Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නීච රවි, රාහුට බිලිවෙන සූර්යග්රහණයක්!

1 year ago 7 Min read
Subha.lk
රාජ්ය යාන්ත්රණය තුළ කපටි ප්රතිපත්ති, දියයට බල අරගල, නූල් සූත්තර වැඩ ඉදිරියේ දැකිය හැක. රාජ්ය සේවකයන්, රට කරවන පාලකයන්, රටේ ඉහළ නිලධාරීන් ප්රවේශම් විය යුතු කාලයක් සිහිකරමින් අර්ධ සූර්යග්රහණයක් ලබන 25 වැනි කුජ දා සවස 4.30 මධ්ය කොට සිදුවේ. රාජ්ය කාරක රවි තුලා රාශිගතව සිටින අවස්ථාවේ මෙම තත්ත්වය සිදුවේ. රවි තුලා රාශියේදී නීච වෙයි. නීචව සිටින රාජ්ය කාරක ග්රහයා වැසීයෑමෙන් තවදුරටත් දුර්වල බවට පත්වෙයි. මෙය සාපේක්ෂව එතරම් ශුභවාදී තත්ත්වයක් නොවේ. පුරාතනයේ සිට ම රවි රාහු ඇල්ලීම ලෙස හැඳින්වෙන මෙම ක්රියාව තුළ අශුභතා පිළිබිඹු කර ඇත. මෙම දෝෂ සමනය වීමට වද කහ බීම ශුභ යැයි කීමත් සමග පුරාතනයේ ඇතිවූ ඇබැද්දියක් “බිව්ව නේද වද කහ සුදිය” ලෙස ගීතයක් ලෙසට ද එළිදැක්වී ඇත. එනම් ගුණ අපේක්ෂාවෙන් කරන වත්පිළිවෙත් පවා වැරදී යෑමේ ඉඩ පවතින බව මෙයින් පෙනී යයි. සූර්යය ග්රහණයේ විද්යාත්මක පසුබිම මෙහිදී විග්රහ කිරීමට බලාපොරොත්තු නොවන අතර ජ්යොතිෂානුකූලව පෙන්නුම් කෙරෙන අශුභතාව පිළිබඳව විමසා බලනු කැමැත්තෙමි. සෑම විට ම සූර්යය ග්රහණයක් සිදුවන්නේ රාහු හෝ කේතු සිටින රාශියක් තුළදීය. මේ වනවිට රාහු මේෂ රාශියෙත්, කේතු තුලා රාශියෙත් සිටී. අවසාන අර්ධ සූර්ය ග්රහණය සිදුවූයේ මැයි 01 වැනිදා මේෂ රාශිය තුළ රවි ගමන් කරන විටයි. මේ වනවිට රවි තුලා රාශිය තුළ ගමන් කරමින් සිටී. කෙසේ වෙතත් මෙහිදී තත්ත්ව දෙකකි. මේෂ රාශිය තුළ රවි උච්ච වන අතර උච්ච රවි වැසීයෑමක් ලෙස එය හැඳින්විය හැක. එනම් බලවත්වූ රාජ්ය නායකත්වයකට එමගින් හානි සිදුවේවි. තුලාව රවි නීචවන රාශියි. එහිදී දුබල වූ නායකයා වැසී යන බවක් පෙන්වයි. මෙය පරස්පර විරෝධි තත්ත්වයකි. දුබල වූ තැන ගැටලුවක් හමුවේ කපටිකමින් උපක්රම අනුගමනය කරන බව පෙනී යයි. එනම් රාජ්ය යාන්ත්රණය තුළ කපටි ප්රතිපත්ති, දියයට බල අරගල, නූල් සූත්තර වැඩ ඉදිරියේ දැකිය හැක. මේ නිසා රාජ්ය සේවකයා බුද්ධිමත් විය යුතුයි. නැතහොත් අනවශ්ය ප්රශ්නවලට රාජ්ය සේවකයන් පැටලීමේ ඉඩක් ඇත. රාජ්ය සේවකයා අත්සන් තැබීමේදී පවා බොහෝ ප්රවේශම් විය යුතුයි. කෙසේ වෙතත් බොහෝ පුද්ගලයන්ට අස්ථිගත රෝග පවා උදාවීමේ ඉඩකඩ පවතී. කෙසේ වෙතත් ඒ උදෙසා ප්රවේශම් වීම වටී. ලබන 24 වැනිදා රාත්රී අමාවක රාත්රියක් වන බැවින් එදින සෑම පුද්ගලයෙක්ම තමාගේ වයස ප්රමාණයට ළඟම පුණ්ය භූමියක පහන් දල්වා බෝධි පූජා පැවැත්වීම ඉතා අගනේය. මෙහිදී මධ්යම රාත්රියට ආසන්න වේලාවන්හි පහන් දැල්වීම වඩාත් උචිතයි. කෙසේ වෙතත් පවතින කාලගුණික තත්ත්වය ද සමග සවස 6 න් පසුව දැල්වීම වුව ප්රමාණවත්. එසේම පසුදා එනම් 25 වැනි කුජ දා උදෑසන කාලයේ රතු කව්පි පාර්සල් 07 ක් ඔබට හැකි පරිදි දුගී, මගී, යාචකයන්ට බෙදාදීම කළ යුතුය. එමෙන්ම 25 වැනිදා උදේ 4.30 ත් 6.00 ත් අතර මිනිත්තු කිහිපයක් හෝ මෛත්රී භාවනා කිරීම ද ඉතා ශුභයි. එළැඹෙන චන්ද්රග්රහණය දෝස දුරුකරගන්නා හැටි ඊළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk