Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සහෝදර රේඛා සහ මහා ත්රිකෝණය

1 year ago 7 Min read
Subha.lk
කෙනෙකුගේ පවුල් ජීවිතය ගැන විමසීමක් කිරීමේදී සහෝදර සහෝදරියන් ගැනත් විමසන්නට අමතක කරන්නෙ නැහැ. සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිටියිද, ඔවුන් කුමන තත්ත්වයේ අයද ඔවුන්ගෙන් ඒ අයට උදව් ලැබෙනවාද මේ ආදී වශයෙන් තම තමන්ගේ සහෝදර සහෝදරියන් ගැන තොරතුරු දැන ගන්න අපි මොන තරම් ආසයිද. එහෙම නම් කෙනෙකුගේ අත බලල කෙනෙකුගේ සහෝදර සහෝදරයින් ගණන දැනගන්න පුළුවන් නම් මොන තරම් වටිනවද කියල ඔබටත් හිතෙනවා ඇති. ඒ පිළිබඳව දැණුමක් ලබා දෙන්නයි අද අපේ උත්සාහය. සිකුරු මණ්ඩලයෙන් පහල මහපටඟිල්ලත් මැණික් කටුව ප්රදේශයන් අතරයි සහෝදර රේඛා පිහිටා තියෙන්නේ මේ සමග පලවන රූපසටහනින් එම රේඛාවල සාමාන්ය පිහිටීම බලාගත හැකිවේවි. එහි දික්වෙන දීර්ඝ සෘජු රේඛාවලින් සහෝදරයන්ගේ ගණනත් කෙටි වු හෝ ඇදසවු රේඛාවලින් සහෝදරියන් ගේ ගණනත් දැනගත හැකි වෙයි. අන් රාශියක් බලා අත්දැකීම් ලැබූ විට කෙනෙකුගේ සහෝදර සහෝදරයන්ගේ ගණන හරියටම කියන්න ඔබටත් හැකි වේවි. හස්ත රේඛා ශාස්ත්රය අනුව සහෝදර සහෝදරයින්ගේ නිවැරැදි තොරතුරු කියන ආකාරය ගැන මේ වනතුරු විධිමත් පර්යේෂණ කර නැති නිසා අපි වඩාත්ම විමසිලිමත් විය යුතුයි. මුලින් සඳහන් කල අන්දමට සහෝදරයින් වෙනුවෙන් වැටී ඇති රේඛා වලින් වඩාත්ම පළල්ව පිහිටා ඇති ගැඹුරු රේඛාවලින් උසස්ම දියුණුවක් ලබන සොහොයුරන් ගැන ප්රකාශ වෙයි. සහෝදරියන් ගැන කියැවෙන රේඛාවලින් වඩාත්ම කැපී පෙනෙන රේඛා වැටෙනු ඇත්තේ උසස්ම දියුණුවක් ලබන සොහොයුරියන් වෙනුවෙනුයි. ඒ වගේම ත්රීශූල ලක්ෂණයකින් අවසන් වූ සහෝදර රේඛාවලින්ද උසස් දියුණුවක් ලබන සහෝදර සහෝදරියන් හඳුනා ගත හැකිවෙයි. සහෝදර රේඛා අතරින් උසින් හා මහතින් වැඩි රේඛා වැටෙනු ඇත්තේ තමන්ට උදව් උපකාර ලබාගත හැකි සහෝදර සහෝදරියන් වෙනුවෙනුයි. කිසිම උදව්වක් ලබාගත නොහැකි සහෝදර සහෝදරයින් වෙනුවෙන් දුර්වර්ණ වූ කෙටි රේඛා වැටෙන බව මතක තබාගත යුතුයි. එක කුස උපන් තමන්ගේම සහෝදර සහෝදරයින් මරා ගන්නා අයත් අප අතර ඉන්නා බව රහසක් නොවේ. තැනින් තැන කැඩුනු කලුපාට සහෝදර රේඛාවලින් ඒ වගේ දේවදත්ත වැනි සහෝදරයින් පෙන්නුම් කරයි. කෙටි රේඛාවලින් කැපී ගිය හෝ දෙකඩ වී ගිය සහෝදර රේඛාවලින් එවැනි රේඛා වැටීමට පුළුවන. එකට ඒකාබද්ධ වූ හෝ තරු ලක්ෂණයකින් ආරම්භ වූ සහෝදර රේඛාවලින් බොහෝවිට පෙන්නුම් කරන්නේ නිවුන් සහෝදර සහෝදරයින් ගැනයි. මහා ත්රිකෝණය : මහා ත්රිකෝණය හැදෙන්නේ එක පැත්තකින් ජීවන රේඛාවත් අනෙක් පැත්තෙන් ශීර්ෂ රේඛාවන් තවත් පැත්තකින් සුඛ රේඛාවෙනුත් මායිම් වූ ඒකාබද්ධ වීමෙනුයි. අත්ල මැද්දේ පිහිටන මේ මහා ත්රිකෝණය කලින් විස්තර කරදී ඇති කුජතලාවට බොහෝ විට සමානයි වගේ පෙනුනත් ඔය දෙකේ විශාල වෙනසක් තියෙන බව අමතක නොකල යුතුය. සමහර අයගේ අත්වල සුඛ රේඛාව පිහිටල නොතිබෙන්නට පුළුවන් එවැනි අවස්ථාවක කීර්ති රේඛාව පිහිටන තියෙනව නම් එය ඒ පැන්නට මායිම් වශයෙන් සැලකීමට පුළුවන අත්ලේ විශාල ප්රදේශයක් පුරා පැතිර පවතින මහා ත්රිකෝණයක් පිහිටීම වඩාත්ම වාසානාවන්ත පිහිටීමක් වෙයි. මනා ශරීර ශක්තියක් ඇති වීමට වගේම ප්රගතිශීලී අදහස් මනසේ ඇතිවීමටත් එය හේතු වේ. ජීවන, ශීර්ෂ, හෘදය රේඛාව යන රේඛා තුනම රෝස පැහැයෙන් යුක්ත වන අත මහ ත්රිකෝණයට අයත් වන ප්රදේශයත් ලාරෝස පැහැයෙන් යුක්ත වීමත් භාග්යමත් පිහිටීමක් වෙයි. නින්දිත ගති පැවතුම් ඇතිවන නිසා මෙම මහා ත්රිකෝණය ඉතා කුඩාවීම සුභදායක නොවේ. බාධක රේඛාවලින් ව්යාකූල නොවී මනාව පිහිටා ඇති මහා ත්රිකෝණය නිසා එයට සම්බන්ධ වන්නා වූ ජීවන රේඛා සහ සුඛ රේඛාව බලයද වර්ධනය වෙයි. කැඩි බිදී ගිය ජීවන ශීර්ෂ සුඛ රේඛාවන්ගෙන් නිර්මාණය වන මහා ත්රිකෝණය අශුභ පිහිටීමකි. එවැනි සලකුණු ඇති අය ආත්මාර්ථකාමී පුද්ගලයින් වන අතර ඔවුහු දූෂිත චරිත ඇත්තෝද වෙති. මහා ත්රිකෝණයට සීමා වන අල්ලේ මැද ප්රදේශය (කුජතලාම) වල ගැසී තිබීම පුද්ගලයා කුසීත අයෙක් බව ප්රකට වෙයි. මහා ත්රිකෝණය තුළ දිස්වෙන කුඩා ත්රිකෝණයක සලකුණ වාසනාවන්තය. රජයේ සේවයේ උසස් තනතුරු ලැබීමට මෙය හේතුවෙයි. මහ ත්රිකෝණය තුළ රතු පැහැති ලප පිහිටීම රුධිර රෝගවලට සහ සිරුරේ හෝමෝන සමතුලිතතාවය බිඳ වැටී ඇති බවට සලකුණකි. කාන්තාවකගේ නම් දරු ගැබක පිහිටීම මෙම ලක්ෂණය දැකිය හැකිවෙයි. මහ ත්රිකෝණය තුළ සුදු පැහැ ලප පිහිටීම බිඳ වැටුන සෞඛ්ය පෙන්නුම් කරයි. සෙම් රෝග හා කාන්තාවක් නම් විවිධාකාර කාන්තා රෝගද වැලඳිය හැකි බව කියැවේ. එමෙන්ම මහා ත්රිකෝණය මත කළුලප බෙහෙවින්ම අශුභභඵල ගෙන දෙයි නෂ්ඨ කාම රෝග, දරුඵල හීන වීම, ඌෂ්ණ රෝග ආදී විවිධ ලිංගික රෝගාබාධ ඇති බවට කළුලප සලකුණක් විය හැකි බැවින් මහා ත්රිකෝණය තුළ පවතින ලප කැලල් පිළිබඳවද නිරත්තරයෙන් පරික්ෂාකාරී විය යුතුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk