Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඡන්ම තිථියෙන් හෙළිවන වනිතා ගති ගුණ.

1 year ago 7 Min read
Subha.lk
පෑලවිය :- යම් ස්ත්රියක් පෑලවියේ උපන්නීද ඒ ස්ත්රිය සෞභාග්ය යුත් ස්වාමි කෙරේ ප්රිය වූද බොහො පුණ්ය වන්ත ද වේ. සිල්වත් වේ. බොහෝ දරු මුණුපුරන් වේ. විවිධ දැනීම් ලබන්නී වේ. දියවක:- දියවක උපන්නී බොහෝ කාන්ති යුත් උතුම් දේහ ඇති දයායුත් රජ බිසවකට සමාන වේ. යහපත් නෙත් වේ. හිසකේ පියකරුය. දහමට නැඹුරුය. තියවක:- තියවක උපන්නී ශ්රේෂ්ඨ වේ. භාග්යවත් වේ. පතිව්රතා යුක්තය. පුණ තීර්ථයේ ඇළුණු ගුණවත් දරු මුණුපුරන් ඇත්තියක් වේ. ජලවක:- ජලවක උපන්නී අනුන්ට දුගෘහි කරන තියුණු ගති යුතු වෛශ්යා වූද විනෝදකාමී විවේක රහිත වුවා වේ. විසේනිය:- විසේනිය උපන්නී බන්ධු සමූහයක් ඇති බන්ධන්ට ප්රිය සුසිල්වත් කටයුන්නේ දක්ෂ සැප සහිත අනුන්ට උපකාර කරන අපේක්ෂාවන් අඩු එකියක වේ. සටවක:- සටවකගේ උපන්නී පතිව්රතා වේ. ස්ත්රීන් අතර ප්රධාන වේ. මනුෂ්යයන්ට ප්රිය වේ. සෙම් අධික වේ. කෝපි වේ. බොහෝ වියදම් කරයි. නීතිය දනී. හීන ශරීරාංග වේ. සතවක:- සතවක උපන්නී විශාල නෙත් වේ. මනෝඥ වේ. නීතිය දනී. දෙවියන් ගුරුන් කෙරෙහි ඇලුනේ වේ. ත්යාගී වේ. නිහතමානී වේ. අටවක:- අටවක උපන්නී මස් මාංශ ප්රිය වේ. මත් පැනට ගිජු වේ. විකාර රූපී වේ. නපුරු ගත වේ. ධන හීන වේ. දයා රහිතය. භයංකර පෙනුම වේ. නවවක:- නවවක තිථියේ උපන්නී රළු වේ ගෙදර වැඩට දක්ෂ වේ. නපුරුවේ අනුන්ට වැඩකාරී වේ. විපත්නි ඇති වේ. දශවක:- දශවක උපන්නී ධර්මයේ තත්පර වේ යහපත් ගෘහයක් ලබයි. එල්බන ගෙල ඇත. සැප ලබයි.දක්ෂ වේ. දෙවියන් පුදයි. යහපත් පුත්රයන් ලබයි. විපත්ති ඇති වේ. එකොළොස්වක :- එකොළොස්වක තිථිය වන්නේද දෙවි බඹුන් පුදයි. සිල් රකියි. කටයුත්තේ දක්ෂ වේ. ශාස්ත්ර දැනී. වෙදකම් දනී. දොළොස්වක :- දොළොස්වක උපන්නී ජලාශවල ප්රීති වන්නීය. සුසිල්වත්ය. නම ගෘහයේ වසයි. විලාසිතා යුතුයි. අනුන්ගේ සුළු වැරැදි පවා විමසා බලයි. තෙළෙස්වක:- තෙළෙස්වක උපන්නී රූපවන්තයි. ධර්මයේ ඇළෙන්නී වේ. පතිව්රතාවේ යහපත් ශාස්ත්ර දනී. දක්ෂයි ඉවසන සුළුයි. සතුරන් දිනයි. තුදුස්වක:- තුදුස්වක උපන්නී කාම කලාවේ ඇලුනේ වේ. කටයුත්තේ දක්ෂයි දරුවන් හීනයි. වෛශ්යා වේ. අපිරිසිදු වේ. දුශ්ශීල වේ. නපුරුයි. පසළොස්වක :- පසළොස්වක උපන්නී සුන්දර වේ. ගුණවත් වේ. ලජ්ජා සහිතයි. පතිවත රකී. සුන්දර දරුවන් ලබයි. කලාව දනී. විශාල තේත්ර වේ. මුඛ්ය අලංකාර වේ. අමාවක :- මනෝඥ මුඛය වේ. දේව භක්තිය ඇත. ස්වාමියාට ප්රියයි. චතුර වේ. දක්ෂ වේ. අණදීමට සමත්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk