Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කෝණ මාසය නිමයි – ආයෙත් වැඩ පටන් ගමු

1 year ago 7 Min read
Subha.lk
2022 ඔක්තෝබර් 17 වැනි සඳුදා රාත්රී 7.22ට රාජ්ය කාරක රවි කන්යා රාශියේ තුලා රාශි ගතවේ. ඒ සමග ම කෝණ මාසයක නිමාව සටහන් වේ. අතහැර දමා තිබූ බොහෝ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඉතා ගුණ කාලයක් යළි උදාවේ. කෝණ මාසය ආරම්භ වීමත් සමග නිවාස ඉදිකිරීම් ආරම්භය, විවාහ කටයුතු, දිගුකල් පැවැතිය යුතු වගා කටයුතු ආරම්භ කිරීමට සම්ප්රදායානුකූලව නැකැත් ලබාදෙනු ලැබේ. එනම් කෝණය තුළ රජයේ බලය ගැටලුවකට ලක්වන බැවිනි. කෙසේ වෙතත් රවි කන්යාවෙන් තුලාවට ප්රවිශ්ඨ වීමක් සමග රවි නීච වේ. මෙහි දී රවි නීච වීම නිසා දුටුවනම අයෙක් කලබලයට පත්විය හැක. 2022 ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරු ග්රහයා ද තුලා රාශි ගතවේ. ඒ සමගම තුලා රාශියේ අධිපතීත්වය බලසම්පන්න වන අතර සිකුරුගේ ස්වක්ෂේත්ර බලය ක්රියාවට නැංවීම ආරම්භ වේ. තවද රජ නීචව සිටින විට එම රාශියේ ම සිකුරු ස්වක්ෂේත්ර බල වීම තුළින් රවිගේ නීචත්වය භංග වී නීච භංග රාජ යෝගයක් නිර්මාණය වේ. මේ අනුව බැලූ කල ලෝකාරක ජ්යොතිෂය තුළ හත්වන රාශියවන තුලාවේ නීච භංග රාජ යෝගයක් උදාවීමෙන් ජාත්යන්තර සබඳතා පිළිබඳ නව නැම්මක් ද ඇතිවනු ඇත. තවද රට තුළ මෙන්ම ජාත්යන්තරව ද නව රාජ්ය බලවේග ක්රියාත්මක වීම් සිදුවේ. කෙසේ වෙතත් ග්රහලොව රජු නීච වී භංගවීම රජුගේ කෲර ක්රියාපිළිවෙත් එළියට ඒමක් පෙන්නුම් කෙරේ. ඒ අනුව ලොව පුරා රාජ්ය නායකයෝ කෲර, දැඩි ප්රතිපත්ති අනුගමනය කරන අයුරු දැකගැනීමට හැකිවනු ඇත. ශ්රී ලංකා වාසී සැමට කල්දමා තිබූ ව්යාපාර කටයුතු, විවාහ කටයුතු, නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නැකැත් ලබාගැනීමට ද අවස්ථාව උදාවන බව පෙනේ. උත්පත්තියේ දී සිකුරු තුලා රාශිගතව සිටි සැමට ඉදිරි කාලය යහපත් වනු ඇත. මේෂ, කටක, තුලා, මකර යන ලග්න හිමි අයට ද අතිරේක ධන මාර්ග විවර කරගැනීමට අවස්ථා උදාවනු ඇත. කෙසේ වෙතත් රාජ්ය කරවන අය ද රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් ද මනස නිරවුල්ව තබාගත යුතු කාලයයි. එමෙන්ම ඔක්තෝබර් මස 24 වැනි සඳුදා දින රාත්රී තමාගේ වයස ප්රමාණයට පහන් දල්වා බෝධි පූජා පැවැත්වීමට හැකිනම් බොහෝ දෝෂ මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෝර පිරිත, සූරිය පිරිත සජ්ඣායනා කරන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk