූ ආයතන හොඳින් දියුණු කිරීමට අවස්ථාව හිමිවේ. කීර්තිය, ගෞරවය නිතරම අපේක්ෂා කරන බැවින් එය අහිමිවීමෙන් කාර්යක්ෂමව කටයුතු කිරීමට අකමැති වේ. එය ඔවුන් සතු දුර්වලකමකි. මෙදින උපන් අය තම ජීවන සහකරු හෝ සහකාරිය නිවැරදිව තෝරා නොගැනීමෙන් විවාහ ජීවිතය තුළ ගැටලු නිර්මාණය කර ගනිති.  

 

 

දෙසැම්බර් 10

අසාධාරණකම හමුවේ පසුබට නොවන්නෝය

මෙදින උපත ලැබූ අයගේ ගති පැවතුම් බොහෝ දුරට අංක එක හිමි රවි ග්‍රහයා සතු ගති ලක්ෂණ මත රඳා පවතී. එහෙත් බිංදුවට හිමි ගුණාංග අනන්තය ඉක්මවා යන හෙයින් මෙම චරිත තුළ සැඟවුණු ලක්ෂණ පවතී. යම් අයකු තමාට අවිශ්වාස යැයි හැඟී ගියහොත් එවැනි අයට සැඟවී හෝ පහර දීමට මොවුන් මැළි නොවේ. එම ලක්ෂණය ඔවුන් සතු දුර්වල පිහිටීමකි. රවි ග්‍රහයාගේ ගති ලක්ෂණ මෙදින උපත ලැබූ අයට වැඩි වශයෙන් පිහිටීම හේතුවෙන් ගෞරව කළයුතු අය හ¾දුනාගෙන ඔවුන් කෙරෙහි විශ්වාසවන්ත ලෙස කටයුතු කිරීමට පෙලඹෙන්නෝ වෙති. 

අසාධාරණය හමුවේදී පසුබට නොවන නිසා අරගලවලට යොමුවී සටන් කරමින් අයිතිවාසිකම් දිනාගැනීම සාකච්ඡාවලට වඩා සාර්ථක පියවරක් ලෙස ඉදිරියට ගෙන යෑමට දැඩි උනන්දුවකින් කටයුතු කරයි. කෙසේ හෝ සිය අරමුණු ඉටුකර ගැනීම මොවුන්ගේ අභිලාෂය වේ. එහෙත් සෑම අවස්ථාවකම තම සතුරන්ට අනුන් ලවා කරදර කිරීමට උත්සාහ දැරීම මෙදින උපත ලැබූ අයගේ දුර්වල පිහිටීමකි. 

 

දෙසැම්බර් 11

කාගේත් හොඳ හිත දිනාගනිති

මෙදින ජන්ම ලාභය ලැබූ ජන්මින්ගේ චෛතසික අංකය දෙක වන අතර එම ගති පැවතුම් ස¾දු ග්‍රහයාට අයත් ලක්ෂණවලට අයත්වේ. මෙවැන්නෝ ඉතාමත් කාරුණික, ආචාර සම්පන්න තැනැත්තෝ  වෙති. හැම මොහොතකදීම අන්අයට උපකාර කිරීමට පෙලඹේ. රැකියාවක නිරත වී සිටින්නේ නම් උසස් නිලධාරීන්ට මෙන්ම තමා යටතේ සිටින අයටත් එකම ආකාරයෙන් සැලකීම මොවුන් සතු යහපත් ගුණාංගයකි. රාජකාරියේදී අවංකත්වයට තැන දීමට අමතක නොකරති. මෙවැනි ලක්ෂණ නිසා කාගේත් හොඳහිත දිනා ගැනීම පහසු කාර්යයක් වේ.

ස¾දු ග්‍රහයාගේ චංචල ස්වභාවය මොවුන් වෙත ආරෝපණය වීමෙන් එක් අරමුණක රැඳී වැඩ කිරීමේ හැකියාව අවම වේ. එම හේතුවෙන් බුද්ධියට වඩා හැඟීම්බරව කටයුතු කිරීම නිසා අනපේක්ෂිත අර්බුදවලට මුහුණ දීමට සිදුවේ. අනුන්ගේ ගැටලු තමන්ගේ ගැටලු බවට පත්කර ගැනීම මත විසඳාගත නොහැකි ප්‍රශ්නවලට මැදිහත් වීමට සිදුවේ.  මෙම දුර්වලතාව මත හැම මොහොතකම මානසික පීඩාවන් ඇතිකර ගැනීම මෙදින උපන් අයගේ ලක්ෂණයක් ලෙස පැහැදිලි වේ.

 

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ (05/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk