Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සඳු බලවත් කාන්තාවන්ට සුබ ආරංචියක්..

1 year ago 7 Min read
Subha.lk
සඳු යනු හඳහනක සඳහන් චන්ද්රයාය. රවි පීතෘකාරක ග්රහයා වන අතර සඳු මාතෘකාරක ග්රහයාය. සඳු උච්ච වීම, ස්වක්ෂේත්ර වීම, මිත්ර රාශි ගතවීම යහපත්ය. හිරු මෙන්ම අනෙකුත් ග්රහයන්ගේ කිරණද ඇදගෙන පොළොව වටා යමින් පොළොවට බලය ශක්තිය කාවද්දන්නේ සඳුය. එහෙයින් සඳු තාරා පැවයක් බඳු යැයි ජ්යොතිෂ විශාරද හේමසිරි කුමාරණතුංග මැතිඳුන් ප්රකාශ කරයි. එහි වටිනා සන්යක් ඇති බව අප වටහා ගත යුතුය. පොළොවේ පවතින සෑම දෙයක්ම වෙනස් කරනු ලබන්නේ සඳුය මිනිසාගේ සිතට, සිතිවිලි වලට, ශබ්දයට, භාෂාවට හදවතට අධිපති වන්නේද සඳුය. ගංගා ඇළ දොළ ගලා බැසීම විවිධ වර්ගයේ මල්ගොමු ඇතිවීම කොඳ මල් වැනි සුගන්ධවත් මල් හට ගැනීම සිදු වන්නේ ද සඳුගේ ආකර්ෂණයෙනි ඒ වාගේම දරු පිළිසිඳ ගැනීම් සිදු වන්නේ ද සඳුගේ බලයෙනි. සඳු දුර්වල වූ විට සෙම් රෝග, සෑදීමද සිදු විය හැකිය. කාන්තා හඳහනක සඳු බලවත්වීම ඉතා යහපත් පිහිටීමකි. ආලෝක ග්රහයකු නිසා සඳු බලවත් වීම කාන්තාව ද බලවත් කරන හොඳ පිහිටීමකි. හදහනක 14.7, 10.9.11 යහපත් ස්ථානයන්ය. මෙම ස්ථානයක සඳු බලවත්ව පිහිටීම කුළීර යෝගයයි. ඉගෙනීම, විවාහය, ධනය, බලය මෙන්ම සිතූ පැතූ සම්පත් දෙන යෙදුමකි. ස්වාමියාගෙන් ප්රශංසා ලබන්නියකි. යහපත් දරුවන් ලබන්නියකි. සඳු රාහු සමඟ සම්බන්ධ වී සිටීම හොඳ මදි. රාහු සමග සම්බන්ධ වී සතුරු රාශි ගතව හෝ නීචවීම භයානක පිහිටීමකි. මේ අය විශේෂ ශාන්ති කර්ම කර ගත යුතුව ඇත. ආරාවුල් එක දිගට එයි තම මවටද එතරම් හොඳ පිහිටීමක් නොවේ. එම කාන්තාව ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් වැඩකළ යුතුව ඇත. සඳු නම පරම හතුරු ග්රහයා වන ශනි සමග යෝග වීම උත්පත්තියේ සිටීම ලැබූ ඒරාෂ්ටක අපලයකි. හිත් බිඳීම වෙන්වීම් වැඩ ප්රමාද වීම් මේ තුළින් සිදුවිය හැකිය. එම නිසා විවාහයේදී පොරොන්දම් ගැළපීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සඳු බලවත් රාශියක සිටිය යුතුයි. සඳු සිටින රාශිය අධිපතියා හා අනිත් හඳහනේ සඳු සිටින රාශියේ අධිපතියා මිත්ර විය යුතුය. විවාහයේදී සඳු බලවත් කර නැකැත් ගොඩ නගන්නේ යම්කිසි සිද්ධාන්තයක් උඩය. කාන්තාව යනු ගෙදරක ශ්රියා කාන්තාවයි. ලස්සන ගෙදර ලස්සන කාන්තාව එකක්මය කතා කරන වචන හැසිරෙන ආකාරය පිරිසුදු කම මත ඇයගේ අනාගතය තීරණය කරනු ලබයි. පුර සඳු බලවන් කාන්තාවන් ඇත්තෙන්ම ශ්රියා කාන්තාවන් ලෙස සැලකීම යුක්ති අවපස සඳු දුර්වල වී අට - දොළහ අධිපතියාද වී රාහු ශනි සමඟ සංයෝග වී අසුබ දෘෂ්ටි හෙළීම අයහපත්ය. මෙම කාන්තාවකගේ සියලු සිතුම් පැතුම් බිඳ වැටේ. එම නිසා මෙම ග්රහ පිහිටීම ඇති කාන්තාව බුද්ධිත්ව ඉවසීමෙන් සිතා මතා කටයුතු කළ යුතුව ඇත. මෙම අපල මගහරවා ගත හැකිය. සමන් දෙවිඳුන්ගෙන් පිහිට ඉල්ලා භාර වීම චන්ද මණ්ඩල යන්ත්රය හෝ රතන යන්ත්රය ජීවම්කර පැලඳීම. මුතු කැටයක් ඇල්ලූ මුද්දක් අභිසම්භිදාන පිරිතෙන් ජීවම්කර පැලඳිය යුතුය. සඳු සමඟ කුජ යෝග වීම සඳු සප්තවම කුජ පිහිටීම වටිනා පිහිටීමකි. එම යෙදීම කාන්තාව පමණක් නොව ස්වාමියා දරුවන් සියලු දෙනාම බලවන් කරන ග්රහ පිහිටීමකි. සඳු බලවත් නොවේ නම් අවශ්ය ශාන්තිකර්ම කරගැනීමෙන් යහපත උදාකරගත හැකිය. රෝගය දැනගත් වෛද්යවරයා රෝග නිධානය සොයා ප්රතිකාර කර රෝගය සුවකරයි. දෛවඥ මහත්ම හෝ මහත්මිය විසින් සිදුකරන්නේද සිදු කළ යුත්තේද එයමය අසුබ යෝග දුටු සැණින් බියවද්දා, මුදල් කඩා ගන්නවාට වඩා එය පැහැදිලි කරදී අවශ්ය ශාන්තිකර්ම කරදි ඇයගේ බලය දියුණු කරදීම ජ්යොතිෂඥයාගේ පරම පවිත්ර චේතනාව විය යුතුයි. සඳු බලවත්ව හෝ දුබල හෝ වේවා ප්රතිපත්ති ගරුක වී ආගම සිහි කරමින් වැඩිහිටියන්ට ගරු කරමින් වැඩිහිටි අවවාද පිළිගනිමින් ජීවත්වන කාන්තාව සැබෑ දෙව්දුවකි. ගෙරදට ශ්රියාවකි. ශ්රියාකාන්තාවකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk