Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගැබිනි මවක් සිටින විට නිවාස සෑදීම අසුබද?

1 year ago 7 Min read
Subha.lk
තම බිරිඳ හෝ දියණියක හෝ ලේලියක හෝ ගර්භණීව සිටින විට නිවාස සෑදීමට අසුබ දැයි බොහෝ දෙනා විමසති. ගැබිනි මව රටට සම්පතකි. නිවසට වාසනාවකි. එවැනි වාසනාවන්ත සම්පතක් මෙසේ නිවසේ සිටියදී නිවාස සෑදීම අසුබයි. තීරණය කරන්නේ කෙසේ ද? මේ ගැන මදක් විමසා බැලිය යුතුය. දරුවකු බලාපොරොත්තු වන කාන්තාවක් තම නිවසේ සිටියදී එම ඉඩමේ වෙනත් තැනක හෝ මොනයම් ඉඩමක හෝ නිවසක් තැනීමට ආරම්භ කිරීම, ආරම්භ කළ නිවසක වැඩ කටයුතු දිගටම කරගෙන යැමේ කිසිදු ශෙෂයක් නොමැත. එම වැඩ කටයුතු කරගෙන යැමෙන් එම මවට හෝ උපදින්නට සිටින දරුවාට හෝ කිසිම හානියක් නැත. ගැබිනි මව පදිංචි වී සිටින නිවසට අලුත් කොටස් ගැනීම, සමහර කොටස් කඩා ඉවත් කර, අලුත් වැඩියා කිරීම, ඉතිරි වී තිබෙන වැඩ කොටස් සම්පූර්ණ කිරීමට යැම සුදුසු නැත. නිවසක් තැනීම සඳහා ගනු ලබන කලු ගල්, ගඩොල්, වැලි, හුණු, සිමෙන්ති ආදියෙන් ඉතා අධික වශයෙන් දූවිලි පිට වේ. එම දුවිලි සහිත වාතය පිරිසිදු නැත. එම අපිරිසිදු වානය පාශ්වාස කිරීම් මවට හානිදායකය. කුස තුළ සිටින දරුවාට ද අහිත කරය.එසේම නිවසක් සාදන තැන කලබලකාරීය. වාහන වලින් කලුගල් ගඩොල් බෑම, කොන්ක්රීට් මිශ්ර කිරීම බිත්ති කැඩීම, වහලය ගැසීම ආදී අවස්ථාවලදී අධික ශබ්ද පිට වේ. එම ශබ්දය මවට වඩා කුස තුළ සිටින දරුවාට හානි කරය. මේ බව අවබෝධ කර ගැනීමට ජෝතිෂ්ය විද්යාව පිළිබඳ දැනීමක් ලබා ගැනීම අවශ්ය නැත. සාමාන්ය දැනුමැති වැඩිහිටියකුට මෙය අවබෝධ වේ. වෛද්ය විද්යාව අනුව ද ඉහත කරුණු තහවුරු වේ. ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්ව පිරිසිදු වාතාශ්රය ඇති තැනක වාසය කිරීම ගැබිනි මවකට ඉතා හිතකරය. යම්කිසි කරුණක් පිළිබඳ විමසිලිමත්ව නොසිතන සමහරු තම බිරිඳ ගැබ්ගත් විගස තනාගෙන යන නිවසේ වැඩ නතර කරති. තම අත තිබෙන මුදල් හෝ බැංකු ණයකින් ගත් මුදල් හෝ වෙන කරුණක් සඳහා තමා නොදැනුවත්ම වියදම් වේ. මෙවැනි ගැටලු අවස්ථාවලදී අත්දැකීම් බහුල වැඩිහිටියකුගේ හෝ පළපුරුදු ජොතිර්වේදියකුගෙන් හෝ අවශ්ය උපදෙස් ලබා ගෙන කටයුතු කරන්නේ නම්, ප්රශ්න විසදා ගත හැකිය. බිරිඳ ගැබ්ගෙන සිටින අවස්ථාවේදී තම නිවස අලුත්වැඩියා කිරීමට හෝ ඉතිරි වැඩ කොටස් සම්පූර්ණ කිරීමට හෝ අවශ්ය නම් මාස කීපයකට ඇය, ඇය මවගේ ගෙදරට යවා නිවසේ වැඩ කටයුතු කරගෙන යා හැකිය. එයින් කිසිම දොෂයක් සිදු නොවේ. ගැබ්ගත් බිරිඳ පදිංචිව සිටින නිවසේ පිටත තැනක නිවස ඉදිකරන්නේ නම්, කිසිම ප්රශ්නයක් පැන නොනගිනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk