Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලග්න පලාඵල (දෙසැම්බර් 06 සිට දෙසැම්බර් 12 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

 

මේෂ

මිල මුදල් අතින් යහපත්වේ

සුබපල සහිත මාසයකි. ලග්නාධිපති කුජ 7 වැන්නේ හා ගුරුගේ නැකැතක ගමන් කරමින් පවතී. ඔබට මෙම මාසයේදී බොහෝ සුබපල ලබා ගැනීමට හැකිවන අතර මුදල් යොදවා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඉදිකිරීම් ආදිය ඉතා සාර්ථකව අවසන් කර ගැනීමටද හැකිවේ. මුදල් අතින් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබාගත හැකිවේ. මෙම කාලයේ ගුරු හා කුජ යන ග්‍රහයන් තැන්පත් වී ඇති නැකැත් අධිපතියන් අතර පරිවර්තනය යෝගයක්ද පවතී. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර හොඳින් දියුණු කරගත හැකිවේ. ව්‍යාපාරවලින් පසුගිය කාලයට වඩා මෙම මාසයේදී ලාභ ලැබේ. සැනසිලිදායක ප්‍රීතිමත් මාසයකි. නැති වූ වස්තුව හෝ නැති වී ගිය රැකීරක්ෂා තනතුරු නැවත ලැබේ. සෑම දෙයින්ම ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. අඩුව තිබුණු අරමුදල් බැංකු මුදල් මෙම කාලයේ සම්පූර්ණ කරගත හැකිවේ. තමාගේ නම හොද වේ. මෙම කාලයේදී ඔබට හොඳ සැලකිය යුතු ධනවතෙක් වීමට වාසනාව ඇත. දූ දරුවන්ටත් වැඩිහිටි මවුපියන්ටද යහපත් කාලයකි. සෙනසුරු 10 වැන්නේ සඳුගේ නැකැතක ගෝචරව ගමන් කරමින් පැවැතීම නිසා සිතට දැනෙන සහනය අඩු වී යා හැකිය. තුනටිය, කොන්ද ආශ්‍රිත වේදනා, මතු වීමට ද හැකිය. ඔබ සුවණ හෝ දෙනට යන නැකැත්වලින් ඉපදී ඇත්නම් සුළු කරදර වැඩි වීමට පුළුවන. රැකියාව සම්බන්ධ සිත් රිදවීම් නිතර මතු වීමටද හැකිය. රැකියාවේ කරදර පැටලැවිලි තිබේ නම් නිල් මල් මාලයක් බෝධියකට පූජා කර බෝධි පූජා තබන්න. සිතට සැනසීමක් ලැබෙනු ඇත.

සුබ දිනය - අඟහරුවාදා සුඛ වර්ණය - රතු ජය අංකය - 09

 

වෘෂභ

සමාජ ආකර්ෂණය ඇතිවෙයි.

ලග්නාධිපති සිකුරු 8 වැන්නේ රවිගේ නැකැතකද, ගුරු 10 වැන්නේ කුජගේ නැකැතකද, ශනි ග්‍රහයා 09 වැන්නේ සඳුගේ නැකැතකද ගමන් කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට මිශ්‍රපල ලබාදෙන මාසයකි. ගෙදරදොර කටයුතු පිළිබඳ ප්‍රීතියට කරුණු සැලසේ. විශේෂයෙන්ම ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදරදොර බඩු මුට්ටු පිළිබඳ ලාභයක් හෝ ලැබේ. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් උදවු උපකාර, ලාභ ප්‍රයෝජන වැඩිවේ. ශරීර සනීපය යහපත් වන අතර පැවැති අසනීපවලින් මිදීමට ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධියත් සමාජයට ප්‍රියවීමත් මේ කාලයේ ඇති වන විශේෂ ලක්ෂණයකි. පස් වැන්නාධිපති බුධ බුධගේම නැකැතක 7 වැනි රාශියේ ගමන් කිරීම ඔබට වාසනාවන්ත ආදර බැඳීම් මෙන්ම මංගල යෝග ඇති වීමටද හේතු වේ. කම් සැප ලාභ ලැබේ. ස්ත්‍රීන් සමඟ ආශ්‍රය ඇති වේ. විවාහ සහකාරයාට අයිති දේපළ තමාට ලැබෙන්නට හැකිය. දේපළ සම්බන්ධයෙන් කරදර තිබේ නම් ඒවායින් සැනසීම හා ජය ලැබේ. රාත්‍රි කාලය ස්ත්‍රීන් ළඟ ගත කිරීමට සිදුවේ. දරු ශිෂ්‍යයන් සමඟ ප්‍රීතිවීමට අවස්ථාව ලැබේ. පවුලේ සමගිය, රැකී රක්ෂා වලින් උසස්වීම් ලැබීමට හැකි අතර රැකියාව පිළිබඳ පැවැති කරදර කිහිපයක්ම ඉවත්වී යනු ඇත. ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යෑමට හැකි අතර රාජ්‍ය අංශයෙන් උපකාර ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර තමා කැමැති විෂයක් හැදෑරීමට අවස්ථාවන් ලැබේ. ඔබ සුවණ හෝ දෙනට යන නැකැතින් ඉපදී ඇති නම් තරමක් ප්‍රවේශම් විය යුතුය. ඔබට අනවශ්‍ය කරදර කීපයකට මුහුණ දීමට සිදු වේ. සිත් රිදවීම් නිතර ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරගත යුතු වේ. රාහුගේ හෝ කේතුගේ දශා ගත කරන අයටද මෙම මාසය සුඛපැල අඩු කිරීමට හේතු වේ.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය - 08

 

මිථුන

රැක්රක්ෂා හා තනතුරු උසස් වීම්

ලග්නාධිපති බුධ බුධගේම නැකැතක් වන දෙට නැකැතේ සහ 6 වැනි රාශියේ රව් සමඟ ගමන් කරමින් පැවැතීම ඔබට මිශ්‍රපල ලබාදීමට හේතුවේ. මාසයේ මුල් කාලයේ සිතට දුකක් හෝ අසතුටක් ඇති වීමට කරුණක් යෙදීමට හැකි නමුත් ධන ලාභ ලැබීමත් සමඟ වැඩිදියුණුවට පැමිණීම සිදුවන මාසයකි. රැකීරක්ෂා, වෙළහෙළෙඳ කටයුතු වලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු කිහිපයක්ම ඉෂ්ටවනු ඇත. අලුත් දේ ඉගෙනීමටත්, උනන්දුවෙන් කරන කටයුතු හා තද ලෙස මොළය වෙහෙසවා කරන කටයුතුද සාර්ථකව වේ. රජයේ සේවකයන්ට, ලියන මහතුන්ට, ටයිප් රයිටින් වැඩ කරන අයට, ඇඟිලිවලින් වැඩ කරන අයට විශේෂ දියුණුවක් ඇතිවේ. ආභරණවලින් සැරසීමට ඉඩ ලැබෙන කාලයකි. රවි ග්‍රහයා බුධගේ නැකැතක සහ හයවැන්නේ ගමන් කරමින් පැවැතීම ඔබගේ ශරීර සනීපය යහපත් වීමට හේතු වේ. අසනීපයෙන් සිටින අයට නිරෝගීකමද ලැබේ. සතුරු කරදර නැතිවේ. දුක් කරදරවලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබේ. වාසනාවන්ත ප්‍රීති උත්සව ඇති වීමට ඉඩ තිබේ. රැකීරක්ෂා හා තනතුරුවලින් උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම අදහස් ඉෂ්ටවේ. නමුත් රැකීරක්ෂාවල කරදරද මතු වනු ඇත. මෙම මාසය පුරාවටම සෙනසුරු ග්‍රහයා අටවැන්නේද රාහු 12 වැන්නේද ගමන් කිරීම හේතුවෙන් තමාට විටින් විට කරදර, පාඩු නින්දා ඇති වීමටද ඉඩ තිබේ. අධික ලෙස අනවශ්‍ය වියදම් ඇතිවේ. පදිංචි ස්ථානය වෙනස් විය හැකිය. බොරු චෝදනාවලට හසු විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරගත යුතුවේ. විශේෂයෙන්ම සතුන් මැරීම හෝ සොරකම් කිරීම හෝ බොරු කීම මෙම කාලයේ වැඩිපුර සිදුවිය හැකිය. ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට අසනීප මතුවේ. ප්‍රේත බැල්ම, තනිකම් දෝෂ ඇති විය හැකි කාලයකි. නමුත් මෙම අශුභපල ඇති වීමට නම් ඔබට අසුබ ග්‍රහයකුගේ දශාවක්ද පැවැතිය යුතුවේ. මෙම වසර අවසන් වන තුරුම පින්දහම් කටයුතුවල නිරත වීම බොහොමයක් අශුභපල අඩුවීමට හේතුවේ.

සුබ දිනය - බදාදා සුඛ වර්ණය - කොළ ජය අංකය - 08

 

කටක

බලාපොරොත්තු නොවූ හදිසි ධනලාභ

ලග්නාධිපති සඳු 4 වැන්නේ කුජ සමඟ කුජගේම නැකැතක ගමන් කරමින් ආරම්භ වන මෙම මාසයේ මුල් දින කිහිපය ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. කරදර, සිත් තැවුල් හා අසනීප ගතියක්ද මතු වීමට හැකිය. විශේෂයෙන්ම උදරාබාධ සෑදෙයි. කේන්ති යන දවස් වේ. ගෙදර දොර සැප පහසුව අඩුවේ. ආදර බැඳීම් නිසා සිත් තැවුල් මතුවේ. විවාහය නිසා හෝ වෙනත් සම්බන්ධතා නිසා ඇති වන බලාපොරොත්තු සුන්වේ. මෙම දිනවල කිසිදු වරදක් නොකර සිටිය යුතුය. වැරදි කරන අයට මෙම කාලයේ දඬුවම් ලැබෙනු ඇත. විනෝද ක්‍රීඩා කිරීමට ඉඩ පහසුකම් ලැබෙන නමුත් එහි නියම ප්‍රීතිය විඳීමට නොලැබේ. රව් හා බුධ කේතු සමඟ 5 වැන්නේ ගමන් කිර්ම අධ්‍යාපන කටයුතුවලට තරමක් යහපත් වුවද 11 වැන්නේ ගමන් කරන රාහුගේ දෘෂ්ටියක්ද 5 වැන්න මතට වැටීමත් නිසා දරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. මාසයේ මැද භාගයෙන් පසු සුබපල ලැඛෙන අතර සිත් පීඩා, අසනීප ආදියෙන් නිදහස් වේ. සතුරු කරදර නැති වී සිතේ සමාදාන සතුට ඇති වේ. ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. රජයේ හෝ තමා කටයුතු කරන තැන ස්වාමියාගෙන් සැලකිලි ගෞරව ලැබේ. මෙම මාසය පුරාවටම රාහු 11 වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා සුබවන අතර කලින් පැවැති තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසේ. යහපත්වූද, මිහිරි වූද, උසස්වූද, ආහාරපාන වර්ග ලැබෙනු ඇත. මුදල් අතින් යහපත් වන අතර බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල් ලැබෙන්නටද හැකිය. ස්ත්‍රීන් සමඟ හිතවත්කම් බැඳාගෙන ආශ්‍රය කිරීමට ලැබේ. ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟද එසේ හිතවත්කම් බැදගෙන ආශ්‍රය කිරීමට ලැබේ, ශනී ග්‍රහයා 7 වැන්නේ සඳුගේ නැකතක හෝචරව ගමන් කිරීම විවාහය ප්‍රේම සම්බන්ධතා හා ව්‍යාපාර සම්බන්ධයෙන් අනවශ්‍ය කරදර පැටවිලි ඇති කිරීමටද හේතු සාදන බැවින් සෑම කටයුත්තකදීම කල්පනාවෙන් කටයුතු කළ යුතුය.

සුබ දිනය - අගහරුවාදා සුඛ වර්ණය - සුදු ජය අංකය - 09

 

 

සිංහ

ආදර සම්බන්ධතා ඇති වෙයි.

ලග්නාධිපති රවි ග්‍රහයා 4 වැන්නේ බුධ ග්‍රහයා සමඟ බුධගේම නැකැතක ගමන් කරමින් පැවැතීම ඔබට සුබපල ලබාදීමට හේතුවේ. එසේම ගුරු ග්‍රහයා 7 වැන්නේ ගෝචරව ගමන් කිරීමද ඔබට යහපත උදා කරයි. තමාගේ කතාවේ බලයෙන් ජය ගැනීමටද තම අදහස් ඉෂ්ට කර ගැනීමටද හැකිවේ. ප්‍රීතිමත් සමාගම් පැවැත්වීමට හා උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. විවාහයට හොඳම කාලයයි. බලපුළුවන්කාරකම් පවත්වන්නට ඉඩ ලැබේ. සියලුම කටයුතු තම වාසියට සිදුවන අතර තරුණ පක්ෂයේ අයට ආදර සබඳතා ඇතිවෙයි. තරග, වාදවිවාද, නඩු හබ ආදියෙන් කරදර විඳින අයට ජයද නිදහසද ලැබෙනවා ඇත. සතුරු උවදුරුවලදී තම වාහ සහකාරයාගෙන් උදවු උපකාර ලැබේ. ගුරු ග්‍රහයා 7 වැන්නේ කුජගේ නැකැතක ගෝචරව ගමන් කිරීම ඉතා යහපත් වන අතර අනුන් සමඟ එකට එකතු වී යම් යම් ව්‍යාපාර පටන් ගැනීමට ඉතා සුබ කාලයකි. ගෞරවය කෙලෙසන වැඩවලට සිත දුවන බැවින් එවැනි කියාවලින් වැළකී වාසය කළ යුතුයි. අලුත් මිත්‍රයන් ලැබීමටත් අලුත් ආභරණ, ඇඳුම් පැලඳුම් ලැබීමට හෝ අලුතින් මිලදී ගැනීමට හැකිවේ. අමුතු අලුත් බලාපොරොත්තු ඇති කරගැනීමට හොඳම කාලයයි. සහෝදරයන්ගෙන් හා අසල්වැසියන්ගෙන් උදවු උපකාර නිතර ලැබෙන මාසයකි. අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වන අතර මෙම කාලය ජීවිතයේ ඉතාමත් වාසනාවන්ත කාලයකි. උපතේදී සදු ග්‍රහයා 6, 7 හෝ 12 වැන්නේ තැම්පත් වී සිටී නම් එම අයට සුබපල ලැබීමට බාධක මතු වේ. සීතේ නිදහස අඩුවන අතර අසනීප ගනිද මතු වීමට හැකිය. විශේෂයෙන්ම උදරය සම්බන්ධ හෝ රහස් ප්‍රදේශවල අසනීප මතු කරයි. රාහුගේ දශාවක් ගත කරන අයට රැකියාව සම්බන්ධයෙන් නිතරම ගැටලු හා ස්ථාන වෙනස් වීම් ඇති වීමට මෙම කාලයේ හැකිය.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණය - රතු ජය අංකය - 09

 

කන්‍යා

වෙළහෙළඳාම් ව්‍යාපාර සාර්ථකයි

ලග්නාධිපති බුධ බුධගේම නැකැතක් වන දෙට නැකැතේ රව් සමඟ යෝගව වික්‍රමස්ථානය වන 3 වැන්නේ ගමන් කරමින් පැවැතීම ඔබට සුඛ අශුභ මිශ්‍රපල ලබාදීමට හේතුවේ. උසස් අයගෙන් උපකාරද, සැලකිලීද, ලාභ ප්‍රයෝජනද ලැබෙන මාසයකි. තම තත්ත්වයද තිබුණාට වඩා උසස් වේ. වෙළහෙළෙඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබෙන අතර තමා කරගෙන යන සියලු කටයුතු දියුණුවට පත්වේ. අනුන්ගෙන් භාරගෙන කරන කටයුතු සඵලවේ. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් ගරු සැලකිලි ලැබේ. පුණ්‍යවන්තයන්ගේ ආශ්‍රය වැඩිවීම නිසා පින්දහම් කටයුතු කිරීමට අවස්ථාවන්ද නිතර ලැබෙනු ඇත. ශනි ග්‍රහයා 5 වැන්නේ සදුගේ නැකැතක ගමන් කරමින් පැවැතීම රැකීරක්ෂා කටයුතු පිළිබඳ කරදර සිත් පීඩා ඇති කිරීමට හේතුවේ. එමෙන්ම දරුවන් සම්බන්ධව වෙහෙසීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකි වේ යැයි සිත සිතා පසුතැවීමටද සිදු විය හැකිය. ඔබ සුණ හෝ දෙනට නැකැතින් ඉපදී ඇති නම් කරදර බාධක සමඟ මෙම මාසය ගෙවීමට සිදුවේ. ආදරය, ප්‍රේමය සම්බන්ධ සිත් නරක් වීම් ඇති වීමටද හැකි අතර කල්පනාවෙන් කටයුතු කරන්න. 7 වැන්නාධිපති හා 4 වැන්නාධිපති ගුරු ග්‍රහයා 6 වැන්නේ ගෝචරට ගමන් කිරීම, දේපළ ඉඩකඩම් සම්බන්ධයෙන් හා විවාහය පවුල් ජීවිතය සම්බන්ධයෙන්ද කරදර මතු කිරීමට හැකි බැවින් හැකි සෑම අවස්ථාවකම අසරණයකුට පිහිට වන්න, මාසයේ මැද භාගයේදී 2 වැන්නාධිපති හා නව වැන්නාධිපති සිකුරු ග්‍රහයා ඔබගේ 5 වැනි මකර රාශි ගත වීම ඔබට දැනට පවතින බොහෝ ප්‍රබපල අඩු කිරීමට හේතු වේ. දරුවන් වෙනුවෙන් ගමන් බිමන් මට මෙන්ම ඔවුන් වෙනුවෙන් ආගමික වතාවත් කිරීමට සිදුවේ, දරුවන්ට වාසනාවන්ත කාලයක් උදාවේ. ඉගෙනීම මෙන්ම ඉගැන්වීම් කටයුතු වැඩිදියුණු වෙයි. විභාගවලින් සමර්ථවේ

සුබ දිනය - බදාදා සුබ වර්ණය - කොළ ජය අංකය – 02

 

තුලා

විනෝද ගමන් යෙදෙයි

ලග්නාධිපති සිකුරු, සිකුරුගේම නැකැතක් වන පුවසල නැකැතේ හා වික්‍රමස්ථානය වන 3 වැන්නේ ගමන් කරමින් පවතී. පවුලේ අය සමඟ නිතර සුළු ගමන් යෑමට සිදුවේ. ලියකියවිලි වැඩ ඉතා සාර්ථක වන අතර තමාගේ හැකියාවන් හා දක්ෂතාව ලෝකයට පෙන්වීමට අවස්ථාවන් උදාවේ. මෙම මාසයේ මුල් කාලය සහෝදරයන්ට සුබවේ. එසේම සහෝදර සහෝදරියන් තමා ළඟට පැමිණේ. නැතහොත් තමාට ඔවුන් සොයා යෑමට සිදුවේ. මිත්‍රයන්ගේ ආශ්‍රද උපකාරද නොඅඩුව ලැබෙනු ඇත. මෙම මස 8 වැනි දින සිකුරු ග්‍රහයා 4 වැන්න වන මකර රාශි ගත වෙයි. එයද ඔබට සුබපල ලැබීමට හේතුවේ. ස්ත්‍රීන් නිසා සතුට වාසනාව මතුවේ. මවගෙන් විශේෂයෙන්ම තමාගේ දියුණුවට ඇප උපකාර ලැබෙන අතර ප්‍රීතිමත් විනෝදදායක ගමන් යෑමට ලැබෙයි. දේපළවලින් ලාභ ලැඛෙන කාලයකි. ගොවිතැන්වලින් ලාභ ලැබේ. දරු ශිෂ්‍ය ලාභ සහ ඔවුන්ගේ දියුණුවද ඇති වේ. මෙම මාසය පුරාවටම ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ 5 වැන්න වන කුම්භ රාශියේ ගමන් කරන අතර එය ඔබට ඔබේ වාසනාව මතුකර දෙනු ඇත. නැවතී තිබුණු කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවේ. නොයෙක් කටයුතුවලින් ලාභ ලැබේ. දරුවන් බලාපොරොත්තු වන අයට වාසනාවන්ත ගුණවත් දරුවන් ලැබේ. රැකීරක්ෂාවල උසස් නිලතල වලට පත්වේ. මෙම කාලයේ බලවත් වූ සුබ ග්‍රහයකුගේ දශාවක්ද ගත කරයි නම් ඔබට බොහෝ සුබපල ලබාදෙනු ඇත. අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වන අතර විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අයටද මෙම කාලයේ එම අවස්ථාවන් උදාවේ. උපතේදී ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා 4,5 හෝ 8 වැන්නේ තැම්පත් වී ඇති නම් හා අශුභ ග්‍රහයකුගේ තුන්වැනි දශාවක්ද මෙම කාලයේ ගත කරයි නම් සුපල අඩු වී නිතරම කරදර හිංසා ඇති විය හැකිය. එම අයට මුදල් ගැටලු, අසනීප මතුවන කාලයක් බැවින් සුබපල අඩුවී යනු ඇත. රැකීරක්ෂා කටයුතු වල කරදර මතු වේ.

සුබ දිනය - සිකුරාදා සුඛ වර්ණය - විසිතුරු ජය අංකය 06

 

වෘශ්චික

ගරු සැලකිලි හා ධන ලාභ

ලග්නාධිපති කුජ ගුරුගේ නැකැතක 12 වැනි භාවයේ ගමන් කරමින් පවතින අතර මෙම මස 5 වැනි දින පසුවන තුරු ප්‍රවේසම් විය යුතුය. 5 වැනි දින උදේ 5.58ට කුජ තමාගේම රාශිය වන ලග්නයට පිවිසෙයි. පසුගිය කාලයේ පැවති . බාධක සහ සිත් පීඩා කිහිපයක්ම අවසන් වේ. සිතේ ධෛර්යය, නිර්භීතකමද, උත්සාහවන්තව කටයුතු කිරීමටද හැකිවේ. උසස් හිතමිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබෙන මාසයකි. මෙම මාසයේ මුල් සතිය ප්‍රවේශව කටයුතු කළයුතු අතර අනවශ්‍ය වියදම් වැඩි වීමද කෝලාහල හෝ බහින්බස් වීමක් හෝ ඇති වන ලෙස තදේට කේන්ති හෝ යාහැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. සිකුරු ග්‍රහයා දෙවැන්නේ ගමන් කරමින් පවතින අතර ඔබට මිල මුදල් ලාභ හෝ එවැනි වෙනත් ලාභයක් ලැබෙනු ඇත. නිතර සිනාහමුසු මුහුණ ඇතිවේ. මුහුණේ අලංකාරය, ප්‍රීතිමත් ගතිය නිතර පවතී. මෙම මස 8 වැනි දින සිදුවන සිකුරු මාරුවද ඔබට වඩා සුබපල ලබාදීමට හේතුවේ. සතුරු කරදර නැතිවේ. ගරු සැලකිලි, වස්ත්‍රාභරණ ලැබෙනු ඇත. ලියකියවිලි වැඩ මගින් ප්‍රීතිය ඇති වේ. ශනි ග්‍රහයා මෙම මස පුරාවටම ඔබේ. කේන්දරයේ 3 වැන්න වන මකර රාශියේම ගමින් කරන අතර එයද ඔබට සුබපල ලබාදීමට හේතුවේ. ශරීර සනීපය ඇතිවේ. අසනීප පවතින්නේ නම් මෙම කාලයේ සුව අතට හැරෙනු ඇත. උත්සවවලට හෝ සමාගම්වලට ආරාධනා ලැබේ. ලොකු ලාභයක් පවා ලැබිය හැකිය. මෙම කාලයේ ලැබෙන ස්ථාන මාරු වීම ඔබේ වාසියට හේතුවේ. රැකීරක්ෂා කටයුතුවලින් උසස් වේ. සමාජයෙහි තම තත්ත්වය ඉහළ යයි. දියුණුව සඳහා කරගෙන යන කටයුතු තව තවත් විශාල වේ. මැණික් වැනි පොළොවෙන් ලැඛෙන වස්තුව ලැඛෙන කාලයක් බැවින් එවැනි වැඩට බැසීමට යහපත් කාලයකි. උපතේදී අව සදු 3, 4 හෝ 7 වැන්නේ තැම්පත් නම් හා මෙම කාලයේ දුර්වල ග්‍රහයකුගේ තුන්වන දශාවක් ගෙවමින් පවතීනම් සුබපල අඩුවී කරදර සිත්පිඩා මතු කිරීමට හැකිය.

සුඛ දිනය - අගහරුවාදා සුඛ වර්ණය - රතු ජය අංකය. 09

 

ධනු

ආදර සම්බන්ධතා සපල වෙයි

ලග්නාධිපති ගුරු ග්‍රහයා. කුජගේ නැකැතක හා තුන්වැන්න වන කුම්භ රාශියේ මෙම මාස පුරාම ගමන් කරමින් පවතී. දියුණුවට කටයුතු සැලසේ, තම තත්ත්වය උසස් වන අතර භාරගෙන හෝ අලුතින් පටන්ගෙන කරන කියන කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකිවේ. පවුලේ අය සමඟ නිතර සුළු ගමන් ඇතිවේ. සුළුවට කරගෙන යන කටයුතු දියුණු කර ගැනීමටත් හැකි මාසයකි. මෙම මාසයේ 8 වැනිදා දක්වා ඔබේ කේන්දරයේ 6 සහ 11 අධිපති වන සිකුරු ලග්නයේම ගමන් කිරීම ඔබට සුබපල ලබා දීමට හේතුවේ. සිතට මෙන්ම කයටද සැපවත් වේ. ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන්ම ලැබේ. මොනයම් දෙයකින් හෝ මහත් සතුටක් ඇති වීමට කරුණක් යෙදෙයි. ලෙඩකින් පෙළෙමින් ඉන්න කෙනෙක් නම් මේ කාලයේදී නිරෝගී වේ. කැඩී බිඳී ගිය ආදර සබඳතා නැවත ඇති කර ගැනීමට හොඳ කාලයකි. මෙම මස 8 වැනිදා සිදුවන සිකුරු මාරුවත් 18 වන දින සිදුවන රවී මාරුවත් ඔබට සුබපල ලබා දෙන අතර මිල මුදල් ලාභද ලැබේ. වාසනාවන්ත ප්‍රීතිදායක කාලයකි. ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟත් පුරුෂයන්ට ස්ත්‍රීන් සමගත් ප්‍රීතිමත් සමාගම් පවත්වන්නට ලැබේ. වෙළහෙළෙඳ ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබේ. ශරීරාලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට සිදුවේ. නිතර සිනාමුසු මුහුණ ඇතිවේ. උසස් අයගෙන් යහපතක් මිස අයහපතක් මෙම කාලයේ සිදු නොවේ. විවාහය සම්බන්ධ කටයුතු සාර්ථක වන මාසයකි. අධ්‍යාපන කටයුතුද හොඳින් කරගෙන යෑමට හැකිවේ. මෙම කාලයේ ඔබව රව් මඟ දශාවක් ගෙවමින් පවතීනම් ඔබ මෙම මස 16 වැනිදා තෙක් ප්‍රවේශම් විය යුතුය. සුවණ හෝ දෙනට යන නැකැත්වලින් ඉපදී ඇතිනම් ඉහත සඳහන් කළ සුබපල ලැබීමට බාධක මතුවේ. නිතර සිත් පීඩා අනතුරු මතුවේ. ඇස, කන, නාසය පිළිබඳ අසනීප මතු වීමට හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණය - තඹවන් ජය අංකය - 01

 

මකර

අලුත් දෑ මිලදී ගනී

ලග්නාධිපති හා දෙවැන්නාධිපති වන ශනි ග්‍රහයා ලග්න භාවයේම ගමන් කරමින් පැවතීම ඔබට වඩා සුඛපල ළඟාකර දීමට හේතු වේ. මිල මුදල් අතීන් වාසනාවන්ත වේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ ලැබෙන කාලයකි. වටිනා බඩු බාහිරාදිය ලැබෙනු ඇත. නැතිනම් එවැනි අලුත් දේ මිලදී ගැනීමට හැකි කාලයකි. කෙසේ හෝ මෙම කාලයේ මුදල් ලාභ නම් ලැබෙනු ඇත. අනුන්ගෙන් මුදල් ලාභයක් ගැන හෝ එන්න තිබෙන මුදලක් ගැන හෝ බලාපොරොත්තුවක් තිබේ නම් - එය ලැබෙන්නේ මෙම කාලයේදීය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලැබෙන අතර මුදල් හම්බකර ගැනීම සඳහා නොයෙක් නොයෙක් දෙයට සිත දුවයි. වර්යවන්තව වැඩ කරන කාලයකි. මෙම කාලයේ ධනවත් අය තමා හමුවීමට නිතර පැමිණෙන මාසයකි. පිට පළාත්වලින්ද පිට අයගෙන්ද පුජකවරුන්ගෙන්ද උගත්කමින්ද භාර්යාවගේ පැත්තේ නෑයන්ගෙන්ද ආධාර සහ හදිසි උදවු උපකාර ලැබෙන කාලයක් බැවින් ඔබට මෙම කාලයේදී වඩා උසස් තත්ත්වයකට පැමිණීමට හැකිවේ. ප්‍රයෝජනවත් ගමන් යෑමට ලැබේ. ඔබ සමඟ සිටින මිත්‍රයන්ගේ වාසනාවන්ත කාලයකි. ඔහුන්ට හදිසි මුදල් ලාභ හෝ වෙනත් ලාභ ලැබෙනු ඇත. රවි හා බුධ 11 වැන්නෙත් ගුරු 2 වැන්ගෙත් ශනි ලග්නයේත් ගමන් කිරීම ඉතා යහපත් වේ. මෙම මාසයේ 8 වැනි දින සිදුවන සිකුරු මාරුවත් සමග ඔබට සුබපැව ලැබීම ආරම්භ වනු ඇත. රාහු 5 වැන්නේ මෙම මාසය පුරාවටම ගමින් කරමින් පවතින බැවින් දරුවන් සම්බන්ධව හා ප්‍රේම සම්බන්ධතා පිළිබද යම් පැටලැවේල්ලක් මතු වීමට ඉඩ ඇති බැව්න් ඒ සම්බන්ධයෙන් කල්පනාවෙන් කටයුතු කළයුයුතු වේ. ඔබ සුවණ, දෙනට යන නැකැත්වලින් ඉපදී ඇති නම් මෙම කාලය ඉතාමත් ප්‍රවේශම් විය යුතුය.

සුබ දිනය - සිකුරාදා සුබ වර්ණය - නිල් ජය අංකය - 09

 

කුම්භ

ගරු සැලකිලි ලැබෙයි

මිශ්‍රපල සහිත මාසයකි. ලග්නාධිපති ශනි 12 වැන්නේද රවි, බුධ 10 වැන්නේද සිකුරු 11 වැන්නේද ගෝචරව ගමන් කරමින් පවතී. ඒරාෂ්ටක අපල කාලයක් පැවතුණද ඔබට ඔබගේ ඉලක්කයන් ඉතා වේගවත්ව සපුරා ගැනීමට හැකිවේ. තම කටයුතුවලට ආධාර කරන යහපත් හවුල්කාර සමාගම් ලැබෙන්නට පුළුවන. නමුත් මෙම කාලයේ මුදල් යොදවා අලුතින් ව්‍යාපාර ආරම්භ නොකළ යුතුය. අනවශ්‍ය වියදම් වැඩිවන කාලයක් බැවින් නිසියාකාරව මුදල් කළමනාකරණය කර ගත යුතු වේ. විවාහ වුවෙක් නම් භාර්යාවට හෝ ස්වාමියාට රැකීරක්ෂා තනතුරුද නම්බුවද ලැඛෙනවා ඇත. විවාහය නිසා ප්‍රසිද්ධ වෙයි. තරග, වාද විවාදවලින් ජය අත්වේ. පවුලේ වැඩිමහලු අයගෙන්ද උපකාර ලැබේ. උසස් අය සමඟ සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. ප්‍රසිද්ධ වේ. අවුල් වියවුල්වලින් ජය ලැබෙන ගරු සැලකිලි ලැබෙන කාලයකි. 2 වැන්නාධිපති හා 11 වැන්නාධිපති ගුරු ලග්නයේ ගමන් කිරීම ඔබට යහපත් වන අතර හිතවත් මිත්‍රයන්ගේ ආශ්‍රයද මිත්‍රයන්ගෙන් උපකාරද බලාපොරොත්තු අදහස් ඉෂ්ටවීමද මිල මුදල් අතින් යහපත් වීමද රැකීරක්ෂාවලින් ආධාර ලැබීමද සිදුවේ. සතුරන්ගෙන් ජය ලැබීමට හා අනුන්ගේ උපකාර නිසා කරදරවලින් නිදහස්වීමටද හැකිවේ. රාහු 4 වැන්නේ මෙම මාසය පුරාවටම ගමන් කරන බැවින් සිතේ සැනසීම තරමක් අඩුවනු ඇත. භාර්යාවගෙන් හෝ ස්වාමිපුරුෂයාගෙන් ඈත්වීමට හෝ එම අයට කරදර අසනීප මතු කිරීමට වුවද හැකිය. පදිංචිය පිළිබඳ කරදර හෝ ස්ථාන වෙනස් වීමක්ද සිදු විය හැකිය. මෙම කාලයේ නොතේරුම්කමින් හා මෝඩකමින් පාඩු හා රැවටීමකටද හසු වීමට හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුවේ.

සුබ දිනය - සෙනසුරාදා සුඛ වර්ණය - නිල් ජය අංකය 08

 

මීන

විදෙස්ගත වීමට සුබයි

ලග්නාධිපති ගුරු 12 වැන්නේද සඳු හා කුරි වැන්නේද ගමන් කරමින් පැවැතීම මෙම මාසයේ මුල් කාලය ඔබට අධික වියදම් ඇති කිරීමටද රහස් සතුරන් ඇති වීමටද තම කටයුතු පහත වැටීමටද හේතුවේ. අඳුරේ අප්‍රසිද්ධ ලෙස වාසය කරයි. නිතරම ගුප්ත විද්‍යාවලින් ප්‍රයෝජන ගැනීමට බලයි. පවුලේ සමඟිය අඩු වීමට හැකි බැවින් ඉතා ඉවසීමෙන් මෙම මාසයේ මුල් කාලය ගත කළ යුතුය. රාහු 3 වැන්නේද ශනි 11 වැන්නේද මෙම මාස පුරාවටම ගෝචරව ගමන් කිරීමත් නිසා බොහෝ අසුබපල අඩු කර සුබපල ලබාදීමට හේතුවේ. මුදල් වියදම් වීම අධික වුවද ඒ හා සමානවම මුදල් ලාභද ලැබෙනු ඇත. තම ආනුභාවය වැඩිවේ. මෙම කෙටි කාලයේදී විශේෂ දියුණුවකට මඟ පෑදෙනු ඇත. දේපළ, ගෙවල්, ඉඩම් ලැබෙන කාලයකි. භූමියෙන් ලැබෙන ලාභද මැණික් කාර්මාන්තයේ යෙදෙන අයට හදිසි ධන ලාභ ලැබීමටද හැකිය. මහලු අයගෙන් උදවු උපකාර ලැබේ. එමෙන්ම මෙම මාසයේදී අලුත් මහලු මිත්‍රයන් කිහිප දෙනෙක්ම හඳුනා ගන්නට ලැබේ. ඔවුන්ගෙන් කාලයක් යන තුරුම උදවු උපකාර ලැබෙන්නටද හැකිය. රවි හා බුධ යෝගව 9 වැන්නේ ගමන් කිරීම ඉතා සුබවේ. උසස් අධ්‍යාපනය සාර්ථකව කරගෙන යෑමට හැකිවේ. එමෙන්ම මෙම කාලයේ පවුලේ අය සමඟ දුර බැහැර ගමන් හෝ වන්දනා ගමන් යෑමට සිදුවේ. මංගල යෝජනා බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට නම් පිට පළාත් වලින් හෝ පිට ජාතියක අයගෙන් එම යෝජනා ලැබීමට හැකිය. රැකී රක්ෂා කටයුතු දියුණුවට පත් වීමත් උසස් වීම් ලැබීමත් සිදුවේ. විදෙස්ගත අයටද මෙම කාලය සුබවන අතර විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම බලාපොරොත්තු ඉෂ්ට වේ.

සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණය - රන්වන් ජය අංකය - 03

ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

ප්‍රසංග තිලකරත්න

 (05/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk