Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආයුෂ කෙටි කරන තනි පලයේ වහල

1 year ago 7 Min read
Subha.lk
80 දශකයේ අපේ රටේ ඉතාමත් ජනප්රිය වහල රටාවක් ලෙස ඇමෙරිකන් වහලය ජනප්රිය වුණා. එය පසු කාලීනව සමාජයෙන් බැහැර වුවද නූතනයේ නැවැත වතාවක් නිවාස ඉදිකිරීමේදී ගෘහ නිර්මාණ ශිල්පීන් යොදාගන්නා බව පෙනී යනවා. විශේෂයෙන්ම දැව් භාවිතය අවම කොට යකඩ භාවිත කර නූතනයේදී සැකැසෙන මෙම වහල රටාව පිළිබඳ වාස්තු ශිල්පයට අනුකූලව ඔබ දැනුම්වත් කරමු. ගෘහයකට යොදන වහලය එම ගෘහයේ ප්රධාන ගෘහ අංගයක් ලෙස වාස්තුවේ සඳහන් වෙනවා වහලය කෙතරම් වැදගත්ද කිවහොත් වහලක් නොමැති නම් ගෘහයක් ලෙස හැඳින්වීමට පවා නොහැකි බව සඳහන් වෙනවා. නූතනයේ බොහෝ පිරිස් වහලය වෙනුවට කොන්ක්රීට් ස්ලැබ් එකෙන් තමන්ගේ ගෘහය අවසන් කිරීමට අදහස් කරනවා. එය ඉතා වැරැදි තීරණයක් බව පෙන්වා දීමට කැමැතියි. විශේෂයෙන් මැද පෙරදිග රටවල ගොඩ නඟා ඇති ගෘහ ආදර්ශයට ගෙන මේ ආකාරයට ස්ලැබ් යෙදීම දක්නට පුළුවන් වහලයක් නොමැති නිවෙසකට විශ්ව ශක්තිය කාන්දු වීම ඉතාමත් දුර්වල වෙනවා. වහලයක් සැලැසුම් කිරීමේදී එය කළ යුත්තේ සැම විටම එම ගෘහයට විශ්ව ශක්තිය උරා ගැනීමට අවශ්ය හැඩතල එක් කිරීමටයි. මෙහිදී කිසිම විටෙක තනි පලයේ වහල නිවෙස සඳහා යොදා නොගත යුතු බව වාස්තුවේ සඳහන්ව පවතිනවා. මෙම තනි පලයේ වහලය සඳහා හොඳම නිදසුන ඇමෙරිකන් වහලයයි. මෙය වාස්තු ශිල්පය අනුව ඉතාමත් දෝෂ සහගත වහලයක් ලෙස හඳුන්වා දිය හැකිය. මීට අමතරව මෙම වහල වල තවත් විශේෂ දෝෂයක් මතුකර දෙන බව පැවැසිය හැකිය. සමහර ඇමෙරිකන් වහල වල ජල බැස්ම වහලය මැදට වන ලෙස සකස් වී තිබෙන අතර තවත් වහල වල එක් දිශාවකට උල් හැඩ නව යොමු වී තිබේනවා. මේ ආකාරයටම යොදන ඇමෙරිකන් පැටන් වහලය සෑම විටම තනි පලයේ සහ දෝෂ බහුල වහලක් ලෙස ක්රියාත්මක වන බව පෙන්වා දිය හැකිය. ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිවාස සැලැසුම් හැඩතල සකස් කිරීමේදී සෑම විටම වාස්තු ශිල්පයට ගැළපෙන හැඩතල යොදා ගැනීමට ඔහු දැනුම්වත් කළ යුතු අතර එසේ නොමැති වූ විට එවැනි නිවාසවල බලවත් වන දෝෂ වල ප්රතිඵල ගෘහ වාසීන්ට මෙන්ම එය සැලැසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පීන්ටද අඩු වැඩි වශයෙන් දැනෙනු ඇත. තනි පලයේ වහලයක් යෙදීම නිසා නිවැසියන්ට සිදුවන අයහපත් බලපෑම් මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමේදී පහත සඳහන් අයහපත් දෑ බහුල විය හැකිය. 1.නිවාස සෑදීම ප්රමාද වීම. 2.මූල්ය නාස්තිය බහුල වීම. 3.කෙටි කලකින් නිවෙස හැර යෑම. 4.ගෘහයේ ජීවී ගුණය හීන වීම මානසික පීඩනය බහුල වීම. තනි පලයේ වහල සහිත ගෘහයන් තුළට විශ්ව ශක්තිය කාන්දු වීම ඉතාමත් දුර්වල බැවින් එම ගෘහයන් සොබාදහමින් ඈත් වූ නිවාස ලෙස හඳුන්වා දිය හැකි අතර ඔබගේ ගෘහය සෑම විටම සොබාදහමත් සමඟ බැඳුණු ගෘහයක් බවට පන්කර ගැනීමට ඇවැසි වාස්තු ශිල්පීය මූලධර්ම සමඟ ගොඩනඟා ගැනීමට බුද්ධිමත් විය යුතුය. තනි පලයේ වහල යෙදිය හැකි අවස්ථා කිහිපයක් පවතිනවා. 1.සතුන්ගේ නිවාස, 2.ගබඩා ආදී තාවකාලික ගොඩනැඟිලි, එසේ නම් ඔබගේ ගෘහය සඳහා එවැනි වහලවල් නුසුදුසු බව මතක නබාගත යුතුයි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk